ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

සඳ කුමාරි මගේ මනාලී වාසනාවක් කියලා තමා මටත් හිතෙන්නේ

සඳ කුමාරි මගේ මනාලී. පසුගිය කාලයේ මෙරට ගීත ලෝලීන් අතර අතිශයින් ජනප්‍රිය වූ ගීතයක් විය. එහෙත් එය නිර්මාණය වූයේ මීට දශකයකට පමණ පෙරාතුවය. එදා චන්දන ලියනආරච්චි ගැයූ ඒ ගීතය ප්‍රතිනිර්මාණය වූයේ නදී සෙනෙවිරත්නගේ හඬිනි.
ගීතයට සුවිසල් ජනප්‍රියත්වයක් ලැබුණේ නදී ගැයූ ඉක්බිතිවය.

කවුද මේ නදී? අද කවුරුත් අහන්නේ ඒ ප්‍රශ්නයයි. ඉතිං අපි නදී සොයාගතිමු? 

“මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිවුවැනි වසරෙ ශිෂ්‍යාවක්. මගේ උපාධිය සිනමා හා රූපවාහිනී අධ්‍යයනය.”

ගීත ගායනය, ඔබේ අධ්‍යයන විෂයෙන් පරිබාහිර කටයුත්තක්? 

මම නාද කණ්ඩායමේ ගායිකාවක් විදිහට වැඩ කරනවා.

සඳ කුමාරි, ඔබේ මනාලිය කරගන්නේ කොහොමද? 

ඔය සිරස කරපු ගීතයක්. සිරස කළ ගීත කිහිපයක් රීමේක් කරන්න නාද කණ්ඩායමට බාර දීලා තිබුණා. නයන කරුණානායක අයියා ඒ සිංදුව හදන වෙලාවේ මම ඒ ස්ටුඩියෝ එකේ හිටියා.

නංගි මේක කියන්න කියලා නයන අයියා මට කිව්වා. ඒ කියන්නේ ඩ-මි-ය-ට සින්ග් කරන්නයි මට කිව්වේ. ඉතින් මම කිව්වා.
පස්සේ ඒ ඩ-මි එක සිරසට යැව්වා. සිරසෙන් කියලා ඒක හොඳයි අලුතින් වොයිස් කරන්න අවශ්‍ය නෑ කියලා. ඒ විදිහටයි ඔය ගීතය ආවේ.

ඒ කියන්නේ ඒක අහඹුවක් වගේම වාසනාවක්? 

වාසනාවක් කියලා තමා මටත් හිතෙන්නේ.

නදී ගායනයට අත්පොත් තිබ්බේ පාසලෙන්ද? 

මම ඉගෙනගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්. ඉස්කෝලේ වාර්ෂික ප්‍රසංගයේදී තමා මම මුලින්ම වේදිකාවකට නැ-ග-ලා සිංදු කිව්වේ. ඒ 2011 අවුරුද්දෙදි. එදා මං කිව්වේ ඉංග්‍රීසි ගීතයක්. උසස් පෙළ කරන්නේ දේවි බාලිකා විද්‍යාලයෙන්.

01

 

02

ඔබේ සංගීත ගමනට උදව් කරන අය? 

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි. අම්මයි තාත්තයි දෙන්නම සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ කථිකාචාර්යවරු. ඒ දෙන්නගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.

අම්මා ගැන තව විස්තර කියමුද? 

අම්මා ශ්‍රියා කාරියවසම්. එඩ්වඩ් ජයකොඩි එක්ක ‘මේ කොයි යන්නේ’ ගීතය ගයන්නේ අම්මා. තව ටෙලිනාට්‍ය ගීත ගණනාවකුත් අම්මා ගයලා තියෙනවා.

03

එතකොට තාත්තා? 

මහින්ද සෙනෙවිරත්න. හින්දුස්ථානි වයලීන් වාදනය පිළිබඳ කථිකාචාර්යවරයෙක්.

ඔබේම කියලා නිර්මාණයක් තවම කෙ-රි-ලා නැද්ද නදී? 

මේ දවස්වල ගීත තුනක් කරගෙන යනවා. ඉන් දෙකක්ම සංගීතවත් කරන්නේ නාද කණ්ඩායම. අනිත් ගිතය කසුන් කල්හාර නිර්මාණය කරනවා. මේ ගී ලිව්වේ සාවිත්‍රි කියලා අක්ක කෙනකුයි, ජයා කියලා අක්ක කෙනකුයි.

ශකුවි – සාරවිට වෙබ් අඩවිය ඇසුරිනි

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x