ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පටවිශේෂාංග

කවුරුත් විශ්වාස කරන්නේ නෑ කිව්වට – 40 දී brown belt එක ගත්තෙ

සිරසේ චන්දන සූරියබණ්ඩාරගේ බිරිය කලකට ඉහත ප්‍රකට නිවේදිකාවක හා වැඩසටහන් නිෂ්පාදකවරියක බව සමහරුන් නොදනී. ඇය තාරකා වාසලමුදලිආරච්චි. චන්දන- තාරකා කැදැල්ලේ වයස 30 ක්වූ 18 ක්වූ හා 10 ක්වූ පුතුන් තිදෙනකුද සිටිති. මේ සමග පළවන්නේ ඇය සමග කළ සාකච්ඡාවකි.

බොහෝ දෙනෙක් ඔබ දකින්නේ ස්වර්ණවාහිනිය හරහා තමයි නිවේදිකාවක් හැටියට. ස්වර්ණවාහිනිය ට කරපු වැඩසටහන් වලින් live at 8 , අතිශය ජනකාන්තම විදියට ජනතාව අතරට ගිය වැඩසටහනක්. ඒ ඔක්කොම අස්සේ හෙ-ලි-දර-ව්ව-නෙ.. කවුද මේ හෙළිදරව්වේ අමුතුම හඬක් තියෙන ලස්සන රුවක් තියන කෙල්ල කියලනෙ කට්ටිය හොයන්න පටන් ගත්තේ. හො-ර වැඩ වං-චා හොයන ජනතාව අතරට මුලින්ම ගිය වැඩසටහන තමයි හෙලිදරව්ව නේද? 

බස් එකේ යන්නවත් බෑ.. ඒ කාලේ බස් එකේ යන කාලේ මාව හදිස්සියෙවත් වැ-ර-දිලා-වත් අඳුර ගත්තොත් මිනිස්සු බ-ය-වෙ-න ගතියක් තියෙනවා. ඒ වගේම මගේ වැඩක් කරගන්න මම මොකක් හරි රජයේ ආයතනයකට හරි ගියාම මොකක් හරි රහසක් හොයන්න තමයි මම මේ ඇවිත් ඉන්නේ කියලා හිතනවා. කැමරාවක් හරි සඟවාගෙන ඇති කියලා හිතනවා. ඊට පස්සේ ඉතිං මගේ වැඩේ කරගන්න වෙන්නෙත් නෑ ඉතින්.

ඔයාට මතකද ඒ කතා කරපු ස්ටයිල් එක? 

ඒක ඇත්තටම චන්දන අයියගේ අදහසක්. ඒකෙ දිග වාක්‍ය නෑ ඇත්තටම. නිතර කියවෙන එකක් තමයි මීට වගකිව යුත්තේ කවුද.. ඩිං ඩිං ගලා music එකකුත් යනවනේ.. අන්න ඒක එන්න ඕනේ ඒක කියන්න. ඕක ස්වර්ණවාහිනියදීත් මම කැන්ටින් එකට එහෙම තේ බොන්න ගියාම තේ ඒකක් බිබී ඉන්නකොට අපේම කවුරුහරි සගයො තමයි අපිත් එක්ක වැඩ කරන්න එකට යන හරිම සහයෝගය දෙන කණ්ඩායමක් හිටියනේ.. කැන්ටින් එකට ගියාම අපේ යුනිට් එකේම කවුරුහරි ඇවිල්ලා මේවාට වගකිව යුත්තේ කවුද ඩිං ඩිං…

අක්කා චන්දන අයියා ගැන කතා කරපු හින්දාම චන්දන අය ගැන අහන්නම වෙනවා.. චන්දන අයිය ගැන නොදන්නා කෙනෙක් නෑ මෙ වැඩසටහන බලන. හැබැයි චන්දන අයියා කියන්නේ චන්දන සූරියබණ්ඩාර මහතා. චන්දන සූරියබණ්ඩාර සහ තාරකා වාසලමුදලිආරච්චි කියන්නේ සැමියා සහ බිරිඳ කියන එක නොදන්නා අය ඉන්න ඉඩ තියෙනවා. ඔබද ලක්ෂපති ඔහු ද ලක්ෂපති? 

ඔහු ලක්ෂපති අනිවාර්යෙන්ම මම නෙමෙයි.

01

 

02

ඔහු ලක්ෂපති නං ඔබ කෝටිපති ද? 

මම ලක්ෂපතිවත් කෝටිපතිවත් නෙමෙයි සමාන්‍ය චන්දන සූරියබණ්ඩාර තමයි ගෙදර ඉන්නේ. මම කැමතිත් එයාට.

ගොඩක් වෙලාවට පිටින් දකින ගොඩක් අයට පේන්නේ මහාචාර්යවරයෙක්ගේ ,සාරගර්භ හරි ගාම්භීර ලීලාවක් ස්වභාවයක්නේ තියෙන්නේ. ඇත්තම චන්දන සූරියබණ්ඩාර මොනවගේද? 

කවුරුහරි එක විශ්වාස කරන එකකුත් නෑ සමහරවිට.. මම දන්නෙ නැහැ ආයතන එක්ක වැඩ කරද්දි එළිය වැඩ කරනකොට කොහොමද තියෙන වාතාවරණය කියලා.. නමුත් ගෙදර අර ගාම්භීර එහෙම එකක් නෑ. එයත් එක්ක ජීවත්වෙන්න හරි ලේසියි ඒකනේ මම තෝර ගත්තේ.

සමහරු දන්නේ නෑ චන්දන, තාරකා කියන්නේ කපල් එක කියලා? 

සමහර අය හිතන්නේ අයියයි නංගි කියලා.

අපි දකින එකක් තමයි කොයි වෙලේකවත් චන්දන අයියා තාරකා අක්කාගෙ හැකියාවලින් දක්ෂතා වලින් ගොඩ යන්නවත් ,තාරකා අක්කා චන්දන අයියාගේ ජනප්‍රියත්වයෙන් ගොඩයන්නවත් උත්සාහ කරන බව පේන්න නැහැ ඒක දෙන්නම හිතාමතාම කරන දෙයක්ද? 

මට හිතෙන්නෙ ඇත්තටම අපි මහන්සි වෙලා ක්‍රමානුකූලව හදාගත්ත අපේ තියෙනවනේ යමක්. එතකොට ඒ කියන්නේ කාලයක් තිස්සේ මිනිස්සු අපිව අඳුරනවා වෙන වෙනම. එතකොට ඒ දෙක අර එක්කෙනෙක්ගෙන් යැපෙන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මම නම් හරිම ස්වාධීනයි.

ලොකු පුතාගේ වයස කීයද? 

තිහයි දැන්.

එතකොට වෘත්තියෙන් පුතා? 

නීතිඥවරයෙක් දැන්.

එතකොට දෙවැනි පුතාට? 

දෙවනියට දහඅටයි.සාමාන්‍ය පෙළ ලිව්වා ඊයේ පෙරේදා. පොඩ්ඩා පහේ පන්තියේ දැන් එයාට දහයයි.

පුතත් එක්ක ඉන්නකොටවත් කෙනෙක් හිතන්නේ නෑ නේද අම්මයි පුතයි කියලා? 

ඔව් එක දවසක් රොටරිය කේක් එයා ක්ලාස් යද්දි එළවල කරද්දි ඉතින් එයාව දාන්න මම ගියා ක්ලාස් එකකට. දාන්න ගියාම කාඩ් මාර්ක් කරන එක්කෙනෙක් ඉන්නවානේ.. එයාට කාඩ් එක දීලා ඉවර වෙලා ඔයා මොන ක්ලාස් එකට ද කියලා ඇහුවා.. ඊට පස්සේ පුතාට හිනා ඊට පස්සේ එයා කිව්වා මේ මගේ අම්මා කියලා. මාවත් ඒ ලෙවල් ක්ලාස් එකට දාන්න හැදුවේ.

ඔක්කොම ඉන්නෙ යාලුවෝ වගේ නේද? 

ඔව් ඒක අපිට artificial අපිට හදා ගන්න බෑනෙ. පුතාලා තුන්දෙනා නම් ඒගොල්ලන්ට එක්කෙනෙක් නැතුව ඉන්න බෑ ඒගොල්ලොන්ගෙ හැටි ඒක. මමත් ඒ ගොල්ලොත් එක්ක එකටමයි ඉන්නේ ඉතින් එතකොට ඒගොල්ලෝ මොකක්ද කරන්නේ ඒ කරන හැමදේම මමත් ඉන්නවා. මමත් කොටසක් එකේ.

ළමයින්ට සැ-ර කරන්නේ කවුද ඔයා ද චන්දන අයියා ද? 

මම තමයි ඉඳලා හිටලා සැ-ර කරොත් සැ-ර කරන්නේ චන්දන අයියා බනින්නෙ නෑ කවදාවත්. මට බ-නි-න්නෙ-ත් නෑ ළමයින්ටත් එහෙමයි.

අක්කා ක්ෂේත්‍ර කියක වගේ වැඩ කරලා තියෙනවද? එකිනෙක ගත්තොත් පුවත්පත් වාර්තාකාරිනියක්, ඊට පස්සේ රූපවාහිනි නිවේදිකාවක් සහ වැඩසටහන් නිෂ්පාදිකාවක්. ඊට පස්සේ ගත්කතුවරියක්, නවකතාකාරියක්.. ඊට පස්සේ රංගන ශිල්පිනියක්. කෝ නිළිය? 

කම්මැලියි ඇත්තටම දැන් වැඩ කරන්න. නිළියක් වෙන්න ඇත්තටම මගේ අදහසක් තිබ්බෙ නැහැ. පිපි පියුම් තමයි මගේ පලවෙනි එක.සුමිත්‍ර මැතිණිය තමයි ඕකට වගකියන්න ඕනේ. මම හිතින් අලුත්මනේ ටෙලි නාට්‍ය කලාවට.

පිපි පියුම් එකෙන් පස්සෙ තව නාට්‍යක හිටියා නේද? 

ඔව් උඩුවියන් කියලා එකක් ආවා. ඒකත් ස්වර්ණවාහිනියමයි ගියේ.

ඔන්න නිළිය කම්මැලිකම හින්දා දැන් තාරකා වාසලමුදලි ආරච්චි කියලා නිළියක් නැහැ? 

මට එහෙම හිතුණේ මම හරිම කාර්ය බහුලයිනේ.. මට ඒක එකක් දෙකක් කරන්න ආසාව නැති වුණා. මට හිතුන ඊට වඩා නිදහස් ජීවිතේ මම තියා ගන්න ඕනේ කියලා.

පොත් වලට අකුරු දෙකේ නම් දැම්මේ ඇයි? අකුරු දෙකේ නම් තියෙන පොත් කීයක් තියෙනවද? 

අන්දර මන්ඩි එකෙන් පටන් ගත්තෙ. ඊට පස්සේ කොන්ඩ කිරිල්ලි. ඒ දෙක නැහැ. ඊට පස්සේ දෙහි එකෙන් පස්සෙ තමයි අකුරු දෙකේ නම ආවෙ. මැටි, කළු, ඇස්, පාට, ගුරු දැන් එකක් තව ලියලා ඉවරයි. ඒක කාසි.

ඇයි එහෙම අකුරු දෙකක් දාන්නෙ? 

ඒක එච්චර ප්ලෑන් කරපු දෙයක් නෙමෙයි.. ඒක හැබැයි මාර විදියට වැඩ කළා. ඊට පස්සේ ගොඩක් ඒවා අවා අකුරු දෙකේ චිත්‍රපට පවා ආවා.

කරාටේ මොන බෙල්ට් එක දක්වා ඇවිල්ලා ඉන්නවද? 

brown belt එක.

සාමාන්‍යයෙන් කරාටේ ඉගෙනගන්න කෙනෙක් අවුරුදු 8,10 , 12, 15 . තාරකා වාසලමුදලි කරාටි ඉගෙන ගන්න පටන් ගත්තේ මොන අවුරුද්දෙද? 

කවුරුත් විශ්වාස කරන්නේ නෑ කිව්වට.. 40 දී brown belt එක ගත්තෙ.

මුලින්ම කරාටි පංතියට ගිය අවුරුදු කීයෙන්ද? 

මගේ පොඩි බබා හම්බ වුණාට පස්සේ තමයි මම ගියේ. අවුරුදු හතරක් විතර කලින්.. ඒත් ඉතිං 35 පහු වෙලානේ.

ඇයි කරාටි ඉගෙන ගන්න හිතුණේ ?ගෙදර රණ්ඩුවක් උනාම චන්දන අයියට ආත්මාරක්ෂාව කරගන්නද? 

ඔව් හැමෝම අහනවා.. ඒත් එහෙම නෙමෙයි. මට හිතුන මම දන්නෑ ඇයි කියලා මට හැම වෙලේම ආසහිතෙනවා ඉගෙන ගන්න. මම ඊට පස්සේ බැහැලාම කොහොමහරි මහන්සි වෙලා ඒක complete කරනවා ඒක තමයි මගේ විදිය.

kick boxing උගන්නන්නත් ගියා නේද කාලයක්? 

ඇත්තටම classes කීපයක් කළා. පස්සේ මගේ වැඩසටහනත් එක්ක disturb වෙන හින්දා කරාටිත් මම දැනට නවත්තල තියෙන්නේ මගේ academic වැඩ හින් නේ. ඒක හින්ද ඇත්තටම ඒක නැවැත්තුවා.. නැත්නම් පටන් ගත්තා මම. kickboxing කියන එක kicks වලින් එක වර්ක් අවුට් එකක් විදියට මම හැදුවේ.

මොකද මම fitness training කියන එකෙත් මම course එකකට ගියා.අපිට පුද්ගලිකව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවානේ. ඒ අතර තමයි මට හිතුණෙ kickboxing classes කරන්න ඕනේ කියලා. ඉතින් කොහොමහරි කලා. ඇත්තටම ඒක හොඳට සාර්ථක වුනා. මොකද හේතුව එහෙම වුනොත් මම මේක කියලා දෙනවා නම් මමත් අනිවාර්යෙන් ඒ fitness එහෙම තියා ගත්තොත් ලස්සනට ඉන්න පුළුවන්.

දැන් පුතා අවුරුදු විසි පහේදී නීතීඥවරයෙක් විදියට දිවුරුම් දෙනවා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් සහ නීති විද්‍යාලයෙන් අවසන් විභාගය ලියලා.. ඒ පුතාගේ අම්මා පුතාට අවුරුදු තිහක් සම්පුර්ණ වුණාට පස්සේ ඒ හීනය හැබෑ කර ගන්නවා? 

පුළුවන් එහෙම ඕනකමක් තියෙනව නම්.

දැන් කොච්චර කල්ද ප්‍රතිඵල ඇවිල්ලා? 

LLB එක කරලා ඉවරයි. කොරෝනා වලට කලින් ඒකෙ රිසල්ට් ආවෙ. law college එකේ අපි two years වගේ complete කරන්න ඕනේ. මම ඇත්තටම කැපවීමෙන් කරනවා..මට සිහින දෙකක් තිබුණා. එකක් තමයි නවකතාකරියක් වෙන්න ඕන කියලා. ඒ වෙනුවෙන් මම ගොඩක් ඒවා කලා.. ඉතින් ඒක සාර්ථක වුණා.

ඊළග හීනය නීතිඥවරියක් වෙන්න මගේ ලොකු ආසාවක් තිබ්බා.. පහුගිය කාලේ මාධ්‍ය වල වැඩ කරන්න ගත්තට පස්සේ ටිකක් ඒක පොඩ්ඩ පොඩ්ඩ යටපත් වෙලා තිබුණා. මම කොහොම හරි ඒකට අවස්ථාව හදාගන්නව. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නම් විශේෂයෙන් මොනාහරි අපි දේක නිරත වෙනකොට ඉගෙන ගැනීම විතරක් නෙමෙයි ඉගෙනගැනීම වඩාත් හොඳයි.. මොකද හැමෝම එකට පාඩම් කරන්න පුළුවන්.

එහෙම කැමති කැමති හැමදේම හිතේ හැටියට කරන හින්දද ඔය පේන පේන තැන් වල tattoos තියෙන්නෙ? 

කරාටේ කරන්න ගත්තට පස්සේ තමයි ඇත්තටම මේවා කළේ. මුලින්ම ගැ-හු-වේ fearless කියන එක.

ඒ වචනෙ කවුද කිව්වේ ග-හ-න්න- කියලා? 

ඒ fearless එක තේරුවේ මම.

ඒ ඔක්කොමට වඩා මට පේන දේ තමයි අර උඩ තියෙන එක? 

ඔව් චන්දන කියලා තියෙන්නේ.

03

 

04

චන්දන නාමය අතේ කො-ටා-ගෙ-න ඉන්නේ? 

ඔව්.

චන්දන අයියා ඕක දැක්ක ගමන් මොනවද කිව්වෙ? 

මොකුත් කිව්වෙ නෑ ඉතින්..

සමහර අය බ-ය-යි ඔය වැඩවලට? 

tattoos ගැන සමාජය තියෙන්නෙ එච්චර හොඳ අදහසක් නෙමෙයිනේ. tattoos කරනවා කියන්නේ නිකන් ර-ස්ති-යාදු-වෙ යන එහෙම ගණන් ගන්නේ නෑ. ඒත් එහෙම නෑ.. ඒක art එකක්නෙ. මම කියන්නේ ඕනම කලාවක් තමන්ට ගැලපෙන විදියට යොදා ගත්තොත් කිසි ප්‍-රශ්න-යක් නැහැ. මට කවුරුත් කියලා නැහැ කැතයිනෙ tattoos හරි නෑ කියලා. හැමෝම මගෙන් අහන්නේ අනේ අපිටත් ආසයි කරන්න කොහොමද ඔයා ඕක කරේ, රි-දෙ-න-වද කියලා තමයි අහන්නේ. ඊළඟට ගොඩක් අයට ගෙදරින් tattoos කරන්න දෙන්නෙ නෑ tattoo එකට විසදුමක් දෙන්න බෑනෙ..

මට හිතට එකඟවම කියන්න මේ හැමදේම අස්සේ තාරකා වාසලමුදලිආරච්චි කියන සාර්ථක ගෘහණියකුත් ඉන්නවාද? 

ඉන්නවා ඉන්නවා.. මම ඇත්තටම ඒක රස විඳින දෙයක්.. ගෘහණිය කියන වචනෙ ටැටු කලාව වගේ තමයි. ගෙදරක් මනින්නෙ එකේ තියෙන තට්ටු ගානවත් ,ඒකෙ තියෙන ගෘහ භාණ්ඩවත්, වටිනා බඩු මුට්ටු වලින් නෙමෙයිනේ. එක ගෙයක් කරන්න නිවසක් කරන්න ඒක ආදරණීය තැනක් කරන්න ගැහැණියකට තමයි පුළුවන්.. එයා ගෘහණියක්. මොකද රහ කෑම වේලක් ගෙදර කන්න නැත්නම් ඕක දැන් කොරොන කාලෙ හොඳටම තේරෙනවා කඩවලින් ක-න්න බෑ-නේ. මට බ-ය නැතුව කියන්න පුළුවන් මම සාර්ථක ගෘහණියක් කියලා.

මගේ පුතා කිව්වා දවසක් ඒක හරි වටින කතාවක්.. මොකද දරුවෙක්ගන් හරියට ඇත්ත කියවෙනවා. එයා මොකක් හරි එළියෙ ප්‍රශ්නයක් ගැන රටේ වෙච්ච මොකක් හරි සිදුවීමක් ගැන කියලා කිව්වා.. මිනිසුන්ගේ මනුස්සකම කියන එක දැන් සමාජයේ නැහැ කියන එක. ඊට පස්සේ මම කිව්වා එහෙම නෑනෙ තරුණ පරම්පරාව දැන් ඔයාලා බලන්නකෝ දැන් ඔයා බලන්නකෝ ඔයා කොච්චර හොඳ කෙනෙක්ද ඔයා වගේ කෙනෙක්ව හම්බ වෙන කෙනා කොච්චර වාසනාවන්තද කියල ඊට පස්සේ එයා කිව්වා නෑ ඒ අම්මා අපිව හදලා තියෙන විදිහනේ කිව්වා..

එතකොට ඒ විතරක් නෙමෙයි ගෙදර හදන කෑම එක රහ කරලා කනවා කියන්නේ කන්න එහෙම හදලා දෙන්න පුළුවන්නම් ඒක ගෘහණිය කියන වචන නෙමෙයි.. ඊට වඩා වැඩි දෙයක් තියනවා.. අනිත් එක අම්මා කෙනෙක් ලස්සනට ඉන්නත් ඕනේ.. එයා කුස්සියට වෙලා උය උය හිටියා කියලා ඒකම හරියන්නෙත් නෑ. එයා දැනගන්න ඕන අර ටික manage කරගන්න.

මම දකිනවා ෆේස්බුක් එකේ ඔයා රහ කෑම හද හද දානවා. ඇත්තටම රහට උයන්න පුලුවන්ද? 

පුළුවන්.. මොකද එක් අපේ පවුලේ හැමෝටම වගේ පුළුවන්.. ආච්චිගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා.. පිරිමැස්ම. අපේ ආච්චි කියලා තියෙනවා නැහැ කියන දෙයක් කියන්න හොඳ නැහැ. මේ ගෙදර තියන හැම බඩු මුට්ටුවක්ම පණ තියෙන දේවල් වගේ ඒවට රි-ද්ද-න්න හොඳ නෑ. අර දොරක් වුණත් හයියෙන් වහන්න හොඳ නැහැ.. තියන හාල් ටික එ අවශ්‍ය කරන දේවල් පරිස්සං කරන්න ඕනේ.. තමන්ට මොනවද තියෙන්නෙ ලැබෙන්න මොනාද හැමදේම පරිස්සං කරන්න ඕනේ. මම හැමවෙලේම අත්හදා බැලීමක් කරන ගතියක්.

මිදුල ගෙදර පිළිවෙලත් ඒ වගේද? 

ගස් ගොඩක් වවලා තියනවා.. මම අපි ගේ ගත්තෙ හදපු එකක්. අපි අපිට අවශ්‍ය විදියට ඒක අලුත්වැඩියා කර ගත්තා. අපි ගෙදර පදිංචියට එනවත් එක්කම කොහොම ගහක් හිටෙව්වා.. ඒක දැන් ලොකු ගහක් වෙලා තියනවා.. ගස් ගොඩක් තියෙනවාට මං ගොඩක් ආසයි.

දැන් කෑම බීම හදන එක ගැන කිව්වනේ.. අපි දකිනවා එක එක අතුරුපස සහ විවිධ කෑම ජාති හදනවා. හැබැයි මට හිතෙන්නෙ අපිට ඒ පැණිරහ කවලා ඔයා හරියට මේන්ටේන් කරනවා කියලා ඒ කෑම? 

ඒක මෙහෙමයි මම බත් කන්න නං ආසයි.. ඉස්සර තුන් වේලටම බත් ඕනෙ. පස්සේ workouts කරන්න ගත්තට පස්සේ බත් කෑමේ ආසාව ටික ටික අඩු වෙනවා. මොනවටවත් ඕනවට වැඩිය ආස වෙන්නත් හොඳ නැහැ. එහෙම දේකුත් මට තියෙනවා. මම කොච්චර ආස දෙයක් වුනත් මට ඒක නැතුව ඉන්න පුළුවන් මොකක් හරි ඉලක්කයක් තියෙනවනම් මේක කරන්න ඕනේ කියලා. එතකොට ඕට්ස් වගේ දේවල් තමයි වැඩිපුර කන්නේ. බත් අඩුවෙන් කන්නේ.

දැන් ඔය හැම දෙයක්ම උයන පිහන, පාඩම් කරන, ගෙදර වැඩ කරන . විනෝදාංශ කරන, සටන් ක්‍රම කරන ඔය හැමදේටම වෙලාව නැතුව ඔලුව කැ-ක්කු-ම හැදෙන්නේ නැද්ද? 

නැහැ.. අන්න ඒක විශේෂ දෙයක්. ඒක මම දන්නෑ මම කොහොම මම ලොකුවට සැලසුම් කළේ නැහැ මුලදී. එතකොට ඒක මැනේජ් කරන විදිය තමයි තියෙන්නේ. ඒක පොඩි ප්ලෑන් එකට යන්න ඕනේ. මගේ මොනතරම් වැදගත් වැඩ තිබුණත් මම ගෙදර උයනවා. මගේ තියෙන වෙනස මොකද්ද දන්නවද ඒ වැඩේ තියනවනම් මම ඒක කලින් දවසෙ පොඩ්ඩක් ප්ලෑන් කරලා ආ මේ වෙලාවට නැගිටලා උයන්න ඕනේ. එතකොට මම කලින් නැගිටලා උයනවා. එතකොට උයන වෙලාව මට ඉතුරුයිනේ. ඒවගේ බැලන්ස් කරන්න ඕනේ. මට එහෙම පුළුවන්. මට තව වැඩ දෙන්න මම කියන්නේ මම කරලා පෙන්නන්නම්.

දැන්වත් රහස කියන්න කොහොමද ඔච්චර ලස්සනට ඉන්නෙ? 

අපිට වයස නවත්තන්න බැහැනේ.. ඒක සොබාදහමත් එක්ක යන දෙයක්.. වයස නවත්වනව කියල අපි එකේම එල්ලිලා ගියොතින් මේ පෙනුමට ඉන්න ඕනේ කියලා එතකොට තමයි අපි අර කොස්මැටික් සර්ජරි වලට හරි මොනවට හරි ගිහිල්ලා ඒකෙම හිරවෙන්නේ.. මම කියන්නේ එහෙම නෙමෙයි මම මගේ වයසට හරියන විදියට මේන්ටේන් කරනවා . සොබාදහමෙන් දුන්න පෙනුම හැමෝම ලස්සනයිනේ. ඒ පෙනුම මේන්ටේන් කරගන්න විදිය තමයි මිනිස්සු දන්නේ නැත්තේ.බබෙක් හම්බ වුණා කියලා කැත වෙන්න ඕනේ නැහැ.

ඔයාගේ කටහඬින් ඇත්තටම අක්කේ මම සිංදුවක් අහලා නෑනේ? 

මම දැම්මා මම හිතන්නේ පෝස්ට් දෙක තුනක්. ඇත්තටම සින්දු කියන එක ගායනාව කියන්නේත් අර භාවනාවට සමාන දෙයක්. මම කාලයක් තිස්සේ vocal training එක කරනවා. ඒ කියන්නේ ඒක ස්වර අභ්‍යස කරන එක සින්දු කියන එක විතරක් නෙමෙයිනේ.. අපිට හුස්ම ගැනීම, හුස්ම හෙළීම ඒ ටික. එ කියන්නේ lungs වලට අපි දෙන එක්සසයිස් එක.

අක්කගේ ගම්පළාත මාතර. මාතර කොයි හරියෙද? 

මම මාතර දේවාලගම. මම මගේ අර මැටි පොතේ අපේ ගම් පළාත සංස්කෘතිය ගැන තමයි කතා කරලා තියෙන්නේ.

අම්මයි තාත්තයි මොනවද කළේ? 

අම්මා බැංකුවක වැඩ කලේ බැංකුවේ manager කෙනෙක් විදියට.. අප්පච්චි ආර්ථික විද්‍යා ගුරුවරයෙක්. පස්සේ එයත් LLB එක කළා.

ඒ කියන්නේ රජයේ පාසල් ගුරුවරයෙක් ද? 

ඔහු සිල්වෙස්ටර් එකේ හිටියෙ නුවර. econ ගුරුවරයෙක්. එයත් LLB එක කළා open university එකෙ. හැබැයි votes දෙන්න කිට්ටුව වගේ එයා අසනීප වෙලා නැති වුණා හාට් ඇටෑක් එකක් ඇවිත්. නීතිඥවරයෙක් වෙන්න ලැබුණේ නැහැ. එයාගේ හීනය හැබෑ කර ගන්න හම්බවුනේ නැහැ.

එතකොට ඉස්කෝලේ ගියේ? 

ඉස්සෙල්ලම ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ grade 6 වල ඉඳලා ගියේ. ගමේ දෙයියන්දර සහ පල්ලවෙල කියන ඉස්කෝල දෙකට ගියේ.. මං පහේ පන්තියේ වෙනකන් ගියෙ පල්ලෙවෙල ඉස්කෝලෙට. මම ගොඩක් ආසයි ඉස්කෝලෙට හරිම ලස්සනයි.

ජීවිතේට මම දැකලා නෑ ඔයා කාත් එක්කවත් ර-ණ්ඩු වෙනවා? 

නෑ.. මම කාත් එක්කවත් එහෙම ර-ණ්ඩු වෙන්නේ නැහැ. මම හැමෝටම කියන්නේ චන්දන අයියයි මායි එකම ෆිල්ඩ් එකේ ඉන්නකොට ප්‍රශ්න එන්නේ නැද්ද, එතකොට වෙන අයගේ ආකර්ෂණය එනකොට එහෙම ඉ-රි-සි-යා හිතෙන්නේ නැද්ද ,ඉ-රි-සි-යයි හිතලා තියෙනවා.

මුල්ම කාලේ අර ආදරය පටන් ගන්නකොට තව කවුරුත් බලනවාටවත් කැමති නෑනේ.. එක අර බොළඳ ආදරේ. ඊට පස්සේ අපි තේරුම් ගත්තා මම එයාට කියල තියෙන්නෙ මනුස්සයෙක්ට නිදහසේ ඉන්න දෙන එක තමයි එයාට දෙන්න පුළුවන් ලොකුම දේ. මම ආදරේ කියලා අල්ලගෙන එහෙම හිර කරගෙන හිටියොත් ඒ ආදරෙන් ඇති වැඩක් නෑ.

සාකච්ඡාව – හරින්ද්‍ර ජයලාල් 
Text – Gossiplankanews.com 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x