ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ස්කොලෙ ගියේ ගඟෙන් එගොඩ වෙලා – සුපර් ස්ටාර් ගියේ බැන්දට පස්සේ

මම ආදරෙයි, සාගරේ තරම් – ජීවිතේ පුද දෙන්න තරම්, මීට සතියකට දෙකකට කලින් යූ ටියුබ් නාලිකාවට එකතුවූ මේ අලුත්ම සුභාවිත ගීතය ගැයෙන්නේ අමිලා නදීශානි ශිල්පිනියගේ හඬිනි. කලකට පසු ඇගේ හඬින් ඇසුණු මේ මියුරු ගීතය නිසාම අමිලා නදීශානීගේ වංහුං සොයා බැලිය යුතුයැයි සිතිණි.

කොවිඩ් – 19 නිරෝධායන ඇඳිරි නීතිය නිසා පැලවත්තේ පිහිටි කංකා ෂොප් හෙවත් අමිලා නදීශානිගේ සාරි ප්‍රදර්ශනාගාරය වසා දමා ඇති මොහොතක, අමිලා ඇගේ අලුත්ම ගීතය ගැන හඬ අවදි කළේ ඇගේ සුන්දර නිවසේ සිටය.

කාලෙකට පස්සෙ ඔබ හිතට දැනෙන ගීතයක් ගයනවා. කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නෙ? මම ඇගෙන් ඇසීමි.
කාලෙකට කලින් දවසක සම්පත් බණ්ඩාර කියලා කෙනෙක් මට කෝල් කළා. එයා අතින් ලස්සන ගීතයක් ලියවුණා ඒක හරියන්නෙ මගේ කටහඬට කියලා සම්පත් කිව්වා. ඊට පස්සෙ එයාම කිව්වා මේ ගීතය මං හමුවෙලාම දෙන්න ඕනෑ කියලා. සාමාන්‍යයෙන් මට ගීත රාශියක් ලැබෙනවා. මං එතකොට කියන්නෙ තැපෑලෙන් හරි වට්ස් ඇප් හරි එවන්න කියලා. ඒත් සම්පත් අයියට මට එහෙම කියන්න හිතුණෙ නැහැ. මම ඒ නිසා එයාගෙ යෝජනාවට හා කිව්වා.

ඊට පස්සෙ දවසක එයා මට කතා කරලා කිව්වා ඉන්නෙ කොළඹ කියලා මාව හමුවෙන්නෙ කොහොමද කියලා. පස්සෙ මම කිව්වෙ මගේ සාරි ප්‍රදර්ශනාගාරයට එන්න කියලා. ඉතින් සම්පත් ඇවිත් මේ පද රචනය මට දුන්නා. මං කියවල බැලුවාම ඒක ලස්සන පදමාලාවක් කියන එක මට තේරුණා. අපි ඕක දර්ශන වික්‍රමතුංගට කියලා සංගීතවත් කර ගනිමු කියලා සම්පත්ම යෝජනා කළා.
දර්ශන කියන්නෙ අලුත් පරපුරේ බොහොම දක්ෂ සංගීතඥයෙක් බව මම දැනන් හිටියා. ඉතින් පස්සෙ දවසක මම දර්ශනව මුණ ගැහිලා ඒ ගී පදමාලාව එයාට දුන්නා. දර්ශන අතින් නිර්මාණය වෙන්නෙ බොහොම ලස්සන ගීතයක්. ඇත්තටම මේ ගීතය මට ලැබුණු තෑග්ගක් කියලයි මට හිතෙන්නෙ.

ආදර ගීතයක් නිසා මේකට ආදර තෑග්ගක් කියලම කියන්නත් පුළුවන් නේද? මා ඇසූ විට අමිලා සිනාසී ඔව් යැයි කීවාය. ඇත්තෙන්ම මං ගායනා කරල තියෙන සුභාවිත ගීත ඔක්කොම වගේ මට ලැබුණු තෑගි කියන්න පුළුවන්.  අමිලා යළි කීවාය.

මොනවද ඉතින් ඒ තෑගි? මම ඇගේ මුහුණ බලමි. ලකී දේවා ලියපු ආසයි ළඟින් ඉන්න ඔබ දන්නවාද මම මේ රෑ පායන්න එපා
වගේ ගීත. මේ ගීත හුඟාක් ජනප්‍රියත්වයට පත් වුණා. අමිලා නදීශානි ගී ගයන්නට මෙන්ම ලියන්නටද හපනියකි. ‘බල කරළිය’ නමින් ඇය නවකතාවක් රචනා කළේ මීට දෙතුන් වසරකට පෙරාතුවය. ඉතින් ඇයට ගීත ලිවීමටද හැකියාවක් තිබිය යුතුය.

ඔයා ගීත ලියල නැද්ද නදීශානි? මම ඇසීමි. ඔයාට කියන්න, ඊළඟට රිලීස් වෙන්නෙ මං ලියපු ගීතයක්. අමිලා සිනාවකින් මුව සරසා ගත්තාය. ඒක ඈත එපිට වන්නියෙ පෙම්වතියකගේ අත්දැකීමක්. ඇගේ ප්‍රේමවන්තයා කොළඹ එනවා රැකියාවකට. අන්න එතකොට මේ හුදෙකලා පෙම්වතිය කියන කතාව තමා ඒ ගීතයට ඇතුළත් වෙන්නෙ.

කුරහන් හේනට – නිල් වෙල්යායට – එළිය වැටෙනවා – රන් වැලි සෑයට – කොළඹට වැදිලා – මා මග හැරලා – වසරක් ගෙවිලා –
මේ පුර පෝයට මං හිතනවා මේ සිංදුව බොහෝම ලස්සන එකක් වේවි කියලා. මේ වෙද්දි හර්ෂණ දිසානායක සංගීත නිර්මාණයත් කරල ඉවරයි.

ඒ කියන්නෙ ළඟදිම මේ ගීතයත් අපට අහන්න ලැබෙයි? එහෙම තමා හිතාන ඉන්නෙ. මේ දවස්වල ෂොප් එකත් වහලා. සංගීත ප්‍රසංගත් නෑ. අතේ සල්ලි රැඳෙන්නෙ නැතිවුණත් පුළුවන් තරම් ඉක්මණට මේ ගීතයත් රිලීස් කරන්න තමා කල්පනාව. ගායිකාවක, ගීත රචිකාවක, නවකතා කාරියක ලෙස කලාලොවේ රැඳෙන අමිලා නදීශානිද මේ කලා හැකියාවට අත් පොත් තබන්නට ඇත්තේ පාසැලෙන් විය යුතුය.

මේ හැම හැකියාවකම තිඹිරිගෙය පාසල වෙන්න ඇති. එහෙම නේද? මම අමිලාගේ මුහුණ බලමි.

ඇත්තටම. මම පාසලේ බාහිර වැඩ හැම එකටම සම්බන්ධ වුණ ළමයෙක්. අනෙක් ළමයි බැහැ කියලා පස්ස ග-හ-ද්දි මම ඉදිරිපත් වෙලා බැහැයි කියන ළමයින්වත් ඉස්සරහට ගත්තු ළමයෙක්. ක්‍රීඩා වේවා, වි-වා-ද තරග වේවා, සාහිත්‍ය තරග වේවා, ගායන තරඟ වේවා හැම දේකටම මං ඉදිරිපත් වෙනවා.

මට මතකයි මීටර් 800 දුවලා සමස්ත ලංකා දෙවැනි තැනටත් මං තේරුණා. විවාද කණ්ඩායමේ නායිකාව විදිහට හොඳ කථිකත්වයක් මට තිබුණා. පද්‍ය රචනා වගේම ගායනා තරගවලටත් ඉදිරිපත්වෙලා ගත්ත සහතික සම්මාන මහා ගොඩක් ගෙදර තියෙනවා. දහම් පාසලේ වගේම යෞවන සමාජයෙත් මම කැපී පෙනෙන චරිතයක්. අපේ ගමට ලයිට් නැති කාලෙ වෙසක් එකට අපි තොරණකුත් හැදුවා.

යු-ද්ධ කාලෙදි යු-ද්දෙ නතර කරන්න කියලා සුළඟ අතේ හිරු දෙවියාට යවපු සංදේශයට ආනන්ද පද්ම උත්සවේදි මට සම්මානයක් ලැබුණා. ඒ ඔක්කොම සුන්දර මතක.

මං දන්න විදිහට ඔයාගෙ ගම් පළාත රත්නපුරේ. අමිලා කී කතා අනුව ඇගේ ගම් පළාත් ගැනත් ළමා වියේ ජීවිතය ගැනත් දැනගැනීමේ කු-හු-ල නිසා ඇසීමි. කිරි ඇල්ලෙ අපේ ගමේ ඉඳලා ස්කෝලෙට යන්න ඕනෑ කළු ගඟෙන් එතෙර වෙලා. ඒ කාලෙ ගඟට උඩින් පාලමක් තිබ්බෙ නැහැ. වැහි කාලෙට ගඟ ගලනවා. පායන කාලෙට ගඟ බහිනවා. ඒ කාලෙට ඔරුවෙන් යන්න පුළුවන් මගක් දුරට විතරයි. ඉතිරි දුර යන්න වෙන්නෙ ගඟට බැහැලා. ඉතින් සපත්තු ගලවගෙන ගඟෙන් එතෙර වෙලා ඉවුරට ගිහින් සපත්තු දා ගන්නවා. ඉස්කෝලෙට ගියාම කකුල කසනවා. සපත්තු ගලවල බලනකොට මේස් දෙක රතුපාට වෙලා. කූඩැල්ලො එල්ලිලා. පායන කාලෙට නියං ආධාරත්, වැහි කාලෙට ගංවතුර ආධාරත් අපේ ගමට ලැබෙනවා. ඒ වගේ දු-ෂ්ක-ර ගමකින් පටන් ගත්තු ගමන අද ඉන්න තැන ගැන මට පුදුමත් එක්ක.

අමිලා නදීශානි ඒ ගමන් මගේ ප්‍රධානතම සන්ධිස්ථානය සිරස සුපර් ස්ටාර් බව දනිමි. ඔබ සුපර් ස්ටාර් වෙන්නෙ? මම ඒ අතීතය හාරා අවුස්සමි. කසාද බැන්දට පස්සෙනෙ ඒ ඊට කලිනුත් මම සිංදු කියන්න පටන් අරන් තිබුණා. ඇඹිලිපිටියෙ ජාතික තරුණ සේවා සභාවේ තාරකා කණ්ඩායමේ මම නිත්‍ය ගායිකාව. ඒකෙ තේමා ගීතය ලියන්නෙත් මම.

සමන්ත හම්බවෙන්නෙත් මේ තාරකාවෙදි ද? මම අමිලාගෙන් අසමි. ඔව්නෙ. එයා තමා තාරකා කණ්ඩායමේ බේස් ගිටාර් එක ගැහුවෙ. බේස් ගිටාර් එකේ නාදය මිහිරිද? මම අමිලා නදීශානීගෙන් අසමි. ඒකනෙ මම එයාට කැමති වුණේ. අමිලා හඬින් සිනාසේ.
අමිලාගේ ගී හඬද සමන්තට බොහෝ මිහිරට දැනෙන්න ඇත. අන්තිමේදී ඔවුන්ගේ ප්‍රේම කතාව විවාහය දක්වා දුර දිග ගියේය. අමිලා කීවේ ඇය සුපර් ස්ටාර් තරගයට සහභාගී වන්නේ විවාහයෙන් පසුව බවය.

ඒ වෙද්දි මට පුතත් හම්බවෙලා හිටියා. හැබැයි සමන්තගෙ පුදුම කැපවීමක් තිබ්බෙ මාව සුපර් ස්ටාර් කරන්න. මමත් ඒ තරගෙට ඉදිරිපත් වුණේ ජය ගන්නවා කියන අධිෂ්ඨානයෙන්. ඒක හරි ගියා.

සුපිරි තරුව වූ අමිලාට ඇගේම ගීත කිහිපයක් නිර්මාණය කර දෙන්නේ සිරස විසිනි. ඒ ගී ජනප්‍රිය වීම රසික ආදරයට පාත්‍ර වීම ඔස්සේ අමිලා නදීශානී ප්‍රසංග වේදිකාවටද නැතුවම බැරිව ගියේය. ඒ සමගම විදේශ ප්‍රසංගවලටද ඇයට ඇරියුම් ලැබිණි. මම රටවල් විසිපහකට ගිහින් තියෙනවා. අමිලා කිවේ, මා විදෙස් සංචාර ගැන ඇසූ කල්හිය.

ඔයාගෙ ගමේ විස්තර ඒ අත්දැකීම් ගීතයකට නවකතාවකට අපූරුයි නේද? සමුගැනීමකට මොහොතකට පෙර මම ඇගෙන් ඇසීමි.
ඇත්තටම. මම බ-ල පෙරලිය නවකතාවෙන් මගේ ගමේ අත්දැකීම් ලිව්වා. ඒ හැර මම ලියපු හුඟාක් කවිවලත් ඔය සුන්දර අත්දැකීම් ඇතුලත්. ඒ කවිපොත ළඟදීම එළි දක්වන්න සූදානමින් මම ඉන්නෙ. නමේ හැටියටම මිල කළ නොහැකි වටිනාකමක් ඇති අමිලාගේ හෙට දවසට සුබ පතමි.

ශාන්ත කුමාර විතාන – ​සාරවිට වෙබ් අඩවිය

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x