දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් ආසාදිත දරුවන් අතර පසු කොවිඩ් රෝගී තත්ත්වයේ වැඩිවීමක්

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සඳහා පැමිණෙන දරුවන් ගණන වේගයෙන් පහත වැටුණද කොවිඩ් වෛරසය අසාදනය වී සුවය ලබා සති 2ත් 6ත් අතර කාලයේදී දරුවන්ට වැළඳෙන Multisystem inflammatory syndrome in children තත්ත්වය වැඩිවෙමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසුවේය.

ඊයේ (27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි කිතුල්වත්ත මහතා මේ බව කියාසිටියේ.

මෙය පශ්චාත් කොවිඩ් රෝගී තත්ත්වය වන අතර මෙම රෝගී තත්ත්වයේදී සිදුවන්නේ කොවිඩ් 19 වෛරසයට එරෙහිව ශරීරය තුළ ඇතිවන ප්‍රතිදේහ මොළය,හදවත,පෙනහළු,වකුගඩු ආදී අවයව වලට අහිතකර ලෙස බලපෑම බව කිතුල්වත්ත මහතා සඳහන් කළේය.

ඒ අනුව ඊයේ දිනයේදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ මෙම Multisystem inflammatory syndrome in children තත්ත්වය නිසා දරුවන් 05ක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවයි කිතුල්වත්ත මහතා පැවසුවේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම පසු කොවිඩ් රෝගී තත්ත්වය සහිත දරුවන් 200ක් පමණ වාර්තා වී තිබෙන අතර ඉන් 100 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වී තිබෙන බවත් ඉන් 63ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් දැනට දරුවන් 03ක් මෙම පසු කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් මිය ගොස් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ගර්භනී මවකට කොවිඩ් වෛරසය ආසාදනය වුවහොත් අලුත උපදින දරුවාටද මෙම Multisystem inflammatory syndrome in children රෝගී තත්ත්වය මතුවිය හැකි අතර එවැනි රෝගී දරුවන් 2ක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

මෙම රෝගී තත්ත්වය මතුවන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සුව සති 2ත් 6ත් අතර කාලයේදීය.

බොහෝ දරුවන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වුණත් රෝග ලක්ෂණ මතු නොවෙන හෙයින් නිවෙස්වල ඉන්න වැඩිහිටියන් පවා දරුවාට කොවිඩ් 19 වැළඳී ඇති බවට දැන නොගන්නා නිසා ඒ කෙසේවුවත් මේ දිනවල දරුවාට උණ,උණ සමඟ තදබල බඩේ කැක්කුම,වමනය,පාචනය,ඇස් රතු වීම,හම මතු පිට දද වැනි තත්ත්වයක් මතුවීම යන රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම දරුවා ළඟම තිබෙන රෝහලකට රැගෙන යන ලෙසයි කිතුල්වත්ත මහතා අවධාරණය කළේ.

මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර පවතින හෙයින් නිසි නිසි කලට මෙය හඳුනාගෙන නිසි ප්‍රතිකාර කළහොත් මාරාන්තික තත්ත්වයෙන් වළක්වා ගත හැකි බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x