දේශීය පුවත්ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ගැබිණි මව්වරුන්ට දෙන කොවිඩ් එන්නත්වලින් දරුවන්ටත් පූර්ණ ආරක්ෂාව

ගර්භනී කාන්තාවන්ට ලබාදෙන එන්නත් හේතුවෙන් ඔවුන්ට උපදින දරුවන්ගේ සිරුරුවලද කොවිඩ් වෛරසය සමග සටන් කළ හැකි ප්‍රතිදේහ වර්ධනය වන බව අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා. 100% ක්ම මව හරහා දරුවාට එම ප්‍රතිදේශ සම්ප්‍රේෂණය වන බවයි අදාල අධ්‍යයනයේදී තහවුරු කරගෙන තිබෙන්නේ.

ප්‍රසව හා නාරිවේදය පිළිබඳ ඇමරිකානු සඟරාවක් විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර විශේෂයෙන්ම M-RNA ගනයට අයත් කොවිඩ් මර්දන එන්නත් ඉහළ ඵලදායීතාවයක් පෙන්නුම් කරන බවද සඳහන් වේ. M-RNA ගනයට අයත් ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබාගත් ගැබිණි මව්වරුන් 36 දෙනෙකු මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන තිබෙනවා.

එන්නත් මගින් ශරීරයේ ප්‍රතිදේහ මට්ටම ඉහළ නංවාලීමට වඩා උපතේදීම ඉහළ ප්‍රතිදේහ මට්ටමක් හිමි වීම වෛරසයෙන් ආරක්ෂා වීම තවත් ශක්තිමත් කරන බවයි අධ්‍යයන වාර්තාව පෙන්වා දෙන්නේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x