ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගන්නා දවසට මගේ ආදරේ ගැන හිතනවා

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකාව මෙන්ම ලෝකයේ කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන් අතර සුපිරි පිතිකාරනියක ලෙස නමක් දිනා සිටින ඇය එළඹෙන ඔක්තෝබරයේ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන හත්වන බිග් බෑෂ් ලීග් පන්දුවාර විස්සයි විස්ස කාන්තා කි‍්‍රකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් හි ස්කොචර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සූදානම්ව සිටින අතරතුර නවලිය සෙනෙහසක නවාතැනට ගොඩවැදුනා.

සම්පූර්ණ නම… 

අත්පතතු මුදියන්සේලාගේ චමරි ජයංගනී අතපත්තු.

පවුලේ විස්තර… 

මමයි අම්මයි තාත්තයි.

ක‍්‍රිකට්වලට යොමු වුණේ… 

පුංචි කාලේදිමයි. අවුරුදු හතරෙ වගේ ඉඳල මම ක‍්‍රිකට් වලට ආසයි.

එ්කට හේතුව… 

අපේ මාම කෙනෙක් හිටියා චන්ද්‍ර දිසානායක කියලා. එය මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙත් කුරුණෑගල පාසලකත් ක‍්‍රිකට් පුහුණුකරුවකු ලෙස කටයුතු කළා. ඔහු තමයි එ් කැමත්ත මගෙ හිතේ ඇති කළේ. 1996 ක‍්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය මම අවසන් වෙනකම් බැලූවා. එතකොට මගේ වයස අවුරුදු හයයි. එදා එ් ජයග‍්‍රහණය වගේම ක‍්‍රීඩා කළ සනත් ජයසූරිය ඇතුළු ක‍්‍රීඩකයන්ගෙ දක්ෂතා මගේ හිතේ කි‍්‍රකට්වලට ආසාවක් ඇතිවෙන්න බ-ල-පෑ-වා.

අධ්‍යාපන කටයුතු කොහොමද? 

මම මගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගොකරැුල්ල මහ විද්‍යාලයෙන්. ඊට පස්සේ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්.

ක‍්‍රිකට් වලට ගෙදරින් ලැබුණු සහයෝගය ?… 

ඇත්තටම මගේ අම්මයි තාත්තයි මට ලොකු ශක්තියක් වුණා. අපේ ගමේ නෑදෑයො මම ක‍්‍රිකට් වලට ගිහින් අධ්‍යාපන කටයුතු අ-වුල්ක-ර ගනියි කියල. අම්මටයි අප්පච්චිටයි කියලා තිබුණා. නමුත් අධ්‍යාපන කටයුතු අ-වු-ල්ක-ර ගන්නේ නැතිව එ් කටයුතු කළා.

මම උසස් පෙළට විද්‍යා විෂයයන් කරන්න හිටියේ. නමුත් අප්පච්චි කිව්වා පුතේ විද්‍යා විෂයන් කළොත් ඔයා ආසාවෙන් කරන ක‍්‍රීඩාව අත්හරින්න වෙයි කියලා. අවසානයේ අධ්‍යාපන කටයුතු හා ක‍්‍රිකට් කී‍්‍රඩාව හරියට කරන්න ඕන නිසා මම වාණිජ අංශයෙන් උසස් පෙළ කළා. උසස් පෙළ සමත් වෙලා මම යූනියන් ඇෂුවරන්ස් හි රැුකියාවක් කළා.

01

 

02

පාසල් කාලයේ ක‍්‍රිකට්වලට දායකත්වය කොහොමද ?… 

ඉබ්බාගමුව විද්‍යාලයේ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායක් තිබුණා. මම එයට ක‍්‍රීඩා කළා. එකල අපට පාසල් කාන්තා ක‍්‍රිකට් ජයග‍්‍රහණ රැුසක් ලබා ගන්න හැකි වුණා. මම 2002 දී තමයි පළමුවරට ලෙදර් ක‍්‍රිකට් කරන්නේ. මගෙ පළමු පුහුණුකරු ජනක විජේතුංග අයියා. පළමු කි‍්‍රකට් සමාජය වුණේ කොල්ට්ස් ක‍්‍රීඩා සමාජයයි.

මම නිතර කොළඹ ආපු ගියපු ළමයෙක් නෙවෙයිනෙ. අප්පච්චි සමග තමයි පුහුණු වීම් සඳහා ආවෙ ගියේ. ඉතිං ඔහොම පුහුණු වීම් සඳහා මාව ගෙනත් ඇරලලා යන අතරේ මගේ අප්පච්චි හා-ර්ට් ඇ-ටෑ-ක් එකකින් නැති වුණා. එය මගේ ක‍්‍රිකට්වලට හුඟාක් බ-ල-පෑ-වා. මම ක‍්‍රිකට් න-ව-ත්ත-න්න හිතූවා.

එ්ත් අම්මා කිව්වා පුතේ අප්පච්චගෙ කැමැත්ත තිබුණේ ඔයා හොඳ ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවක් වෙනවා දකින්න. එ් නිසා ක‍්‍රිකට් නවත්තන්න එ-පා කියලා. මම 2008 ජාතික සංචිතයට තේරුණෙ. නමුත් කොළඹ යන එන එක ප‍්‍ර-ශ්න-ය-ක් නිසා නැවත ආවේ 2009 දීයි. මම ජාතික කණ්ඩායම ට තේරුණා කියන ප‍්‍රවෘත්තිය අප්පච්චි දන්නවා. එ්ත් එයාට මං ජාතික, ජාත්‍යන්තර තරගයක් ක‍්‍රීඩා කරනවා බලන්න බැ-රි වුණා.

කොළඹ ගමන සිද්ධ වුණේ කොහොමද ?… 

මම කොළඹ තනියෙන් යන්න එන්න පුරුදු වුණා. උදේ පාන්දර තුනයි තිහට පමණ ගොකරැුල්ලේ බස් එකට ගොඩ උනාම කොළඹට එනවා පාන්දර පහයි තිහට හයට පමණ. මං කොළඹ ගැන වැඩිය දන්නෙත් නෑ. ලොකු බෑග් එකකුත් උ-ස්ස-ගෙ-න කොහොමහරි වී දවසේ පුහුණුවීම් කරලා ආයෙ හැන්දෑවේ පහමාරට විතර බස් එකට නගිනවා. ?

දහයට දහයහමාරට ගොකරැුල්ලෙන් බ-හි-න-වා. එකම සහනයකට තිබුණේ අපේ ගෙදර පාර අයිනේ තිබිච්ච එක. සමහර දවසට ? දහයට මම ගෙදර ගිහින් පහුවදා තුනහමාරට ආයෙත් කොළඹ එන්න පිටත් වෙනවා. සමාර දවසට පාසල් යනවා. එ්ක බොහොම දු-ෂ්ක-ර දු-ක්බ-ර කාලපරිච්ෙඡ්දයක්. මම පළමු විදෙස් සංචාරය ගිහින් ඇවිත් දවස් කීපයකින් තමයි උසස් පෙළ විභාගයට ලිව්වෙ.

සනත් ජයසූරියගෙ බ-ල-පෑ-ම-ක් ඔබට තිබ්බා නේද ?… 

ඔව් ඔව්. මම සනත් ජයසූරියට හරි ආසයි. ඔහුගෙ පිතිකරණ රටාවටත් මම හුඟාක් ආසයි. මම උත්සාහ කළා ඔහුගේ රටාවට බැට් කරන්න පවා. ඛෙත්තාරාම ක‍්‍රීඩාංගනයේ මම පුහුණු වීම් කරද්දි ඔහුත් පුහුණු වීම් කළා. දවසක් මගේ පුහුණු කරු මම සනත් ජයසූරියට කැමති බවත් එදින මගේ උපන් දිනය යෙදී ඇති බවත් පැවසුවා. ඔහු මගෙන් උපන්දින කේක් ඉල්ලූවා.

ඉතිං මම කේක් කෑල්ලක් දුන්නා. එදා මට සනත් අයියා පුහුණු වීම් කළ බැට් එකයි ග්ලව්ස් දෙකයි දුන්නා. මතක සටහනක් ලෙස. අදටත් එය මා ළඟ තිබෙනවා. සනත් ජයසූරිය වගේ ක‍්‍රීඩා පිටියේ හැසිරෙන්න ක‍්‍රීඩා කරන්න මම අදත් ආසයි. මගේ පළමු පුහුණු කරු විජිත කුලතුංග. මම ඔහුගෙන් පන්දුවට පහර දෙන ආකාරය තාක්ෂණික කරුණු ගොඩක් ඉගෙන ගත්තා.

ඔබ ක‍්‍රිකට් නො-ගැ-සු-වා-න-ම් වඩා කැමති කුමන ක්‍ෂ්ත‍්‍රයටද ?… 

ඇත්තටම එහෙම වුණා නම් මම ක‍්‍රීඩා උපදේශකවරියක් ලෙස හෝ බැංකු නිළධාරිනියක් ලෙස රැුකියාව කරයි.

ඔබට විදේශ කණ්ඩායම් වලින් විශේෂ ආරාධනා ලැබෙනවා… 

මම රටවල් කිහිපයකම තරගවලට සහභාගී වෙලා තියෙනවා. එ්කට විශේෂ හේතුවක් වුණේ පසුගිය ලෝක කුසලාන තරගාවලියක දි එවකට ලෝක ශූර ක‍්‍රිකට් කණ්ඩායමට එරෙහිව නොදැවී මම ලබා ගත්ත ලකුණු 178. එය කාන්තා ලෝක කුසලාන තරගාවලියකදි ක‍්‍රීඩිකාවක් ලබා ගත් දෙවැනි වැඩි ම ලකුණු ප‍්‍රමාණය.

අනෙක එය මම ලබා ගත්තේ ලෝක ශූර කණ්ඩායමකට එරෙහිව. ලංකාවේ ක‍්‍රීඩිකාවක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව. ලෝකයේ හතර වැනියා මම ඉන්නවා. එ්ක මට ලොකු සතුටක්. ඉතිං ඔය තත්ත්වය මත මට එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව වගේ රටවලින් ලීග් තරගාවලිවලට එහි කණ්ඩායම් නියෝජනය ආරාධනා ලැබෙනවා.

මෙවර ඕස්ටෙ‍්‍රලියාවේ බිග් බෑෂ් තරගාවලියට ආරාධනා ලැබිලා තියෙනවා. පර්ත් ප‍්‍රාන්තයේ ස්කොචර්ස් කණ්ඩායම නියෝජනය සඳහා. මම එයට වඩා කැමති එහි ක‍්‍රීඩාංගන හා මගේ නෑදෑයින් මිතුරියන් ඉන්න නිසා.

03

 

04

ඔබේ ජීවිතයේ කැ-පි-ලි කෙ-ටි-ලි තිබිලා තියෙනවද ?… 

අනන්තයි අප‍්‍රමාණයි. එ්වා ගැන මට පොත් ගණනාවක් වුණත් ලියන්න පුළුවන්. එ්ත් අද මම හුඟක් සතුටු වෙනවා මට කැ-පි-ලි කෙ-ටි-ලි සිදුකළ අයගැන. එයාලා එහෙම දේවල් කරපු නිසා තමයි මගේ හිත වඩ වඩාත් ශක්තිමත් වුණේ.

අද මම ශී‍්‍ර ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකාව. පැමිණි බා-ධ-ක නිසාම තමයි ප‍්‍-ර-ශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද තරගයකට මුහුණ දෙන්නේ කොහොමද මිනිසුන් ඇසුරු කරන්නේ කොහොමද ආදී හුඟාක් දේවල් මම ඉගෙන ගත්තේ. එ් නිසා මම එ් අයට හැමදාම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මගේ ගමනේ කොටස්කරුවෝ වීම ගැන.

තරුණ වියේ ඉන්න ඔබට ආදරය ආගන්තුක නැතුව ඇති… 

එ්ක මෙහෙමයි. අද දවසේ මගේ ආදරය ක‍්‍රිිකට් ක‍්‍රීඩාව විසින් දිනා ගෙන තියෙනවා. අප්පච්චි නැ-ති වුණාට අම්මා තමයි මං ගැන හොයල බලන්නෙ. මගේ නෑදෑයොත් මට මේ ගැන මතක් කරනවා. එ්ත් මම ආදරේ කරන්න ගියොත් විවාහයක් කර ගත්තොත් එ්ක කි‍්‍රකට් වලටත් මගේ පෞද්ගලික ජීවිතයටත් යම් බ-ල-පෑ-ම-ක් ඇතිවෙනවා.

එ් නිසාම මට ආදරේ කරන තැනැත්තාට හා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට බා-ධා-ව-ක් නො-වෙ-න්න-ට-ත් ඕනෑ නිසා මම අද දවසේ ආදරේ ගැන හිතන්නේ නෑ. තව අවුරුදු දෙක තුනකින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සම- ගනීවි. අන්න එදාට මං මගේ ජීවිතේ ගැන මගේ ආදරේ ගැන හිතනවා.

ඔබ විලාසිතා කරනවද ?… 

ඇත්තටම මම ක‍්‍රීඩිකාවක් විදියටයි මම අපේ රට නියෝජනය කරන්නෙ. මම සමාජයෙ යම් තැනකට ගියාම සමහරු මං දිහා බලන්නේ රට නියෝජනය කරන කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසයි. මම නම හා විනය රැුක ගත යුතුයි. මම අඳින ඇඳුමෙන් පවා එ් විනය පවත්වා ගන්න මම ආසයි. කැමතියි. එ් නිසා මම තැනට ඔබින, මගේ ශරීරයට ඔබින, මගේ වෘත්තියට ඔබින, මගේ සමාජ පසුබිමට ඔබින ලෙස විලාසිතා කරනවා.

අනාගත සැලසුම් මොනවාද ?… 

මම තව ටික කාලෙකින් කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් වගේම ක‍්‍රීඩාවෙන් ස-මු-ග-න්නවා. මම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අපේ රටට යමක් කරන්න කැමති කෙනෙක්. අපේ කාන්තා ක‍්‍රිකට් සංවර්ධනය කරන්න කැමතියි. එ් නිසා මම ශ‍්‍රී ලංකාවෙන් බැහැර වෙලා ක‍්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් යම්කිසි පුහුණුවීම් පාඨමාලාවක් හදාරන්න කැමැත්තෙන් ඉන්නවා. සමහර විට මම ක‍්‍රිකට් පුහුණුකාරිණියක් වේවි. අපේ රටේ හෝ පිට රටක. එ් වගේම මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් මග හැරුණු දේවල් ඉටු කර ගැනීමටත් බලා පොරොත්තුවෙන් ඉන්නවා.

සුගත් ශාන්ත මොරගහකුඹුර – නවලිය පුවත්පත ඇසුරෙනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x