ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ලංකාවේ පාරවල්වල තවම තනියම යන්න දන්නෙ නැහැ

සුදු හාමිනේගේ තිබෙන ද-ඩ-බ්බ-ර න-පු-රුක-ම් තියෙන්නේ තමාට තිබෙන ආදරය අහිමි වෙයි කියන බයටයි. ඉතින් ඇය ඒ නිසාම නිරන්තරයෙන් උත්සාහ කළේ සකූව ගෙදරින් පිටමං කරන්න. අද සුදු හාමිනේට අත්වී ඇති ඉරණම කෙබඳුද කියා සකූගේ ලෝකයේ පේ‍්‍රක්ෂකයන්ට අමුතුවෙන් පැවැසිය යුතු නැහැ. ඉතින් පුංචි තිරයට පැමිණි මේ දඟකාර රුවැත්තිය කවුද කියා ඔබ සොයනවා ඇති. ඒ ගැන පැවැසීමට සුදුහාමිනේ ලෙස ඔබට සමීප වන ගයාත‍්‍රී රාසිංගොල්ල සමග අපි කතා බහ කළේ මේ විදියටයි.

ඔබට මෙතරම් ජනතා ආදරයක් හිමිවීමට අවස්ථාව ලැබුණු හැටි ගැන මුලින්ම දැනගන්න අපි කැමැතියි? 
මම මීට පෙර ටෙලිනාට්‍යයක රඟපාලා නැහැ. මම ඕස්ටේ‍්‍රලියාවේ ඉඳලා ලංකාවට ආපු දවසක මගේ හොඳම මිතුරියක් පැවැසුවා ‘සකූ’ ටෙලිනාට්‍යයට රංගන ශිල්පිනියක් තෝරාගන්නා බවට දැන්වීමක් පළ කරලා තියෙනවා, මටත් සම්බන්ධ වෙලා බලන්න කියලා. මොකද මගේ යහළුවෝ දැනගෙන හිටියා ඒ කාලේ ඉඳලා රඟපෑමට මගේ කැමැත්තක් තියෙන බව.

ඉතින් ඊට පස්සේ ඔබ මොකද කළේ? 
ඉතින් මගේ තිබුණු ආශාවත් එක්ක මම ඒ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වුණා. එදා ඒ සම්මුඛ පරීක්ෂණයට ගොඩාක් නවක වයස් භේදයකින් තොරව සහභාගි වෙලා හිටියා. මමත් ඊට පෙනී ඉඳලා ගෙදර ආවා. සතියකට විතර පස්සේ මට දුරකතන ඇමතුමක් ආවා ‘සකූගේ ලෝකය’ ටෙලිනාට්‍යයේ දැහැමිගේ චරිතයට මාව තෝරාගත්තා කියලා. ඔය විදියට තමයි මම රංගන ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ.

01

 

02

හැබැයි ගයාත‍්‍රී මෙ දවස්වල ඔබට ලැබෙන ප‍්‍රතිචාරවල හොඳක් නම් අහන්න නැහැ නේද? 
ඔව්, බොහෝ දෙනෙක් මට බණින එක තමයි කරන්නේ සකූට කරන හි-රි-හැ-ර නිසා. හැබැයි ඉතින් මට ගොඩ දෙනෙක් මැසේජස් හරහා කියනවා අපි ඔයාට එහෙම බණින්නේ ඔයා හොඳට රඟපාන නිසා, ඉදිරියටත් හොඳ නිර්මාණවල රඟපාන්න කියලා. මට මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් සුබ පතනවා. ඉතින් මේ සියලූ දෙනාගෙන්ම ලැබෙන ආශීර්වාදය මට වටිනවා.

දැහැමි, එහෙමත් නැත්නම් සුදු හාමිනේ. ඒ චරිත ඔබට දැනුණේ කොහොමද? 
සුදු හාමිනේ මේ හැම දේම කරන්නේ ඇයට තිබෙන ආදරය අඩුවෙයි කියලා තමයි සකූට න-පු-රු-ක-ම් කරන්නේ. හැබැයි මගේ සැබෑ ජීවිතය ඊට සමාන කළොත් මම සුදු හාමිනේ තරම් න-පු-රු නැහැ. හරිම සං-වේ-දී චරිතයක්. සමානකමක් විදියට ගත්තොත් තියෙන්නේ සුදු හාමිනේ වගේම තමයි මමත් පවුලේ එකම දරුවා. එතැනින් එහාට කිසිම සමීපකමක් සුදුහාමිනේගේ චරිතය තුළ මට ගන්නට නැහැ.

සුදු හාමිනේ චරිතය ජීවමාන කිරීමට ඔබට පහසු වුණාද?  

මම ඕස්ටේ‍්‍රලියාවේ මනෝ විද්‍යාව තමයි කළේ. ඉතින් මට මිනිසුන්ගේ හදවත්, චරිත තේරුම් ගැනීමට ලොකු පහසුවක් තිබෙනවා. මට සුදු හාමිනේ තුළ ජීවත්වීමට විශේෂ වරමක් හිමිවුණේ එම නිසයි. මගේ වෘත්තියෙන් ලැබුණු පන්නරයත් ඒ සඳහා විශේෂ බ-ල-පෑ-ම-ක් ඇතිවුණා කියලා මම විශ්වාස කරනවා.

ඔබ කුඩා අවධියේ ඉඳලම විදේශ රටක හැදුණු කෙනෙක් නිසා ටෙලිනාට්‍යයේ දෙබස් උච්චාරණයේදී අ-ප-හ-සු බවක් දැනුණාද? 
මම අධ්‍යාපන කටයුතු කළේ බි‍්‍රතාන්‍යයේ ජාත්‍යන්තර පාසලක. නමුත් මගේ මවු බස මම අමතක කළේ නැ-හැ. මම විදේශගත වෙලා හිටපු කාලෙදි වුණත් මම ලංකාවෙ හොඳ නිර්මාණ හැම එකක්ම නැරඹුවා. ‘සකූ’ ටෙලිනාට්‍ය පවා මම එහිදී නැරඹුවා. නමුත් මම හිතුවේ නැහැ ‘සකූ’ ටෙලිනාට්‍යයේ ඉදිරි අදියරේදී මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබේවි කියලා.

03

 

04

ලංකාවට නැවත ආපු ඔබට දැනුණු නු-හු-රු දේවල් මොනවද? 
මට භාෂාව නම් කිසිම ප‍්‍රශ්නයක් නැ-හැ. නමුත් මම ලංකාවේ පාරවල්වල තවම තනියම යන්න දන්නේ නැහැ. ඒ නිසා මා සමග මගේ මවුපියන් නිතර දෙවේලේ යන්න එනවා. මාව අ-ත-රමං වේවි කියලා.

ඔබේ පවුලේ විස්තර ටිකක් පැවැසුවොත්? 
මගේ අම්මා ගුරුවරියක්. තාත්තා ටෙලිකොම් ඉන්ජිනේරුවරයෙක්. මගේ ගම් පළාත මහනුවර. මගේ මවුපියන්ට ඉන්න එකම දරුවා මමයි. ඔවුන්ගේ ශක්තිය මට වටිනවා.

ගයාත‍්‍රීගේ ගෙදරින් වි-රු-ද්ධ-ත්ව-යක් තිබුණේ නැද්ද රඟපෑමට යොමුවෙනවාට? 
අනේ නැ-හැ. මගේ මවුපියන් දන්නවා මම ගන්න තීරණය හොඳට හිතලා මතලා ගන්න බව. ඒ නිසා මගේ කිසිම දේකට මවුපියන්ගේ විරුද්ධත්වයක් නැහැ.

මේ දවස්වල කොහොමද ඔබේ ඉදිරි වැඩකටයුතු සඳහා සූදානම? 
මම මනෝ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන නිසා මේ දවස්වල ඒ සඳහා ඔන්ලයින් හරහා උපදේශන පවත්වනවා. ඉදිරියට තෝරා බේරාගෙන නිර්මාණ සඳහා යොමුවෙන්න සැලසුමක් සකසා ගන්නවා.

– වසන්ත විතාරණගේ – මව් රට පුවත්පත ඇසුරින් 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x