ක්‍රීඩා පුවත්ඡායාරුප ගැලරියේවිශේෂාංග

ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හැල්මේ දුවන හිරුණි

ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය දක්වා ඔසවා තැබූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපේ ඉතිහාසයේ ඉන්නවා. ඉතින් ඔවුන් ලංකාවට අත්පත් කර දුන් ඒ කීර්ති නාමය තවදුරටත් ඉදිරියට රැගෙන යන්න ඇප කැපවී කටයුතු කරන ක්‍රීඩා පරපුරක් අප සතුයි .

ඉතින් මේ අපි කියන්න යන්නේ ඇමරිකාවේ ඉඳන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධාවන තරග නියෝජනය කරන අපූරු කාන්තාවක් පිළිබඳවයි . ඇය නමින් හිරුණි විජයරත්නයි. ඇය මේ වෙද්දී ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්නවා. හිරුණි ඇමරිකාවට යන්නේ වයස නමයේදී .

වෘත්තීයෙන් අළවි කළමනාකාරවරියක් ලෙස ඇමරිකානු සමාගමක සේවය කරන හිරුණි සිය මලල ක්‍රීඩා පුහුණුවීම් වල නිරත වෙන්නේ එයින් ලද විවේක කාලය තුළදී. ඉතින් නිසි පුහුණුවීම් යටතේ යහපත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඇය නිරන්තරයෙන්ම පුහුණුවීම් කටයුතු වල යෙදෙන අමතක කරන්නේ නැහැ.

මෙ අපූරු කාන්තාව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවිධ ජයග්‍රහණ අත්පත් කරගන්නට තරම් වාසනාවන්තියක් වෙනවා. පසුගිය දවසක ඇමරිකාවේ පැවති ඉන්ඩියානාපොලිස් මොනියුටල් මැරතන් ධාවන තරඟයේ කාන්තා අංශයේ තෙවන ස්ථානය හිමි කර ගන්නට ඇය සමත් වෙනවා.

ධාවන තරඟය හිරුණි නිම කිරීමට පැය දෙකයි විනාඩි තිස් අටයි තප්පර තිස් හතරක කාලයක් වැය කරලා තියෙනවා. මේ ජයග්‍රහණය නිසා ඇය ලබන වසරේ කටාර් රාජ්‍යය පැවැත්වෙන ලෝක මල්ල කීඩා තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබනවා.

මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඔලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාවට දෙන එක. ඒ සඳහා මම ගොඩක් කැපවීම් කරමින් ටිකෙන් ටික ලං වෙනවා

ඇය මේ ජයග්‍රහණයෙන් අනතුරුව අදහස් දැක්වූයේ එයාකාරයෙන්. ඉතින් මේ අපූරු තරුණිය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මැරතන් තරග ඉසව්වෙන් එකොළොස් වන ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා.

ඇගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නංවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් කෙබඳු ආකාරයේ සහයක් ලැබෙනවාද කියලා අහපු අවස්ථාවක ඇය සඳහන් කරන්නේ ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙන්න මුදල් සහ ගුවන් ටිකට්පත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඇයට ලැබෙනවා කියලා.

නමුත් ඇගේ පුහුණුකරුට ගෙවන මුදල් සහ ඇගේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ආදී සියලුම වියදම් ඇගේ පෞද්ගලික වියදමෙන් දරනවා කියලා සඳහන් කළා. ඇය වැඩි දුරටත් සඳහන් කරන්නේ ක්‍රීඩාවට ඇය තුළ ඇති කැමැත්ත නිසාම ඒ සියලුම දේ පෞද්ගලික වියදමෙන් කිරීමට ඇය තීරණය කළ බවයි.

කෙසේ නමුත් වැඩිදුරටත් හිරුණි සඳහන් කරන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජය මගින් නිසි පුහුණුවක් සහ අවශ්‍ය පහසුකම් ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත ආහාර ආදී සියලුම දේ ලබාදේ නම් මීටත් වඩා ජයග්‍රහණයන් ලංකාවට රැගෙන ඒම අපහසු කටයුත්තක් නොවන බවයි.

ඒ අවශ්‍ය පහසුකම් සලසා දී ක්‍රීඩකයන්ගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට මලල ක්රීඩා ක්ෂේත්රයේ විශාල ජයග්‍රහණයක් සහ ප්‍රවණතාවයන් ළඟාකර ගැනීමට හැකි බව තවදුරටත් හිරුණි සඳහන් කළා.

ඇමරිකාවේ ජීවත් වුනත් තමන් උපන් මවුබිම වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරදීම මූලික තේමාව සහ අරමුණ කරගත් හිරුණි ඉඩ ලද සෑම විටකම ක්‍රීඩා පුහුණුවීම් කරන්න අමතක කරන්නේ නැහැ. ඇයට මේ සඳහා පවුලේ සියලුම දෙනාගෙන් විශාල උදව් උපකාර ලැබෙනවා කියලා සඳහන්.

දවසක ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කරමින් රන් පදක්කමක් ලබා ගැනීමේ උදාර බලාපොරොත්තුව ඇයට ඉටුකර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

(උපුටාගැනීම – srilankabrand.info වෙබ් අඩවිය)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x