දේශීය පුවත්ප්‍රධාන පුවත්

යළි පිඹිදෙන සංචාරක කර්මාන්තය

කලකට පසු සීගිරිය නැරඹීම සඳහා දිනකට විදේශීය සංචාරකයන් 15-20 විස්සත් අතර ප්‍රමාණයක් මේ දිනවල පැමිණෙමින් සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා ඊයේ (29දා) දින පැවසීය.

විශේෂයෙන් ඉන්දියාව මෙන්ම යුරෝපීය රටවල් වල සංචාරකයන් මේ දිනවල සීගිරියට පැමිණෙමින් සිටින බව සීගිරි සංචාරක මග මග පෙන්වනනෝ පවසති.

අද පෙරවරුවේ යුරෝපීය රටවල් වලින් වැඩි සංචාරකයන් යුගල් වශයෙන් සහ තනි වශයෙන් පැමිණෙමින් සිටින ආකාරයත් ඔවුන් මෙරට පැමිණ වර්තමාන සංචාරක තත්ත්වය පිළිබඳව සොයා බලා ඔවුන්ගේ පවුල්වල සහ රටේ අනෙකුත් අයට දැනුම් දීම් සිදු කරන බවද පවසයි.

මෙදින සීගිරියට පැමිණ සිටි ජර්මන් ජාතික සංචාරකයින් පිරිසක් කියා සිටියේ මෙරට සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිතව සංචාරය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බවය.

සංචාරක ව්‍යාපාරය හෝටල් මෙන්ම අනෙකුත් ස්ථාන ද සෞඛ්‍යාරක්ෂිතව පවතින බවත් ඉතා ලස්සන ලංකාව සංචාරය කිරීම සඳහා පැමිණෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ඔවුහු පවසති.

සංචාරක මගපෙන්වන්නන් කියා සිටියේ මාස ගණනාවකට පසුව තම රැකියාව සිදු කරගැනීම සඳහා හැකියාව පවතින බවත් රජය ලබාදුන් තීන්දු තීරණ නිසා සංචාරක ව්‍යාපාරය ඉදිරියේ දී සාර්ථක වනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි.

සීගිරි පව්ව නැරඹීම් සඳහා විදේශීය සංචාරකයන්ගෙන් අයකරන මුදල පිළිබඳව රජයේ අවධානය යොමු කළ යුතු බව සංචාරක මග පෙන්වන්නෝ කියා සිටින අතර එක් සංචාරකයෙකුට සීගිරිය නැරඹීමට සඳහා රුපියල් 6000ක පමණ මුදලක් ලබා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

පසුගිය දිනක කිහිපයේම සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන් දිනකට පහළොවක් 25 ත් ඇතැම් දී දින දිනවල 30 ත් 35 ත් අතර ප්‍ර ප්‍රමාණයක් පැමිණ ඇති බව ධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක නිලධාරීහු පවසති.

සංචාරකයන් සඳහා සියලු පහසුකම් සපයාදීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල ඒ සේවකයන් දැඩි වෙහෙසක් දරමින් එම ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යන අතර පිරිසිදු කිරීම් ආදී සියල්ල සිදු කොට ඇති බව ව්‍යාපෘති කළමනාකාර උපුල් නිශාන්ත මහතා සඳහන් කළේය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x