ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

ශාන්ති අබේසේකර කලාකරුවාණන්ගේ අවසන් කටයුතු අද

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ජනප්‍රිය නළුවෙකු වූ ශාන්ති අබේසේකර කලාකරුවාණන්ගේ අවසන් කටයුතු අද (29) සිදු කිරීමට නියමිතයි.

සිය දිවි රඟ මඬලට ඔහු සමුදෙන විට 83 හැවිරිදි වියෙහි පසු වුණා

1953 වසරේ “පුදුම ලේලි” චිත්‍රපටයේ වෛද්‍යවරයෙකුගේ චරිතයක් රංගනය කරමින් ශාන්ති අබේසේකර සිනමාවට අවතීර්ණ වී තිබෙනවා

ඔහුගේ සිනමාවලෝකනය තුළ “සැඩ සුළං” චිත්‍රපටයේ නාට්‍යකරුවා ද, “සිරකරුවා” චිත්‍රපටයේ සිරි නම් කැරළිකාර තරුණයා ද, “කොළඹ හාදයෝ” චිත්‍රපටයේ කොළඹ සිට පැමිණෙන නාගරික තරුණයා ද සහ “වහල් දූපත” චිත්‍රපටයේ සරත් ද කැපීපෙනෙන චරිතයන් වූවා

විශේෂයෙන් ම “කොළඹ හාදයෝ” චිත්‍රපටයේ ධර්මදාස වල්පොල ගයන “ජීවිතේ ප්‍රීති සංචාරෙකි..” ගීතමය ජවනිකාවෙහි ගැමි තරුණයන් පිරිවරා ගිටාරයක් වයමින් ගයන ගීතයට පෙනීසිටීමෙන් වඩාත් කතාබහට ලක්වූ ඔහු “වහල් දූපත” චිත්‍රපටය නිර්මාණ කිරීමත් සමගින් සිනමා නිර්මාණවේදියෙකු ලෙසින් ද ප්‍රකටවුණා .

නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පිණී වසන්තා සන්දනායකගේ දියණියක වූ දයා හේමන්තා සමගින් විවාහපත් වූ ශාන්ති අබේසේකරයන්ගේ දුවණියන් දෙදෙනා වන සුප්‍රියා සහ සධානා ද ජනප්‍රිය ගායිකාවන් වනවා .

සංජය, සුදෙව්, ෂර්මිලා, සංජානා සහ සජනි ඉෂාරා නමින් ඔහුට සුප්‍රියා සහ සධානා ද ඇතුලුව දූ පුතුන් සත් දෙනෙකි.

ශාන්ති අබේසේකරයන්ගේ නික්ම යාම පිළිබඳව දයාන් විතාරණ කලාකරුවානන්ද සටහනක් තබමින් පවසා තිබෙන්නේ

“ආදරණීය ශාන්ති අයියාට නිවන් සුව වැඩි ඈතක නොවේවායි” යනුවෙන්

([email protected])

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x