ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

යොහානිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සුභ පැතුම්

“මැණිකේ මගේ” ගීතය ගායනා කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම රැගෙන ගිය යොවුන් පරපුරේ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සුබ පැතුම් පිරිනමන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.

ශ්‍රී ලාංකේය ගීතයක් ජාත්‍යන්තරයේ ඉහළම ජනප්‍රියත්වයට පත්වීම ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය හැකි කාරණයක් බව මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තැබූ එම ෆේස්බුක් සටහන සම්පූර්ණයෙන්ම මෙසේය.

“ශ්‍රී ලාංකේය ගීතයක් ජාත්‍යන්තරයේ ජනප්‍රියවෙමින් වාදනයවීම ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකි කාරණයකි. ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත අපේම ගීතයක් ලෝක ගීත දර්ශකයේ ඉහළටම යමින් විවිධ භාෂාවන් කතා කරන, විවිධ සංස්කෘතීන් තුළ ජීවත්වන රසිකයින්ගේ හදවත් දිනාගැනීමට හැකිවීම කෙතරම් භාග්‍යයක්ද… එවැනි හපන්කමක්, දක්ෂකමක් එක්කල නව පරපුරේ ගායන ශිල්පිණී යොහානී ද සිල්වා රටට, තරුණ පරපුරට, කලා ක්ෂේත්‍රයට ආදර්ශයක් මෙන්ම අභිමානයක් බව සදහන් කළ යුතුය. එබැවින් මම ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් සුබපැතුම් එක්කරමි.

නිරන්තරයෙන් අපි කුඩා යන ආකල්පයෙන් විසල් දෑ, අලුත් දෑ කිරීමට මැළිවී සිටිමු. මිලියන විසිදෙකක ජනගහණයක් සහිත ලෝකයේ කුඩා දූපතක ජීවත්වන අපට එම මානසිකත්වයෙන් මිදීමට අවශ්‍ය වුවද ඒ සදහා අවස්ථාවන් සොයා යාමද ප්‍රමාදය. එහෙත් යොහානි ද සිල්වා නම් හුරුබුහුටි තරුණිය එම මානසිකත්වයෙන් අපව ගලවා ගැනීමට සමත්ව ඇත . ශ්‍රී ලාංකිකයින් සතු දක්ෂතාවය, කුසලතාවය ලෝකයක් ජයගන්නට තරම් ප්‍රබල බව ඇය තවදුරටත් ඔප්පු කර ඇත.

උත්සාහය, හැකියාව, වාසනාව එක්වූ තරු ගුණයෙන් පිරි නව යොවුන් ගායන ශිල්පිණියක් විසින් ගායනා කරනු ලබන ලෝකයක් වසගයට ගත් මැණිකේ මගේ හිතේ ගීතය මේවනවිට යූටියුබ් නැරඹුම් වාර මිලියන 127 ද ඉක්මවා ඇත. එසේම එය ලෝකයේ ජනප්‍රියම ගීත 10 අතරේ පවතින ගීතයකි. මෙම ගීතය ජනප්‍රිය කරමින් ගායනා කරන යොහානි ද සිල්වාට, මෙන්ම එහි නිර්මාණකරුවන්වන සතීශාන් රත්නායක, පද රචක දුලාන් ඒ.ආර් .එක්ස් සහ සංගීතවතය සැපයූ චමත් සංගීත්ටද සුභාසිංශන එක් කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
(ලංකාදීප)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x