ක්‍රීඩා පුවත්ප්‍රධාන පුවත්

ලයිකා සමූහයේ ප්‍රධානී අලිරාජා සුබාස්කරන් විසින් ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ මිලට ගනියි

ඉකුත් වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැයිලියන්ස් කණ්ඩායමේ නව හිමිකරු වශයෙන් ශ්‍රී ලංකාවේ ඉපිද, බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කරන ‘ලයිකා’ සමූහයේ සභාපති අලිරාජා සුබාස්කරන් ඉදිරිපත් වී සිටී.

අදාළ හිමිකාරිත්වය වෙනස් වීමත් සමග ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජැෆ්නා කිංග්ස් යනුවෙන් මෙවර තරගවාරයේ සිට සහභාගි වනු ඇත.

අදාළ මිලදී ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙන අලිරාජා ‘එල්.පී.එල්. හි ක්‍රමාණුකූල දියුණුව ගැන මම අවධානයෙන් හිටියා. ලොව පුරා බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙම තරගාවලිය දෙස බලා සිටිනවා. ඒ නිසා මෙය හැරයාම අවශ්‍ය වන්නේ නැහැ’ යි යනුවෙන් කියා ඇත.

ලබන දෙසැම්බර් 04 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමද ඉකුත් 24 වැනිදා සිට ආරම්භ විය.

(අරුණ)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x