ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ආදරය කියන්නේ හැමෝටම ඕන දෙයක් ඉතින් මමත් ආදරේ විඳිනවා

අලංකි කිෂානි පෙරේරා, නිරූපිකාවක ලෙස කලාවට පිවිසෙන නමුත් වර්තමානය වන විට බොහෝ ජනතා හදවත් දිනාගන්න සමත් ටෙලිනාට්‍ය, වගේම සිනමාව ඔස්සේ නිළියක ලෙස ප්‍රකට තරුණියක්. ඒ වගේමයි නිවේදන ක්ෂේත්‍රයේත් නමක් දිනාගන්නට සමත්ව සිටින ඇය නීතිවේදිනියක් ලෙස ද හඳුන්වන්න පුළුවන්.

මුලික අධ්‍යාපනය කොළඹ ජාත්‍යන්තර පාසලේ ලබාගත් කිෂානි අවුරුදු 15 න් නිරූපන කේෂ්ත්‍රයට පැමිණෙන අතර ප්‍රථමයෙන් සුරඟන කිරිල්ලියේ ගීතයේ රංගනයට එකතු වෙනවා. ඉන් අනතුරුව සන්ලයිට් වෙළද දැන්විම හරහා ඇය බොහෝ ජනප්‍රියතාවයකට පත් වන ඇය එයින් පසුව විවිධ නිර්මාණ හරහා ජනතාව අතරට පැමිණෙනවා. පසු කාලිනව ඇය කලා ලෝකයේ දකින්න ලැබුනේ නෑ. ඉතින් හිටි හැටියේම ඇයි කලාවට සමුදුන්නේ කියලා ඇයගෙන් විමසුවා.

ඉතින් ඇය අපට දුන්නේ මේ වගේ පිළිතුරක්…. “ඇත්තටම මම කලාවට සම්බන්ධ නොවුනේ වැඩිපුර කාලයක් මගේ ව්‍යාපාරයට යොමු කරන්න සිද්ධ වුන නිසා… මම අවුරුදු එක හමාරක් විතර දකින්න ලැබුනේ නෑ. රාධා කියන මගේම සාරි ෂොප් එකක කරන නිසා.. ඒ කටයුතු එක්ක මම ගොඩක් කාර්යබහුල ⁣වුනා. ඒත් ආයේත් කලාවට සමබන්ධ වෙනන මම බලාපොරොත්තු වෙනවා.”

නිතිය පිළිබඳ උපාධියක් තියාගෙන ඇය එයින් ප්‍රයෝජනයක් නොගන්නේ ඇයි දැයි අපි ඇයගෙන් අසා සිටියා. ඉතින් ඇය අපිට කිවුවේ මේ වගේ කතාවක්… “නිතිය ඉගෙන ගත්තා කියලා උසාවියේ නඩු කතා කරන්නම් ඕනි කියලා මම හිතන්නේ නෑ. අනික මම නඩු කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මම ඉගෙන ගත්ත නීතිය පිළිබඳ දේවල් මම වෙන විදිහට ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද නිතිය කියන්නේ උසාවියම නෙවෙයි.”

කිෂානි දකින බොහෝ දෙනා ඇයගේ සුන්දරත්වය වර්ණනා කරන ආකාරය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක්…. “ගොඩක් අය කියන්නේ මගේ ඇස් ලස්සනයි කියලා. ඒ වගේම සමහර අය මගේ ෆිගර් එක ලස්සනයි කියලත් කියනවා. සුන්දරත්වය කියන්නේ සාපේක්ෂ දෙයක් මට ලස්සන දෙයක් තව කෙනෙකුට කැත වෙන්න පුළුවන්. ඉතින් මම ලස්සන ගැනනම් වැඩිය හිතන්නේ නෑ” කියලයි.

ආදරය ගැන කිෂානි හිතන්නේ කොහොමද ? “ආදරය කියන්නේ හැමෝටම ඕන දෙයක් ඉතින් මමත් ආදරේ විඳිනවා. මොකද ආදරය කියන දේ කාලයත් එක්ක මම බලාපොරොත්තු වෙන දෙයක්… අම්මා වුනත් කියන්නේ ආදරේට ආදරේ කරන්න කියලා. මට ඒකට ගෙදරින් බලපෑමක් නෑ. ඉතින් මම කාලයට ඉඩ දිලා බලාගෙන ඉන්නවා” කියලයි.

(උපුටාගැනීමකි)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x