ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

කසාද නොබැඳ අපි එක් වෙලා දැන් වසර 27ක්

කලා ශාස්ත්‍රයේ ඇතුලේ වටිනා කලා නිර්මාණ වෙනුවෙන් තමන්ගේ රංගන දායකත්වය ලබා දීපු රංගධරයෙක් විදිහට අපිට ඩබ්ලිව් ජයසිරි මහතාව හඳුනාගන්න පුළුවන්. රිදී තිරය, පුංචි තිරය වගේම වේදිකාව තුළත් තමන්ගේ රංගන දායකත්වය අතිශය පුළුල් ව ඉදිරිපත් කරපු රංගධරයෙක් තමයි ඔහු.ඒ වගේම ගීත රචකයෙක් විදිහටත් ක්ෂේත්‍රය තුළ බොහෝම ජනප්‍රියයි. අතිශය ජනප්‍රිය ගායන තරු වලට තමන්ගේ ගීත රචනා කර දී තිබෙනවා.මෑතකදී අප අතරින් සමුගත් නිහාල් පෙරේරා ප්‍රවීණ ගායන ශිල්පයාටද ගීත රචනා කර දී තිබෙනවා.

ඩබ්ලිව් ජයසිරි කියලා කියන්නේ බොහොම නිදහස් ඒ වගේම තමන්ගේ අදහස් සෘජුව ප්‍රකාශ කරන රංගන ශිල්පියෙක්. මේ හේතුව නිසාම බොහෝ විට ඔහු ඔහුගේ රසිකයන්ගෙන් වගේම සමාජයෙන්ද විවේචනාත්මක තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා.

ජයසිරි මහත්මයා කියන විදියට නම් ඔහු මාක්ස්වාදයට සම්බන්ධ වන ට්‍රොට්ස්කිවාදියෙක් කියල තමයි කියන්නේ. ඊට හේතුව වෙන්නේ ට්‍රොට්ස්කිවාදය කියලා කියන්නේ සාහිත්‍ය සහ කලාව කියන දෙක හා සම්බන්ධ වන නිදහස් මත වාදයක්. ඔහු කියන විදිහට නං ඔහුට තියෙන්නෙත් කලාව සම්බන්දයෙන් බොහොම නිදහස් මතවාදයක්. නමුත් වර්තමානයේ දී නම් ඔහු කිසිම මතවාදයකට නැති කෙනෙක් කියලත් ඔහු සඳහන් කරනවා.

කලා ලොවේ දැවැන්ත චරිත සමඟ ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරපු, ඒ වගේම ඔවුන් සමග කලා නිර්මාණවලට සම්බන්ධ වුණු දැවැන්ත චරිතයක් විදියටත් අපිට ජයසිරි මහත්මයාව හඳුනා ගන්නට පුළුවන්. කොහොම වුනත් විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වු තමන්ගේ කලා ජීවිතය ඇතුලේ සහෘද ජනතාවට අමතක නොවන කලා නිර්මාණවලට ඔහුගේ රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාලාවලත් නිරන්තරයෙන් ඔහුගේ තොරතුරු රසික ජනතාවට ලබාදෙන්නට ජයසිරි මහත්මයා කටයුතු කරල තිබුන. ඒ අනුව පහුගිය දවසක ඔහුගේ 27 වෙනි විවාහ සංවත්සරය පිළිබඳව සඳහන් කරල තිබුණා. ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි මේ පිළිබඳව සඳහන් කරලා තිබුණේ,

“මමයි රූපිකයි කොයි ම ආකාරයක හෝ නීතිමය බැඳීමක් නැතිව එකිනෙකා අතර වූ ආදරය සහ ගෞරවය නිසා එක වහලක් යටට වී 27 වසරක් වෙනවා. අපේ සෙනෙහසේ මල්ඵල වූ අන්නපූර්ණා හා මන්දාරිකා සමඟ අපි හතරදෙනාම කිසි විටකත් ආගම්වාදී නොවී ජාතිවාදී නොවී අන්තගාමී නොවී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ප්‍රාර්ථනාවෙන් සාමකාමීව ජීවත් වෙමු.”

ඉතිං කලා ක්ශේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පියකුගේ සහ ඔහුගේ බිරිඳගේ විසිහත්වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් අපිත් ඔවුන්ට සුභ පැතුම් එක්කරනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x