ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මං මගෙ වටේ හිටපු අය කවුද කියලා හොඳ හැටි තේරුම් ගත්තා

රොෂානා ඔන්ඩච්චි කියන්නෙ ඔබ අප කොයි කවුරුත් ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඇත්තටම නිතරම නිර්මාණ අතර දක්නට නොලැබුණත් හැමෝම ඇය ගැන කතා කරනවා. ඇයට ආදරේ කරනවා. පසුගිය කාලයේ සිදූ ටෙලිනාට්‍යය ඔස්සේ වගේම උත්තම පුරුෂ ටෙලිනාට්‍යයේ ඇගේ රංගනයට ගොඩක් අය ඇයට ළංවුණා. මෙවර ීඅපි රොෂානා ඔන්ඩච්චි ඔබ හමුවට කැන්දාගෙන එන්න අදහස් කළා.

රොෂානා මේ දවස්වල ජීවිතේ කොහොමද? 

ලොකු වෙනසක් නැහැ. සුපුරුදු විදියට දුවත් එක්ක සතුටින් ජීවත් වෙනවා.

අලූතෙන් නිර්මාණයකින් දැකගන්න ලැබෙන්නෙ නැති වෙයිද ? 

නිර්මාණ දෙක තුනකටම කතා කළා. ඒත් රටේ පවතින වාතාවරණය එක්ක ඒ හැමදේම නැවතිලා. කොහොමත් ඉතින් අපට තව කාලයක් මේ තත්ත්වයත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නෙ.

ළඟදි දවසක දුවගෙ උපන්දිනය ජයටම සමරලා තිබුණා ? 

අනේ එහෙම ලොකුවට දෙයක් කළේ නැහැ. ගෙදර අය එකතුවෙලා ඒ දරුවගෙ හිත සතුටින් තියන්න කරන්න පුළුවන් පුංචි දෙයක් තමයි කළේ. හැබැයි පසුගිය කාලය හිටියෙ ගොඩක් සතුටෙන්. මොකද කොරෝනා නිසා තනිවම ගෙදරට වෙලා ඉන්නෙ නැතුව අපි දෙන්නා ගණේමුල්ලෙ අම්මලගෙ ගෙදර ගියා. ඇත්තටම ඒ කාලය හිතේ හැටියට ගමේ සුවඳත් එක්ක ජීවත්වෙන්න ලැබුණා.

01

 

02

ඉතින් රොෂානා අද සමාජ ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙන වාහන තදබදය ගැන මොකද හිතෙන්නෙ ? 

ඒක නම් ලොකු ප‍්‍රශ්නයක් තමයි. ඒත් ඉතින් වාහනයක් නැතුව එදිනෙදා අවශ්‍යතා ඉටු කරගන්න අමාරුයි. අපේ රටේ පොදු ප‍්‍රවාහන සේවය ඒ තරමටම හොඳයිනෙ. ඇත්තටම මේ වගේ කාලයක තමන්ටම කියලා වාහනයක් තිබෙන එක මොනතරම් වටිනවා ද කියලා ලොකු පොඩි කාටත් තේරුම් යන්න ඇති. තමන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් එළියට ගිහින් එන්න අඩුම තරමෙ ත‍්‍රිරෝද රථයක්වත් තියෙන්න ඕනෙ.

ඒ වුණත් වාහන තදබදය එක්ක අවශ්‍ය ගමන යන්න පැය දෙක තුනක් වත් කලින් යන්න ඕනනෙ? 

පොඞ්ඩක් කලින් ගියත් තමන්ගේ ජීවිතේ ආරක්ෂා වෙනවා නම් ඒක ගොඩක් වටිනවා නේද? ඇත්තටම මේ විදියට අනවශ්‍ය තදබදයක් ඇති කරගන්නෙත් අපේ අයමයි. ඒ අයට පොඩි ඉවසිල්ලක්වත් නැහැ. ඉස්සරහින් යන වාහනේට යන්න දීලා නිවාඩුවෙ යන්න පුරුද්දක් නැහැ.

එක පෙළට ගිහින් පිටිපස්සෙ හේත්තු කරගෙන කන් අඩි පුපුරනකල් හෝන් ගහනවා. එහෙන් මෙහෙන් හැම තැනින්ම දාගෙන ඉස්සරහට එන්න පොරබඳන නිසා පාරෙ ලේන් සේරම පිරිලා. හිරවෙලා. හරවා ගන්නවත් බැහැ. මේ දේවල් හදා ගන්නවා නම් අපේ රටේ ඔය කියන තරම් ලොකු තදබදයක් ඇතිවෙන්නේ නැහැ.

රොෂානා වාහනයක් පාවිච්චි කරනවද? 

ඔව්, මම වාහනයක් පාවිච්චි කරනවා. ඒ වුණත් නිතරම මගෙ වාහනේම යන්න උත්සාහ කරන්නෙ නැහැ. නිර්මාණයකට යනවා නම් ඒ වාහනෙන් යනවා. ගොඩක් වෙලාවට දුවයි මමයි එළියට යනකොට තමයි වාහනේ යන්නෙ. ඔය පොඩි පොඩි වැඩවලට එළියට යනකොට මම කැබ් එකක් අරගෙනත් යනවා.

ඔබ වාහනයක් තෝරාගන්න කොට මොනවගේ දේවල් ගැන ද හිතන්නෙ ? 

ඇත්තටම මගේ පහසුව ගැන වගේම අතරමඟ නතර නොවෙන වාහනයක් තෝරා ගැනීමට මම කටයුතු කරනවා. ඒ වගේම ඉතින් මට දරාගන්න පුළුවන් මිල ගානක වාහනයක් වෙන එකත් වැදගත්. ණය වෙලා වාහන අරගන්නවාට වඩා පයින් යන එන එක හොඳයි.

03

 

04

අපි දන්න රොෂානාට හැමදාමත් වාහනයක් තිබුණා ? 

ඇත්තටම මට දන්න කියන කාලෙ ඉඳලා වාහනයක් තිබුණා. ඒත් පසුගිය කාලෙ ටික දවසක් වාහනයක් නොතිබුණු කාලයක් තිබුණා. ඒ කාලෙදි ඇත්තටම මං මගෙ වටේ හිටපු අය කවුද කියලා හොඳ හැටි තේරුම් ගත්තා.

ඒ කියන්නෙ වාහනේ නිසා රොෂානාට ළංවුණු අයත් ඉඳලා තියෙනවා ? 

කොහොමත් මගෙ වාහනේ ගොඩක් යාළුවන්ට එයාලගෙ වාහනේ වගේ තිබුණෙ. එයාලගෙ අවශ්‍යතා වෙනුවෙන් මගෙ වාහනේ පාවිච්චි කළා. මම එයාලට කිසිම දෙයක් අහන්නෙ බලන්නෙ නැතිව වාහනේ දුන්නා. මොකද මගෙ හිත හොඳ නිසා. ඒත් පසුගිය කාලෙ මගෙ අත්‍යවශ්‍ය ගමනකට හෝ ඒ කාගෙන්වත් වාහනයක් ඉල්ලා ගන්න මට බැරි වුණා. ඇත්තටම මිනිස්සු කවුද කියලා මට තේරුම් ගන්න වාහනයක් නැතිව හිටිය කාලෙ හැකියාව ලැබුණා. ඒ ගැන සතුටුයි.

ඔබ පාවිච්චි කරන වාහනේ මොකක්ද කියලා කියන්න කැමැති ද? 

ඇත්තටම මගෙ ගැන ලොකුවට කතා කරන්න මම කැමැති නැහැ. මට දරාගන්න පුළුවන් ආකාරයේ මඟ නතර නොවී යන්න එන්න පුළුවන් වාහනයක් මං පාවිච්චි කරනව කිව්වම ඇති. කොහොමත් ඒ වාහනේ මටයි දුවටයි හොඳටම ප‍්‍රමාණවත්.

ඉස්සරහට ගන්න හිතාගෙන ඉන්න වාහනේ මොකක්ද ? 

එහෙම ලොකුවට හීන නැහැ. මොකද මං සුඛෝපභෝගී වාහන පාවිච්චි කරපු කෙනෙක්. ඉතින් ඉස්සරහට මේ වගේ වාහනයක යන්න ඕනෙ කියලා ලොකු හීනයක් නැහැ. ඇත්තටම වාහනයක් කියන්නෙ අත්‍යවශ්‍ය මෙවලමක් මිසක් තත්ත්වය ප‍්‍රදර්ශනය කරන භාණ්ඩයක් නෙවෙයි.

තමාරා පතිරණ – නවලිය පුවත්පත ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x