ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පටවිශේෂාංග

භික්ෂූන්වහන්සේලාගේ හඬවල්, ඒ හැකියාව චතුරට එන්නෙ පාසල් කාලේ ඉඳලමයි

චතුර අල්විස් කියන්නෙ දක්ෂතා රැසක් හිමි සන්නිවේදකයෙක් කියලා රටම දන්නවනෙ. හැබැයි චතුරගෙ ඇතැම් දක්ෂතා ගැන දන්නෙ එයාව ළඟින් ඇසුරු කරන කීපදෙනෙක් විතරයි. එයින් එකක් තමයි චතුරට විවිධ කටහඬවල් අනුකරණය කරන්න තියෙන හැකියාව. විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලාගේ හඬවල්. ඒ හැකියාව එයාට එන්නෙ පාසල් කාලේ ඉඳලමයි.

ඒ චතුර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙනගන්න දවස්. එක්තරා අවුරුද්දක (මට මතක විදිහට) විද්‍යා දිනයක් පවත්වලා තියෙනවා. ඉතින් ඒ විද්‍යාලයීය විද්‍යා දිනයේ සංවිධාන කටයුතුවලට චතුරත් ලොකු දායකත්වයක් දීලා. ඔන්න දැන් උත්සවේ පැවැත්වෙන දවස. තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාව ප්‍රභූන්ගෙන් සහ ආරාධිත පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පිරී ඉතිරි ගිහින්. ඉස්සරහම පේළියේ අංශ ප්‍රධානීන් පිරිවරාගෙන විදුහල්පතිතුමා විරාජමානව ඉන්නවා.

නියමිත වෙලාව උදාවුණහම වේදිකාවෙ තිරය විවර කරලා උත්සවය ආරම්භ කරන්න තමයි සැලසුම් කරලා තිබ්බේ. නියමිත වෙලාව නම් උදා වුණා. ඒත් ඉතින් නරක වෙලාව කියන්නෙ නියමිත බොත්තම කොච්චර එබුවත් තිරය නෙමෙයි ඇරුණෙ. දැන් ඉතින් මොකද කරන්නෙ? ශාලා පරිපාලක ඇතුළු කීපදෙනෙක්ම ඇවිත් තිරේ අ-වු-ල ගොඩදාගන්න මා-ර ස-ට-න-ක.

වෙලාවට වැඩේ පටන්ගත්තෙ නැත්තං ප්‍රේක්ෂකාගාරය නො-ස-න්සු-න් වෙනවා. ඊට හපන් විදුහල්පතිතුමා නො-ස-න්සු-න් වුණොත් කට්ටියගෙම හිස සු-න් වෙනවා. තිරේ ඇරගන්නකං වෙලාව ටිකක් ඇදගන්නෙ කොහොමද කියන එකයි, විද්‍යා සංගමයෙ කට්ටිය කල්පනා කළේ.

01

 

02

“දැන් සියලු දෙනාම පංචශීලයෙහි පිහිටුවීම සඳහා නමස්කාරය කියන්න.”

න්‍යාය පත්‍රයේ එහෙම දෙයක් නොතිබුණත් හඬ ශාන්තයි. නිවුණු ස්වරූපයක්. ඒක තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රවීණතම ආචාර්යවරයෙකු වන ස්වාමීන්වහන්සේගේ හඬ. මුළු ශාලාවම ආසනවලින් නැගිටලා දොහොත් මුදුන් දීලා නමස්කාරය කිව්වා. ඊටපස්සේ හරි පිළිවෙලටම ‘බුද්ධං සරණං ගච්චාමි….’

ආදී වශයෙන් තිසරණ සරණයාම, ‘පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ ස්වාමීන්වහන්සේ ශාන්තව ඒ සිල්පදය කිව්වහම හැමෝම එක පුනරුච්ඡාරණය කළා. ඊටපස්සේ ‘අදින්නාදානා’. ඊටපස්සේ ‘මු-සා-වා-දා වේරමණී.’ අන්තිමට ‘සු-රා-මේ-රය මජ්ජපමා.’ එතකොට කෝ තුන්වෙනි සිල්පදේ? ‘කා-මේ-සුමි-ච්චා-චා-රා?’ සුපේෂල, ශික්ෂාකාමී මහ සඟරුවනක් වෙච්ච හාමුදුරවන්ට සිල් පදයක් ම-ග-ඇ-රෙ-න්න පුළුවන්ද? අනික තුන්වෙනි සිල්පදේ. විදුහල්පතිතුමාටත් පොඩි සැ-ක-ය-ක් ඇතිවුණා.

03

 

04

කොහොමහරි තිරේ වැඩෙත් හරි ගිහින් විද්‍යා දිනේ වැඩකටයුතු ටිකත් ලස්සනට ඉවර වුණා. හැබැයි ඉතින් ඊටපස්සෙ තමයි සෝලිය පටන්ගත්තේ. මුලින්ම ක-ල-බ-ල වුණේ උත්සවයට නො-වැ-ඩපු ගුරුහාමුදුරුවෝ. පදයක් අඩු කරලා සිල් දීපු සාමනේර නම වෙන කවුරුත් නෙමෙයි, අපේ චතුර කියලා උන්වහන්සේ කොහොමහරි දැනගත්තා.

වැඩේ විදුහල්පතිතුමාගෙ කණටත් ගියා. එතුමා හිටියෙ තරහෙන් පුපුර පුපුර. ඒත් ඒ වැරැද්ද වුණේ ඉස්කෝලෙ සායම බේ-ර-න්න ගිහින් කියලා කීපදෙනෙක්ම එතුමාට කියලා ගින්න නිවලා තිබ්බා. ඒ නිසා තමයි චතුර අල්විස්ට කීර්තිමත් ශිෂ්‍යයෙක් විදිහට පස්සේ කාලෙක තර්ස්ටන් එකට ‘ආයුබෝවන්’ කියන්න පුළුවන් වුණේ.

සංඛ අමර්ජිත්  – ධරණී පුවත්පත ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x