ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

රටට ජයග‍්‍රහණයක් අර ගෙන එන්න බලාපොරොත්තුවක් තියෙනවා

මොනවද හිතෙන්නෙ? 

ගොඩක් සතුටුයි. මම තරගයට එද්දි නම් ජයගන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. ඒ වුණත් හොඳ තරගයක් දුන්නා. ඇත්තටම මේ ජයග‍්‍රහණය එක්ක සතුට වගේම ලොකු අභිමානයක් දැනෙනවා, ජාතික රූපවාහිනියේ රූ කුමරිය බවට පත්වීම ගැන.

ඔබගෙ පෞද්ගලික තොරතුරු දැනගන්න ඔබට ආදරේ කරන අය ගොඩක් කැමැත්තෙන් ඇති? 

මම ගම්පහ, දොඹවල. ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ සංඝමිත්තා විද්‍යාලයෙන්. පසුව කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙ. මේ දවස්වල පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය හදාරන අතර පෞද්ගලික ආයතනයක රැුකියාවක් කරනවා.

රූපවාහිනි රූ කිරුළත් සමඟින් ඔබ කලා කටයුතුවලට එකතු වීමේ සූදානමක් තියෙනවද? 

මම උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලයෙ ඉඳලම වේදිකා නාට්‍යවලට සම්බන්ධයි. මේ දවස්වල ඒ දේවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ රූ කිරුළ තරගයේ කටයුතු එක්ක කාලය වෙන් කිරීමේ අ-පහ-සු-ව නිසා. රූ කිරුළට පස්සෙ පොටෝ ෂූ-ට්ව-ලට කතා කළා.

01

 

02

ඔබ අවස්ථාව ඔබට ලැබෙන්නෙ කොහොමද? 

මගෙ පුංචි තමයි කිව්වෙ අයදුම් කරන්න කියලා. මමත් බැලූවා, ජාතික නාලිකාවෙ දෙයක්. ගැහැනු ළමයෙක් විදියට හොඳ ආරක්ෂාවක් එක්ක අභිමානය රැුකගෙන ගමනක් යන්න පුළුවන් බව දැණුනු නිසා මම ඒ සඳහා අයදුම් කළා.

පියවරෙන් පියවර ආව ගමන ගැන අද මොකද හිතෙන්නෙ? 

මුල්ම දවසෙ 15 දෙනෙක් තේරුවා. ඇත්තටම එදා හිතුණෙ වාසනාවට තමයි ඒ 15 ස් දෙනා අතරට එකතු වෙන්න ලැබුණෙ කියලා. ඇත්තටම අපට හොඳ පුහුණුවක් ලබාදුන්නා. ඒ පුහුණුව තමයි අපේ හැකියාවන් එළියට අරගෙන ආවෙ.

03

 

04

මේ වනවිට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද? 

පවුලේ අයගෙන් හොඳ ප‍්‍රතිචාර තියෙනවා. දන්න නොදන්න ගොඩක් අය කතා කරලා සුබ පැතුවා. ඇත්තටම ජාතික නාලිකාවෙ අවුරුදු කුමරිය ලෙස කිරුළු දරන එකේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීමත් එක්ක ලොකු ගෞරවයක් ලැබුණා. හිතන්නෙවත් නැති පේ‍්‍රක්ෂක ආදරයක් ලැබුණා.

අනාගතය ගැන මේ වෙලාවෙ මොන වගේ බලාපොරොත්තු ද තියෙන්නේ? 

ලොකුම අරමුණ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගන්න එක. වේදිකා නාට්‍ය කටයුතු වෙනදා වගේම කරගෙන යන්න අදහස් කරනවා. ඉස්සරහට රට වෙනුවෙන් ජාත්‍යන්තරයට යන්න අවස්ථාවක් ලැබුණොත් රටට ජයග‍්‍රහණයක් අර ගෙන එන්න බලාපොරොත්තුවක් තියෙනවා.

නවලිය පුවත්පත ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x