දේශීය පුවත්ප්‍රධාන පුවත්

‘ඉන්ටර්ස්කූල්’ නමැති WhatsApp සමූහය ගැන කළ අනතුරු ඇඟවීම සත්‍යයක් ද?

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ බවට සඳහන් ලිපියක් සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බවත් එම ලිපියේ සඳහන් වන WhatsApp සමූහයක් සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන තොරතුරු සත්‍යතාව තහවුරු කරන ලද තොරතුරක් නොවන බවත් පොලිස් මූලස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

එමෙන් ම, බුද්ධි අංශ රහසිගතව තොරතුරු වාර්තා කරනු ලබන ලේඛන හෝ තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය රහස් පනත් යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත් මහජන ආරක්ෂාවට හානි විය හැකි තොරතුරු පරිගණක ඔස්සේ ප්‍රචාරය කිරීම පරිගණක අපරාධ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් නිකුත් කළ බවට සඳහන් අදාළ ලිපියේ දැක්වෙන්නේ ‘ඉන්ටර්ස්කූල්’ නම් WhatsApp සමූහයක් ඇති බවත් එය ISIS සංවිධානයට අයත් එකක් බවත් ය.

අදාළ WhatsApp සමූහයෙන් ආරාධනයක් ලැබුණහොත් ඒ හා සම්බන්ධ වීමෙන් වළකින ලෙසත් එයට එක් වූවහොත් ඉන් ඉවත් වීමට නොහැකි බවත් එම ලිපියේ සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත්, මෙවැනි WhatsApp සමූහයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ පණිවිඩයක් WhatsApp ඔස්සේ සංසරණය වී තිබේ. එහි සත්‍යතාව තහවුරුදු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා CERT ආයතනය සම්බන්ධය කර ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත.

අම්රා ලියාකත්
(මව්බිම)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x