ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

එදා වගේම අදත් මූලිකත්වය දෙන්නෙ නිවේදිකාවට

පාසල් කාලෙ ඉඳල නිවේදන වෘත්තියට ඇලූම් කරන දසුනි මධුවන්ති තමන්ගේ බලාපොරොත්තුව ඉටුකර ගන්න ඉදිරියට යන ගමනෙදි තමයි ඇයට හිතෙන්නෙ කවදාහරි දවසක හිසමත කිරුළක් දරන්න ඇත්නම් කියලා. අධිෂ්ඨානය උත්සාහය කැපවීම ප‍්‍රබල වුණ තැන ජයග‍්‍රහණය අනිවාර්යයි. අන්න එ් විදියට තමයි මෙවර අයි.ටී.එන්. අවුරුදු කුමරිය ලෙස හිසමත කිරුළක් පළඳිමින් ඇය නිවේදිකාවක් බවට පත්වන්නෙ.

බොහොම සුන්දර විදියට හිතේ තිබුණ බලාපොරොත්්තු ඉටුකරගන්න තරම් වාසනාවන්ත වීම ගැන දසුනිට මොකද හිතෙන්නෙ… 

වචනවලට පෙ-ර-ළ-න්න බැරි සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක්.

නිවේදිකාවක් වෙන්න සිහින දකින අතරතුර අවුරුදු කුමාරියක් වෙන්න හිතුවෙ ඇයි ?… 

මම හිතන්නෙ ඉදිරියේදී රූපවාහිනි මැදිරියක නිවේදිකාවක් ලෙස වැඩසටහන් මෙහෙයවද්දි මම වෙනත් කලා කටයුතුවලට සම්බන්ධව දක්වන අනෙකුත් දක්‍ෂතා වගේම ජයග‍්‍රහණ මගේ වෘත්තීය ජීවිතේට ලොකු රුකුලක් වෙයි කියලයි.

අයි.ටී.එන්. අවුරුදු කුමාරියන් අතරේ ඔබ ලබන්නෙ පළමුවන ස්ථානය. එ් ජයග‍්‍රහණයත් සමග දැන් රංගනයටත් ආරාධනා ලැබෙනවා ඇති නේද ?… 

එ්ක අද ඊයේ සිද්ධ වුණ දෙයක් නෙමෙයි. මම අවුරුදු කුමාරියක් වෙන්න ඉස්සෙල්ලා ඉඳලා විවිධ තරග සහ වැඩමුළුවලට සහභාගිවෙලා තියෙනවා මගේ දක්‍ෂතා දියුණු කරගන්න. එ් අවස්ථාවල මට රංගනයට බොහෝ සෙයින් ආරාධනා ලැබිලත් තියෙනවා. මේ ජයග‍්‍රහණයෙන් පස්සෙත් එවැනි ආරාධනා කිහිපයක්ම ලැබුණා.

01

 

02

 

දැන් දසුනිට හිතෙනවත් ඇති නේද නිවේදන වෘත්තිය පැත්තකින් තියලා රංගන ශිල්පිනියක් වුණානම් හොඳයි කියලා… 

නෑ… නෑ… මට කවදාවත් එහෙම හිතෙන එකක් නෑ. එදා වගේම මම අදත් ආදරේ කරන්නෙ නිවේදන වෘත්තියට. මම මේ වෙද්දි ධර්මශී‍්‍ර වික‍්‍රමසිංහ ගුරුතුමා යටතේ නිවේදන කලාව හදාරමින් සිටිනවා.

එ් සඳහා ඔබට තවම ආරාධනා නැහැ නේද ?… 

ඇත්තටම මම වෘත්තීය වශයෙන් නිවේදිකාවක් වෙන්න හිතාගෙන හිටියේ නිසි හැදෑරීමත් එක්ක මගේ දක්‍ෂතා ඔප් මට්ටම් කරගෙන. එ්ත් අවුරුදු කුමාරියක් ලෙස කිරුළ පැළඳුවාට පස්සෙ මට ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කොරෝනා වසංගතයේ බලපෑමත් එක්ක තවම සහභාගි වෙන්න බැරිවුණා.

නිවේදනය රංගනය කියන රැුකියා දෙකේම එකවර නියැළෙන එක දු-ෂ්ක-ර කාර්යයක් කියල දසුනිට හිතෙන්නෙ නැද්ද ?… 

මෙහෙමයි මම අනිවාර්යයෙන්ම එදා වගේම අදත් මූලිකත්වය දෙන්නෙ නිවේදිකාවට. මේ වෙද්දි රංගනයට ආරාධනා ලැබිල තිබුණත් එ් දේවල්වලට සම්බන්ධ වෙන්නෙ නිවේදන කටයුතුවලට බා-ධා නොවෙන විදියට.

03

 

04

නිවේදනයට වගේම රංගනයට ආරාධනාවක් ලැබුණම එ් ගැන කතාබහ කරන්නෙ කාත් එක්කද ?… 

මම පවුලේ එකම දරුවා. අම්මයි තාත්තයි එක්ක තමයි හැමදේම බෙදාහදා ගන්නෙ. ගෑනු ළමයෙක් විදියට මම තෝරා ගන්නෙ හරිම දේ තමයි කියන විශ්වාසය ඔවුන් තුළ තියෙනවා.

කලාව හරහා ඉදිරියට යන්න සිහින මවන දසුනිගේ හිතේ තියෙන අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්… 

ආදරණීය නිවේදිකාවක් රංගන ශිල්පිනියක් වෙලා හැමෝගෙම ආදරය ලබන්න මම කැමතියි.

ධම්මික හේවාවසම් – නවලිය පුවත්පත ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x