ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

හදිසියේ ජිවිතයට සමු දුන් ආදරණිය මල්ලී ගැන සංවේදී වූ සසන්ති ජයසේකර

සසන්ති ජයසේකර කියන්නේ කාලයක් සිනමාවට නැතිවම බැරි වූ රංගන ශිල්පිනියක්. නමුත් දෙවැනි විවාහයත් එක්ක විදෙස් ගත වූ ඇය නිර්මාණ සඳහා සම්බන්ධ වුනේ නැහැ. ඇයගේ බාල සහෝදරයා පහුගිය 23වන දින රාත්‍රියේ හදිසි අනතුරකට ලක්වෙලා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.

ඉන් දැඩි කම්පනයට පත්ව සිටින ඇය තම ආදරණිය සහෝදරයා ගැන කියන්නේ මෙහෙම කතාවක්,

අපේ මුළු ජීවිතේම කැඩී බිදී ගොස්, කිසිවෙකුටත් එය නැවත එකතු කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මගේ පුංචි සහෝදරයා මට සහෝදරයෙක් විතරක් නෙමෙයි. මම නිතරම ඔහුට සැලකුවේ මගේ පුතාට වගේමයි. ඒත් දැන් ඔහු අපෙන් වෙන් වෙලා ගිහින්. 23වන දින රාත්‍රී 11.56ට සිදුවූ මාරක රිය අනතුරින් මගේ ආදරණීය මල්ලී මෙලොව හැර ගියා. ඉතින් අපේ පවුලේ හැමෝටම මේක ලොකු දුක්බර අවස්ථාවක්. අපේ පවුල කෙරෙහි එයාගේ තිබුන දැඩි ආදරය සහ බැඳීම එයාගේ සංවේදී කම, එයාගේ අහිංසක කම මේ සියලුම දේ අපට අහිමි වුණා. ඔහු මට සහ මගේ පුතාට, මගේ අම්මට, තාත්තට, ඔහුගේ සහෝදරයාට, මගේ ආදරණීය ස්වාමි පුර්ෂයා ස්ටීව්ට සහ ජෝර්ජ්ට තිබුණු ආදරය අති මහත්. ඔහු සෑම කෙනෙකුටම ආදරය කළා. ඔහු එතරම් අහිංසක සංවේදී සහ හොඳ දරුවෙක්. මගේ සොහොයුරාගේ ජීවිතයේ පසුගිය අවුරුද්දම හොඳම කාලයක්. ඔහු අපිත් එක්ක ආදරෙන් කාලය ගෙව්වා. වෙහෙස මහන්සි වෙලා වැඩ කළා, ක්‍රීඩා කළා. ජීවිතය ඔහුට ඉතාමත්ම සරල වුණා. ඔයා නැතුව අපේ ජීවිතේ කිසි දිනෙක ආයේ සන්තෝසෙන් ගෙවන්න පුළුවන් වෙයි කියලා මටනම් හිතෙන්නේ නැහැ. ඒත් ඔයා දැන් අපිත් එක්ක ඉන්නවා කියලයි මම හිතන්නේ. ඒ නිසා කොයිම වෙලාවකවත් මන් ඔයාට ආයුබෝවන් කියලා කියන්නේ නැහැ. ඉතින් මන් ප්‍රාර්ථනා කරනවා මගේ ඊළඟ ආත්මෙදි ඔයා මගේ පුතෙක් වෙලා හරි මගේ සහෝදරයා වෙලා හරි නැවත ඉපදෙන්න කියලා. අපි ගොඩක් ඔයාට ආදරෙයි. ඔයාට උතුම් නිවන් සැප ලැබේවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x