ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ඕනෑම රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙක්ට පීක් ටයිම් එකක් තියෙනවා

රිදී තිරයෙන් වගේම රූපවාහිනිය තුළිනුත් ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනාගත් ඇය ප්‍රවීණ මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නමින් චතුරිකා පීරිස්. මේ ආකාරයට දිගහැරෙන්නේ හදගැස්ම අපි ඇය සමඟ කළ කතාබහයි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

නෑ. මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ නිවෙස තුළමයි. අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්න එළියට යන්නේ නැහැ.

මේ දිනවල සිදු කෙරෙන නිර්මාණ කටයුතු මොනවාද?

අලුතෙන්ම පටන් ගන්න තිබුණු නිෂ්පාදන කිහිපයක්ම කල් ගියා. මැයි මාසයේ ලොක්ඩවුන් එකත් සමඟ මැයි සහ ජුනි මාසවල කරන්න තිබුණු නිර්මාණයක් නොවැම්බර් මාසයට කල් ගියා. ජූලි සහ අගෝස්තු මාසවල කෙරෙන්න තිබුණු නිර්මාණයක් දින නියමයක් නොමැතිව කල් ගියා. තව නිර්මාණයකට මේ ලොක්ඩවුන් එක මුල කතා කළා. නමුත් මේ පවතින තත්ත්වය නිසා මම එය භාරගත්තේ නැහැ. ගයාන් මේ දවස්වල නිර්මාණයක වැඩ කරනවා. ඔහුත්, මමත් දෙදෙනාම මේ මොහොතේ වැඩවලට යන එක අවදානමක්. මුදල් හම්බ කළා වගේ නොවෙයි. මොකද අපේ දුව ඉන්නවා. අම්මලා, තාත්තලා වයසයි. එයාලත් අපිත් එක්ක ඉන්නේ.

ළඟකදි අලුත් නිෂ්පාදන කාර්යකට අතගැසුවේ නැද්ද?

මේ දවස්වල කිසිම නිෂ්පාදන කටයුත්තක් කෙරෙන්නේ නැහැ. නිර්මාණයක් සිදු කරන්න අවස්ථාවක් තිබෙනවා. නමුත් එය කරනවා නම් ඒ කොටස් 40 හෝ 50ම එකවර රූගත කරලා අවසන් කරන්න ඕන. ටික ටික කරන එක සාර්ථක නැහැ. සංචරණ සීමා නිසා අවදානමක් අරගෙන ඒ වැඩකටයුතු කරන්න බැහැ. මේ කාලයේ ගොඩක් නිෂ්පාදන කෙරෙන්නේ රූපවාහිනි නාළිකා විසින්. මේ දවස්වල නිර්මාණයක් නිෂ්පාදනය කරන්න අදහසක් නැහැ.

කොවිඩ් වසංගතයත් සමඟ රංගන ක්ෂේත්‍රය තුළ තිබෙන ගැටලුකාරී තත්ත්වය ගැන කතා කළොත්?

ටෙලිනාට්‍ය හෝ සිනමාව වේවා නිර්මාණකරණය කියන්නේ එක්කෙනකුට තනියෙන් ගිහින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රංගන ශිල්පීන් නොමැතිව ටෙලිනාට්‍යයක අධ්‍යක්ෂකවරයා ඇතුළු සහාය කණ්ඩායම අවමය 20ක්වත් සිටිනවා. එයට රංගන ශිල්පීනුත් එකතු වුණාම සැලකිය යුතු පිරිසක් සිටිනවා. වේශ නිරූපණ ශිල්පියාට සිදු වෙනවා රංගන ශිල්පියා ළඟට ගිහින් මේකප් කරන්න. රංගන ශිල්පිනියන් බොහෝ වෙලාවට ලිප්ස්ටික් එක, ස්පොන්ජ් එක ආදිය අරගෙන එනවා. නමුත් රූපලාවණ්‍ය උපකරණ සියල්ලම රැගෙන යන්න හැකියාවක් නැහැ. මොකද නිර්මාණයෙන් නිර්මාණට වේශ නිරූපණය වෙනස් වෙනවා. මීටරයක් දුරින් ඉඳගෙන කොහොමද මේකප් කරන්නේ. කොවිඩ් එක්ක අපේ ක්ෂේත්‍රය ඇතුළෙ විසඳගන්න බැරි තරම් ප්‍රශ්න ගොඩක් තිබෙනවා. කාර්යාලයක රැකියාවක් කරනවා වගේ නොවෙයි, අපිට මාස්ක් දාගෙන රගපාන්න බැහැ. වසංගත තත්ත්වය එක්ක වෘත්තීය ජීවිතය පවත්වාගෙන යන්න හරිම අපහසුයි.

රංගන ක්ෂේත්‍රය තුළ වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න පුළුවන්ද?

ලංකාව තුළ එවැනි තත්ත්වයක් පවත්වාගෙන යෑමේ හැකියාව ලැබුණේ සීමිත පිරිසකට පමණයි. ඕනෑම රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙක්ට පීක් ටයිම් එකක් තියෙනවා. ඒ කාලය තුළදී ඔවුන් හොඳට හම්බ කරගෙන ණය නොවී ගෙවල් ‍ෙදාරවල් හදාගෙන යාන වාහන අරගෙන මුදල් තැන්පතු දාලා ජීවිතය හැඩගස්වා ගෙන යෑමේ හැකියාවක් කීපදෙනකුට තිබුණා. ඒ ඔවුන් මොළේ කල්පනා කරල අනවශ්‍ය විදිහට සල්ලි නාස්ති කරගන්නෙ නැතිව දේවල් කරගත් නිසා.

සමහර අය කොච්චර දක්ෂ වුණත් ඒ අයට අවස්ථා ලැබෙන්නෙ නැහැ. ඒකටත් වාසනාවක් තිබෙන්න ඕනෑ. අපිට කලින් පරම්පරාවට මේක වෘත්තියක් විදිහට කරගෙන යන්න පුළුවන් වුණා. නමුත් ඔවුනුත් පසුකාලීනව වෙනත් ව්‍යාපාරවලට යොමු වුණා. මාලනි අක්කලාට සබීතා අක්කලාට අවුරුදු 30ක පමණ පීක් ටයිම් එකක් තිබුණා. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වෙනකොට වසර 19ක් පමණ වෙනවා. ඒකෙන් වසර 15ක් පමණ මම ඉතා හොඳට වැඩ කළා. අලුත් සහෝදර සහෝදරියන්ට ඉදිරියේදී එහෙම පීක් ටයිම් එකක් තිබෙයි කියලා හිතන්න බැහැ. සමාජ මාධ්‍ය දියුණුයි. මිනිසුන්ට හෝල් එකකට ගිහින් චිත්‍රපටයක් බලන්න, රූපවාහිනිය බලන්න වෙලාවක් නෑ. වසංගතය නිසා තත්ත්වය තවත් බරපතළ වුණා.

රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ පිරිසක් දවසින් දවස අලුතෙන් ක්‍ෂේත්‍රයට පිවිසුණත්, ප්‍රේක්ෂකයන් හඳුනන්නේ බොහොම සීමිත පිරිසක් පමණයි. ඇයි ඒ?

ඒකට ප්‍රධානම හේතුව ඉස්සර අපිව නිර්මාණයකට තෝරා ගත්තේ අධ්‍යක්ෂවරයා විසින්. නාළිකා විසින් නොවෙයි. කතාවට තිර රචනයට ගැළපෙන කෙනාව තෝරලා අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය සිදු කරලා අවසානයේ තමයි නිෂ්පාදකවරයා විසින් නාළිකාවකට නිර්මාණය විකුණන්නේ. මාව ඒ කාලයේ හැම නාළිකාවකම වගේ විකාශය වූ ටෙලි නාට්‍යවල ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබුණා. එම නිසා බොහෝ දෙනෙක් අපිව හඳුනනවා. නමුත් දැන් එහෙම නොවෙයි. එක නාළිකාවක නිර්මාණවල රඟපාන පිරිස රඟපාන්නේ ඒ නාළිකාවේ පමණයි. එම නාළිකාව නරඹන ප්‍රේක්ෂකයන් පමණයි ඔවුන්ව අඳුනන්නේ.

ඔබේ දියණියත් සමඟ ගෙවෙන සුන්දර කාලය ගැන කතා කරමු?

මේ ලොක්ඩවුන් කාලයේ අපි සතුටින් සිටින්නේ ‍ෙදා්ණි නිසා. නැත්නම් නිවෙස තුළටම හිර වෙලා ජීවත් වෙන එක හරිම අපහසුයි. නමුත් අපේ ‍ෙදා්ණිගෙ හුරතල් වැඩ නිසා කාලය හරිම සතුටින් ගෙවෙනවා. දැන් එයා බහ තෝරන කාලය. අපි දෙන්නා එයාගෙ දෙපැත්තට වෙලා එයාට දේවල් කියලා දෙනවා. ‍ෙදා්ණි එක්කම ගෙවෙන නිසා අපේ ජීවිත හරිම ලස්සන වෙලා. ආයෙමත් මේ දේවල් යථාතත්ත්වයට පත් වෙලා අපි කාර්යබහුල වුණාම දුවට අපි දෙන්නා නැති අඩුව දැනෙයි කියන ගැටලුව තමයි තිබෙන්නේ. ඇත්තටම මේ කාලය පොඩි දරුවන්ට හොඳයි. මොකද මවුපියන් ඔවුන් සමඟ නිතරම ගැවසෙනවා.

‍ෙදා්ණිත් ඉදිරියේදි කලාවට යොමු වේවිද?

එයා නිතරම සින්දු කියනවා, නටනවා. නමුත් මම දකිනවා එයා හැමතිස්සෙම මොනවා හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න උත්සාහ කරනවා. දැන් එයාට අවුරුදු දෙකයි. දැනට මාස හතරකට පමණ පෙර දුව මුළු ඉංග්‍රීසි හෝඩියම කියන්න ගත්තා. ඒ අපි උගන්වලා නොවෙයි. එයා පාට හොයනවා. දැනටම එයා පාට කිහිපයක් අඳුරගන්නවා. සෙල්ලම් බඩු කොපමණ තිබුණත් එයා අතට ගන්නෙ ඉංග්‍රීසි හෝඩිය තිබෙන හෝ අංක තිබෙන පසල් එකක්. එහෙම නැත්නම් පොතක්. සින්දු කියන, නටන දේවල් එයාගෙ අතිරේක වැඩ. මට හිතෙනවා එයා අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යයි කියලා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

විශේෂ බලාපොරොත්තු නැහැ. මගේ ‍ෙදා්ණි වෙනුවෙන් වැඩිපුර කාලයක් යොදවන්න මම බලාපොරොත්තු වෙනවා. එයාගෙ අධ්‍යාපන කටයුතු ගැන සලකා බලලා සහ රටේ තත්ත්වය අනුව තමයි ඉදිරි වැඩකටයුතු තීරණය වෙන්නේ. ඒ වගේම ඉදිරියේදී වෙනස් නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් මම කැමතියි.

කුශාන්ති අනුරාධා බණ්ඩාර
(උපුටාගැනීම – මව්බිම පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x