ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේවිශේෂාංග

ළමා ලොවට පිරිනමන අලුත්ම ත්‍යාගය

අලුත් අත්දැකීම් සොයා යන, කුතුහලය පිරි ළමා සිත්, සංකීර්ණ වැඩිහිටි ලොව මෙන් නොව, කරුණාවෙන් පිරී පවතී. එවන් වූ ළමා ලොවට Queen of Sea ප්‍රකාශකයින් පිරිනමන අලුත්ම ත්‍යාගය ‘The Floating Hat’ ය. ළමා සිතෙහි ඇති පරිදිම කුතුහලය, කරුණාව, සහ වික්‍රමය එහි සරලවම අන්තර්ගත වේ.

ගඟේ පාවෙන තොප්පියකි. එය ලබා ගැනීමට මහත් වෙහෙසක් දරන වයසක මහත්මයෙකි. ළමුන් ඔහුට උදව් කරාවිද? පාවෙන තොප්පිය බේරා ගන්නට ඔවුන්ට හැකි වෙයිද? මේ අපූරු පැන වලට විසඳුම් සොයා පුංචි පාඨකයන් හුස්ම නො-හෙ-ලා පොතේ පිටු පෙ-ර-ල-න-වා නිසැකයි. ලිලානි ඩයස්ගේ සරල බස් වහර නිසාම ළමුන්ට කතාව වටහා ගැනීමට පමණක් නොව, තනිවම කියවීමටත් හැකි වනවා ඇත. අවසානය තෙක් උද්‍යෝගිමත්ව නො-ඉව-සිල්ලෙ-න් කතාව කියවීමට අවශ්‍ය තරමේ කුකුසක් පොතේ ඇති නිසා ළමුන් වැඩිහිටියෙක් කතාව කියා දෙන තුරු වත් ඉවසා ඉඳී දැයි සැ-ක-යි.

කෘතියේ භාෂාව ඉතා ජීවමය බවක් දක්වන අතර, ළමුන් ඊට කැමැති වනවා ඇත. බලෙන් හොඳ පුරුදු ළමුන්ට ඔ-බ්බ-න-වාට වඩා, ඩයස් ඉතා සුමටව කරුණාව දයාව පිළිබඳ පාඩම් කතාවට එකතු කර ඇත. මොන ආකාරයේ අපූරු දේ කොහි සිට මතු වේ දැ යි නිතර තම වටපිටාව ගැන අවධානයෙන් සිටීමත්, වැඩිහිටි අයට උපකාර කිරීමත් අගනා ගතිගුණ බව ළමුන් මේ කතාවෙන් ඉගෙන ගන්නවා ඇත.

පළමු උත්සාහයෙන් අත් නොහැර, නැවත නැවතත් උත්සාහ කල යුතු බව ‘The Floating Hat’ උගන්වයි. තනිව උත්සාහ කිරීමට අපහසු නම්, එකට එක්ව එකිනෙකාට උපකාර කරගන්නා අයුරු මේ අයුරින් ළමුන්ට වටහාගත හැකිය. මෙතරම් සරල කතාවක් තුල මෙතරම් වටිනා සමාජ කුසලතා සහ සාරධර්ම එක්කර ඇති ආකාරය ප්‍රශංසනීයයි.

Lilani Dias 

කතාවේ අලංකාර බස් වහරටම ගැලපෙන පරිදි එරුෂ්මී කරුණාරත්න විසින් මනරම් සිතුවම් මවා ඇත. ඩිජිටල් සිත්තරාවියක් ලෙස කටයුතු කරන කරුණාරත්න ඇයගේ හැකියාව මේ කෘතියෙන් මැනවින් පෙන්නුම් කරයි. සිතුවම් කොතරම් අලංකාර දැ යි කිවහොත්, මෙවන් අලංකාර පොත් ලබන්නට තරම් වාසනාවන්ත ළමුන් ගැන වැඩිහිටි අපට වුව ඉරිසියා හිතෙන්නට පුළුවන. වර්ණවත් සිතුවම් කතාවට අලුත්ම ජීවයක් එක්කර ඇත.

Erushmie 

Queen of Sea නිරන්තරයෙන් තම ළමා පාඨකයන්ට වටිනා පොත් දායාද කරන අතර, ඔවුන් ප්‍රකාශයට පත් කර ඇති පොත් ඒවායේ නිර්ව්‍යාජ, වර්ණවත්, සරල බව වෙනුවෙන් ඇගයිය යුතුම ය. වැඩි වැඩියෙන් ඩිජිටල් තිර වලට ඇබ්බැහි වන වර්තමානයේ, ඒ නිසාම දරුවන් ඕටිසම් තත්ත්ව වලට පත් වීමේ අවදානමක් ඇති අතර, Queen of Sea මෙය වටහා ගෙන, ඩිජිටල් තිරයේ දිස්වන තරම් ම අලංකාර පොත් දරුවන්ට පිරිනමන්නේ ඔවුන්ගේ සතුට මෙන්ම යහපතද උදෙසාය. මේ අලුත් අවුරුදු සමයේ ඔබේ දරුවාට දිය හැකි වර්ණවත් ම, වටිනාම ත්‍යාගයකි ‘The Floating Hat’. දරුවන් එයින් සතුටටත් විශ්මයටත් පත් වනවා නිසැකයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x