ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මුහුණු පොත හරහා දැන හඳුනගෙන ඇති වූ මිත‍්‍රත්වය ආදරයක් වෙලා

මම මහනුවර කුණ්ඩසාලෙ, දිනූෂ පේරාදෙණියෙ. මුලින්ම දෙන්නට දෙන්න හඳුන ගත්තෙ මුහුණු පොත හරහා. ඉඳ හිට අපි චැට් කළා. ඔය අතරෙ මට මියුසික් කම්පෙටිෂන් එකකට සහභාගි වෙන්න තිබුණ නිසා ගායනය ටිකක් පැක්ටි‍්‍රස් කරන්න තැනක් හොය හොය හිටියා.

ඒ කාලෙ දිනූෂට මියුසික් බෑන්ඞ් එකක් තියෙනවා කියලා මම දැනගෙන හිටියා. ඉතින් මම ඔහුට මැසේජ් කළා හොඳ ස්වර අභ්‍යාස තියෙන පංතියක් ගැන අහලා. ඒ වෙලාවේ ඔහු සංගීතය වැඩිදුර ඉගෙන ගත්තු පංතියක් ගැන මට කිව්වා. දිනූෂ ඞී‍්‍රම්ස්ටාර් තරගාවලියටත් සහභාගි වූ කෙනෙක්. ඒත් මම ඒ බව දැනගෙන හිටියෙ නෑ…

මුල්ම හමුවීම… 

කොහොම හරි මට ඉක්මනින් පංතියට යෑම අවශ්‍ය බව මම දිනූෂට කිව්වා. එදා මාව එක්කගෙන ගිහින් ඒ සංගීත පංතිය පෙන්නලා ගුරුවරයාව හඳුන්වලා දෙන්න දිනූෂා ඉදිරිපත් වුණා. එදා තමයි මම ඒ ෆේස් බුක් මිතුරව මුලින්ම දැක්කෙ. ඒ මුල්ම හමුවීමෙදි අපි දෙන්නට දෙන්නා හෑන්ඞ් ෆෝන් නම්බර්ස් මා-රු-ක-ර ගත්තා. ඒ අපේ මිතුදම් වැඩිදුර ගෙන යෑමේ අදහසින්.

ඉඩක් ලැබුණම දිනූෂ මගෙත් එක්ක සංගීතය ගැන කතා කළා. මමත් එහෙමමයි. කොහොමින් කොහොම හරි අපි දෙන්න අතරෙ පැවතුන යාළුකම දවසින් දවස වැඩි වුණේ අපි දෙන්නටම හොරෙන් මේ විදියට මාස 6 ක් විතර ගතවෙද්දී අපි අතරෙ යාළුවො දෙන්නෙක් විදියට ලොකු ආශ‍්‍රයක් තිබුණා.

පේ‍්‍රමාරාධනාවක්… 

අපි දෙන්නගෙ යාළුකම කොච්චරද කියනවා නම් ඒ වෙද්දී ගිරව් වගේ අපේ දේවල් හැම දෙයක්ම වගේ කතාබහ කරගෙනයි හිටියෙ. ඒ තරම් ලෙන්ගතු කමක් අපි අතරෙ තිබුණා. ඔය විදියට මාස හයක් විතර ගත වෙද්දි දවසක් දිනූෂ මා කෙරේ ඔහුගෙ හිතේ න-ලිය-මින් තිබූ ආදරණීය ආදර යෝජනාව ඉදිරිපත් කළා.

හරියටම කිව්වොත් මම ඒක එක ප-යි-න් පිළිගත්තා. හේතුව තමයි මාස 6 ක් විතර ළගින් ආශ‍්‍රය කරල මගේ හිතෙත් ඔහු ගැන කැමැත්තක් ඇතිවෙලා තිබීම.

01

 

02

සතුටුදායක කාලයක්… 

නොහිතපු විදියට පෙම්වතුන් වෙලා අපි ගෙව්වෙ ඉතාමත් මිහිරි කාලයක්. මට සංගීත පංති පැවැත්වෙන හැම දවසකම ඔහු ආවා මාව හමුවෙන්න. ඒ හමුවීම් හරිම සුන්දරයි. මේ විදියට ගෙවල්වලට හොරා අපි අවුරුද්දකුත් මාස 6 ක් අපේ පෙම් සබඳතාව පවත්වාගෙන ගියා.

ප‍්‍රථම වතාවට ගෙදරට බො-රු-ව-ක්… 

හැමදාමත් අපි හමුවුණේ නුවර ටවුන් එකේදි. දන්න කියන අය දකියි කියලා ගියේම KFC එකට විතරයි. වැඩිම වුණොත් අපි කතා බහ කළේ පැය භාගයක කාලයක්. ඒ නිසා දෙන්නම තීරණය කළා, සංගීත පංතිය මි-ස්ක–රලා කොහේ හරි යන්න. ඒ අනුව තමයි දිනූෂගේ වාහනේ අපි නුවර එළියෙ ගියේ. එදා අපි ගොඩක් දේවල් කතා බහ කරල කා-ල බී-ල බොහොම නිදහසේ සැහැල්ලූවෙන් කාලෙ ගත කරල ක්ලාස් ගිහින් එන වෙලාවට ගෙදර ආවා.

අම්මලාගේ ඉව… 

දිනූෂ කෝල් කරාම ගෙදරට ඇහෙන නිසා ආන්සර් කරන්න අ-මා-රු-යි. මම ෆෝන් එක අරන් එළියට දු-ව-න-වා. නැත්නම් කාමරේට ගිහින් කු-ටු කු-ටු ග-ගා උත්තර දෙනවා. ඉතින් මේ හ-දි-සි වෙ-නස්වී-ම මගේ අම්ම ෆ-ලෝ කරලා මගෙන් ඇහුවා සම්බන්ධයක් තියෙනවා නේද කියලා. හිතේ ඇතිවුණ බ-ය-ට නෑ කිව්වත් පස්සෙ මම අම්මට ඒ ගැන කිව්වා. පුංචි පුංචි වි-රෝ-ධ-තා පෙන්නුවත් දිනූෂව බැ-ණ ක-ර-ග-න්න කැමති වුණා.

ඒ වගේම දිනූෂගෙ අම්මත් අහල තියෙනවා මම කවුද සම්බන්ධයක් නැත්නම් යාළුකමට මගදී හමුවෙනවද ඇයි වොයිස් ටේ‍්‍රනින් ක-රව-න්නෙ කියලා. දිනුෂගෙ අම්ම ටිකක් වැඩියෙන් ලේලි වෙන්න යන අය ගැන හොයලා බලන කෙනෙක් කියලා දිනූෂම කිව්ව නිසා මම ඒ කාලේ හිටියෙ ලොකු බ-ය-කි-න්. ඒත් ඒ අම්මා මා ගැන හොයල බලල එහෙම වි-රෝ-ධ-ය-ක් නැතුව මාව ලේලිය කර ගත්තා.

කුකුල් කේන්ති… 

දෙපාර්ශ්වයේ ආශිර්වාදය ලැබිලා තිබුණ නිසා අපිට ඒ වෙද්දී තවත් ළගින් ආශ‍්‍රය කරන්න අවස්ථාව උදා වුණා. ආදරේ වැඩිකමට දිනූෂ මට තනියම කො-හේව-ත් යන්න දෙන්නෙ නෑ. කොහොමද යන්නෙ කා එක්කද යන්නේ කීයට ද එන්නෙ මම එන්න ද වගේ ප‍්‍ර-ශ්න කෝටියයි. ඔය කාලෙ මම බ‍්‍රයිඩල් ෂූ-ට් වලටත් සම්බන්ධ වෙලා හිටියා. මම යන එන වගේම ඉන්න තැන දැනගෙන හිටියත් එක පාර ෆෝන් එකට ආන්සර් නො-ක-ළොත් ලංකාවේ එහා කෙලවරට හරි මා-ව හොයා ගෙන එන්නෙ ලොකු කේ-න්ති-ය-කින්.

03

 

04

ආදරය ජයගත්තා… 

පේ‍්‍රමයෙන් බැ-ඳෙ-න කෙනාම විවාහ කරගන්න ලැබීම තමයි අපි පේ‍්‍රමය ජයගන්නව කියන්නෙ. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. මුහුණු පොත හරහා දැන හඳුනගෙන ඇති වූ මිත‍්‍රත්වය ආදරයක් බවට පෙ-ර-ලි-ලා අදහස් ගළපගෙන අවබෝධයක් ඇතුව ජීවත් වෙන්න සහකාරයෙන් ලැබීම ගැන.

නිවැරදිම තීරණය… 

දිනූෂ වගේ මට ගොඩක් ආදරය කරන තාත්තා කෙනෙක් වගේ මාව ආරක්‍ෂා කරන කෙනෙක් මගේ සහකරුවා ලෙස තෝරා ගැනීම මේ ජීවිතේදී මම ගත්තු නිවැරදිම තීරණය කියලා මට බය නැතුව කියන්න පුළුවන්. ඒ අද මගේ හෙවනැල්ල වගේ හැම කටයුත්තකදීම ඔහු මා ළ`ගින් ඉන්න නිසා. දිනූෂ… සසර සැරි සරණ තෙක් ඔබ මගේ…. ඔබ මගේ…

ධම්මික හේවාවසම් – නවලිය පුවත්පත ඇසුරෙනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x