ප්‍රධාන පුවත්විදෙස් පුවත්

කාන්තාවන්ගෙන් 65%ක් යහනේ දී පිරිමියා සමඟ එක්වන්නේ නෑ

කාන්තාවන් බහුතරයක් විරුද්ධ පුද්ගලයින් ඇසුරින් ඈත් වී කාන්තාවන් සමඟ පමණක් එක්වීමට හුරු වී ඇති බව අමෙරිකාවේ පර්යේෂණයකින් තහවුුරු වී තිබෙනවා.

නිව් යෝර්ක්හි ‘බිංග්හැම්ටන්’ මානව් පර්යේෂණාගාරයේ ෂෝන් මැසේ සහ ඔහුගේ සගයන් දශකයක පමණ කාලයක සිට මිනිසුන්ගේ හැසිරීම් පිළිබඳ කළ අධ්‍යනයකින් මේ බව සනාත කරගෙන ඇත.

ඔවුන්ගේ සෑම අධ්‍යයනයකටම සහභාගී වූවන්ට තම කැමැත්ත වාර්තා කරන ලෙස ඉල්ලා තිබිණි.

2011 සහ 2019 අතර කාලය තුළ විශ්වවිද්‍යාල වයසේ පසුවන කාන්තාවන් වැඩි වැඩියෙන් විරුද්ධ පුද්ගලයින් පමණක් ඇසුරෙන් ඈත් වී ඇති බව ඔවුහු සොයා ගෙන ඇත.

2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් සිටින්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර, මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.

2011 දී එය 77%ක අගයක තිබිණි.

එම වසර තුළ පුරුෂයන් සමඟ පමණක් හැසිරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද අවම වී තිබේ.

මේ අතර, පුරුෂයින්ගේ ආකර්ෂණය හා හැසිරීම් බොහෝ දුරට එකම කාල රාමුවක ස්ථාවරව පවතින බව වාර්තා වේ.

පුරුෂයන්ගෙන් 85%ක් පමණ කාන්තාවන්ට පමණක් ආකර්ෂණය වන අතර, 90%කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් සමඟ පමණක් සම්බන්ධකම් පැවැත්වූ බව වාර්තා විය.

එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය ඇතුළුව ලොව පුරා සිදු වූ අනෙකුත් සමීක්ෂණ ද මෙවැනිම සොයා ගැනීම් ඉදිරිපත් කර ඇත.

කෙසේනමුත්, සමස්තයක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන්ට වඩා වැඩි වශයෙන් තමන්ගේ වර්ගයේම කාන්තාවන් සඳහා ආකර්ෂණය වාර්තාවීම වැඩි වී ඇත.

පසුගිය දශක කීපය තුළ සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් කළ ස්ත්‍රීවාදයේ ප්‍රගතිය සහ කාන්තා ව්‍යාපාර වැනි දේ වලින් සමාජ දේශපාලන දර්ශනයේ සිදු වූ කැපී පෙනෙන වෙනස මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ෂෝන් මැසී සහ ඔහුගේ සගයන් පෙන්වා දෙයි.

මූලාශ්‍රය- බීබීසී

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x