ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මම කෙනෙක්ට ලස්සන උනාට තව කෙනෙක්ට මාව කැතට පේන්න පුළුවන්

මෑත කාලයේ ත්‍රී සිස්ටර්ස් ලා විදිහට ජනප්‍රිය වුණු අක්කා නගෝ තුන්දෙනෙක් සමාජ මාධ්‍ය තුළින් නිරන්තරයෙන්ම අපට දකින්න ලැබෙනවා. තුන්දෙනාටම එක වගේ වගේම හැකියාවන් තියෙන මේ අපූරු අක්කා නගෝ තුන්දෙනාගෙන් බාලයා තමයි හයේෂි හිටිබණ්ඩාර කියන්නේ. විවිධ ක්ෂේත්‍රවලින් ඉදිරියට ආපු ඇය ගැන trending Colombo අපිත් එක්ක කිව්වේ මෙන්න මේ විදියට.

මුලින්ම කියමු ඔබ ගැන විස්තර ටිකක්

මම හයේෂී. උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයට යන්න ඇප්ලයි කරලා බලාගෙන ඉන්නවා. මේ දිනවල මගේ කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා. එකත් එක්ක ගොඩක් විදියට කාර්යබහුල වෙලා ඉන්නවා. අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත ඒක ගොඩක් සාර්ථක වුණා. ඒ සතුට විඳිමින් මේ දවස්වල කාලය ගත කරනවා.

අක්කලා නංගිලා තුන් දෙනාම එක වගේ ජනප්‍රිය වෙද්දි මොකද හිතුණේ?

අපි තුන්දෙනා නිකන් ගෙදරට වෙලා ඉන්න කොට හිතුව ටික්ටොක් මොනව හරි කරන්න ඕන කියලා හිතුණා. ඒක ගොඩක් ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ, ඒ විදිහට v-i-ral යයි කියලත් අපි හිතුවේ නැහැ. ඊට පස්සේ අපි තුන්දෙනාම ටික් ටොක් කරල දැම්මා. අපේ මුලින්ම vir-al වීඩියෝ එක “ඉටි රූපේ අපූරුව” ගීතය. එකට ගොඩක් හොද ප්‍රතිචාර තිබුනා. අද වෙද්දි හිතුවෙවත් නැති විදිහට ගොඩක් අය අපිව දන්නවා. එක හොඳ ස-න්ධි-ස්ථා-නයක් අපි තුන්දෙනාගෙම ජීවිතේ.

නිරූපණය සහ ගායනය මීට අමතරව මොනවද ඔබ කරන්නේ?

මම නිතරම ඉගෙන ගන්න ආස කෙනෙක්. මගේ දැනුම වර්ධනය කරන්න මම විවිධ විෂයයන් පිළිබඳව අන්තර්ජාලය හරහාත් ඉගෙන ගන්නවා. නිරූපණය නම් මේ දවස්වල කොහොමත් කරන්න බැහැ. මේ වෙනකොට මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ මගේ ව්‍යාපාරය.

ඔය තුන්දෙනාගේ වැඩිපුරම ආකර්ෂණය තියෙන්නේ කාට කියලද ඔබ හිතන්නෙ?

මිනිසුන්ගේ රස වි-න්ද-නය වෙනස්. මම කෙනෙක්ට ලස්සන උනාට තව කෙනෙක්ට මාව කැ-ත-ට පේන්න පුළුවන්. ඉතින් තු-න්දෙනා-ටම විවිධාකාරයේ ආකර්ෂණයන් තියෙනවා. එක අපිට දැනුනේ කමෙන්ට්ස් වලින්. තුන්දෙනාටම කැමති අයත් ඉඳී ඊට අමතරව අපිව වෙන විදිහට දකින අයත් ඇති. මං හිතන්නේ තුන් දෙනාටම එක වගේ ආකර්ෂණය තියෙනවා.

සමාජ මාධ්‍ය හරහා ආදර යෝජනා එහෙම ලැබෙන්නේ නැද්ද?

මේක තමයි වැඩිපුරම ලැබෙන දේ. ගොඩක් මැසේජස්වල ඒ වගේ ඒවා තියෙනවා. සුභ පැතුම් එක් කරලා තියෙනවා. ඒ අතර ආදර යෝජනා ගොඩක් තියෙනවා. මං ඒක ගැන එච්චර උ-ඩ-ඟු වෙන්නේ නැහැ. හැම ගෑණු ළමයෙක්ටම ඒක සාමාන්‍ය දෙයක්. ගොඩක් ඒවා එනවා. නමුත් select කරගත්තේ නම් නෑ තාම.

අක්කලා දෙන්නෙක්ගෙ ආදරය ලැබීම කොහොමද දැනෙන්නේ?

අක්කලා දෙන්නගේ ආදරේ ගැන කතා කළොත් ඒ දෙන්නම ගොඩක් සමීපයි මට. හැම දේ ගැනම හොයලා බලනවා. පවුලේ බාලයා විදිහට මට ඒ අයගෙන් ලැබෙන ආකර්ෂණය වැඩියි. එයාලා මාව පවුලේ සුරතලා විදිහට තියාගෙන ආදරෙන් මං ගැන හොයලා බලනවා. ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා ඒ අතින්. ගොඩක් අය සහෝදරකම් කිව්වට ඇතුලෙන් තියෙන දේ වෙනයි පිටින් පේන දේ වෙනයි. විශේෂයෙන්ම කියන්න ඕන අපි 3 sisters කියන සංකල්පය එළියට එළියට දැම්මට පස්සේ ගොඩක් අය ගොඩක් කතන්දර කිව්වා. අල්ලපු ගෙදර ඉන්න ළමයිවත් අල්ලගෙන ඇවිල්ලා ත්‍රී සිස්ටර්ස් කියලා හදාගෙන පොටෝස් දාලා වීඩියෝස් දාලා සමහර අය වැඩ කළා. හරි සතුටුයි ඒ වගේ දේවල් ගැන.

සමාජ මාධ්‍ය තුළ විවිධ ම-ඩ ප්‍-රචා-ර බො-රු ප්‍-රචා-ර යනවා ඔබ එවැනි අවස්ථාවලට මුහුණ දීලා තියෙනවද?

සමාජ මාධ්‍-යවල බො-රු ම-ඩ ප්‍-රචා-ර සහ ගො-සි-ප් හැදෙන්නේ අපට විතරක් නෙවෙයි. අපට වඩා ප්‍-රසි-ද්ධ අයටත් ඒක වෙනවා ඒක හරිම සාමාන්‍ය දෙයක්. මොන දේවල් තේරුම් ගත්තත් අද වෙනකන් තේරුම් ගන්න බැරි වුණු එකම දේ තමයි ලංකාවේ මිනිස්සු ගැන තේරුම් ගන්න එක. ලංකාවෙ මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ ඒ මිනිස්සුන්ට හො-ඳ-ක් කලත් වැ-ර-දි, න-ර-ක-ක් කලත් වැ-ර-දි මේ හේතුව නිසා වෙන්න ඇති අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ. වෙනස් විදියට හිතනවා නම් අපිට කාගෙවත් දේවල් වලින් ඇති වැඩක් නෑ. වීඩියෝස් බලන්න බැරිනම් ඒ අ-කමැ-ති අයට අපිව b-lo-c-k කරන්න පුලුවන්. එහෙම තියෙද්දිත් ඇයි එයාලා අපේ videos බලන්නේ?. තමන්ට කරන්න බැරි දෙයක් තවත් කෙනෙක් කරනවා දකිනකොට ඉ-රි-සි-යා කරන මිනිස්සු ගොඩක් ලංකාවේ ඉන්නවා. අපට හොඳ කියන ගොඩක් අය ඉන්නවා ඒ අයට ගොඩක් ස්තුතියි. බහුතරයක් ඉන්නේ අනුන්ගේ ගො-සි-ප් හොයන මිනිස්සු. අපි දැනගන්න ඕන හොඳ දේ විතරක් අරගෙන න-ර-ක දේ බැ-හැ-ර කරන්න. අපි තුන්දෙනා හරි p-os-it-ive විදිහට ඉන්නේ ඔය කියන දේවල් වලට සැලෙන්න ගියානම් ලංකාවෙනුත් යන්න වෙනවා. ඒ තරම් ජ-රා විදිහට බනින මිනිස්සු ඉන්නවා. අපි හිතන්නෙවත් නැති දේවල් ඒ මිනිස්සු හිතලා කියන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට අපටත් හිනා යනවා මේ මිනිස්සු මොනවද දන්නෙ කියලා. අපි හැමෝටම තියෙන්නේ හිතක් අපි හැමෝගෙම හිත් රි-දෙ-න-වා. අපි තව කෙනෙක්ගේ හිත රිදවනවා කියන්න ඒක අපි කරගන්න ප-ව-ක්.

ගෑනු ළමයි සෝෂල් මීඩියා පාවිච්චි ලිමිට් එකක් තියාගන්න ඕනද?

ගෑනු ළමයෙක් සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි ලි-මි-ට් එකක් තියා ගන්න ඕනේ. ගෑණු ළමයෙක් විදිහට සමාජ මාධ්‍ය තුළ හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. නමුත් ඒක තමන්ට ප්‍රශ්නයක් නැත්තං ලිමිට් එකක් නැති වුණාට කමක් නැහැ. ඒක ඒ ඒ අයගෙ කැමැත්ත. නමුත් මම එහෙම ලි-මි-ට් එකක් තියාගෙන ඉන්න කෙනෙක්. මම ෆොටෝ එකක් උනත් අප්ලෝඩ් කරන විදිහක් තියනවා. මම හිතනවා එහෙම ලිමිට් එකක් තියා ගත්තොත් හොඳයි කියලා ගෑණු ළමයෙක්ට. ඒවා දැනගෙන ජීවත් වෙන එක අපට ලේසියි.

මොනවද අනාගත බලාපොරොත්තු?

අනාගත බලාපොරොත්තුව තමයි මගේ බිස්නස් එක improve කරගෙන තව අලුත් බිස්නස් එකක් පටන් ගන්න සහ මගේ උසස් අධ්‍යාපන කටයුතු නිසි ආකාරව කරගන්න එක.

(උපුටාගැනීම – Colombo Trending වෙබ් අඩවියෙනි)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x