ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

යොහානිගේ අලුත්ම එකත් ට්‍රෙන්ඩිං අංක එකට

මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ඉන්දියාව ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් යොහානි විසින් බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රථමවරට ගායනා කළ තේමා ගීතය යූටියුබ් හි ට්‍රෙන්ඩිං අංක එකට පත්ව තිබේ. ඒ, ෂිද්දත් (Shiddat)’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ කාන්තා අනුවාදනය(Female Version)ය වේ.

එම ගීතය යූටියුබ් වෙබ් අඩවියට එක්කර පැය 12ක් තුළ නැරඹුම්වාර මිලියනය පසු කිරීම විශේෂත්වයකි. Yohani – Shiddat Title Track (Official Female Version) | Manan Bhardwaj ගීතය මේ වන විට නරඹා ඇති සංඛ්‍යාව 1,871,804ක් වේ. මේ අතර යොහානි විසින් ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය යොහානි වෙනුවෙන් විශේෂ කේක් ගෙඩියක් කපමින් සුභාශිංශන පළ කිරීමට පියවර ගෙන තිබිණ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ යොහානිගේ සාර්ථකත්වය වෙනුවෙන් ලංකාවේ කිසිදු ජ්‍යෙෂ්ඨ කලාකරුවකු ‌හෝ සුබ පැතුම් එක්කොට නොතිබියදී ගුවන් සේවක කාර්ය මණ්ඩලය ඒ සදහා මූලිකත්වය ගෙන තිබීමය. යොහානිගේ මවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවය කරන්නියකි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x