ඡායාරුප ගැලරියේවිශේෂාංග

ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 50 අතරේ සිටින මේ විශ්ව විද්‍යාලයට මා පිවිසියේ පූර්ණ ශිෂ්‍යත්වයක් මතයි

ළදැරියක ලෙසින් ඉපදී හැදීවැඩී යෞවනියක ලෙසින් තම මවුපිය සෙවණෙන් වෙන්වන ඕ බිරියක වෙමින් තවත් කැදැල්ලක වගකීම් ගොන්නක් කරපින්නා ගන්නීය. අනතුරුව සෙනෙහෙබර මවක වී දරුවන් ද දරුවන්ගේ දරුවන් ද හදාවඩා අවසානයේ මිත්තණියක ලෙසින් ජීවිතය හැර යන්නීය.

මේ දෛවය විසින් කාන්තාවකට ලබා දී ඇති ඉරණමයි.

නමුත් අද දවසේ ඒ දෛවයේ ඉරණමට පයින් ගසන බොහෝ කාන්තාවන් දියණියක, බිරියක, මවක ලෙසින් තම යුතුකම්, වගකීම් ඉටුකරනා අතරතුරේ පිරිමියා සමඟ උරෙන් උර ගැටෙන්නීය. විටෙක ඔහු අභිබවා යන්නීය. ‘තොටිල්ල පදවන අත ලොව රජ කෙෙර්ය’ යන කියමන සැබෑ කරමින් වර්තමාන කාන්තාවකගේ භූමිකාව බොහෝ ක්ෂේත්‍ර කෙරෙහි විහිදී පැතිරී අහවරය. එබැවින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ තම ඉලක්කයන් ජයගත් බොහෝ කාන්තා චරිත අපිට හමුවේ.

ඇය උපේඛා ඊශ්වරී ලියනගේ. වෛද්‍ය විද්‍යාඥවරියක (Clinician scientist) වන උපේඛා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය ප-ර්යේ-ෂණ ආයතනයකට අනුබද්ධව පර්යේෂණ කටයුතුවල නියැළෙන්නීය.

ඊට අමතරව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සහ එහි වෛද්‍ය විද්‍යාලයේ (School of Medicine) ඉගැන්වීමේ කටයුතු වලද නිරතවන ඈ 2020 ක්වීන්ස්ලන්ත විවාහක රූ රැජින කිරුළ ද පැලඳීයාය.

තම මවගේ සිහිනයක් වූ වෛද්‍යවරියක වීමෙන් නොනැවතුණු ඕ වෛද්‍ය විද්‍යාඥවරියක ලෙසින් සුවිශේෂී සොයාගැනීම් කළ ප-ර්යේ-ෂ-ණ බොහොමයකට දායක වී සිටින්නීය. ඉතින් ඒ නිසාම ඕ අපට සුවිශේෂ වන්නීය. ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බබළවන්නට දායකවන තවත් ලාංකේය දියණියක වූ ඇය තරුණී වෙනුවෙන් මෙලෙස සිය හඬ අවදි කළාය.

“මම දැනට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජීවත් වෙනවා. මා හැදී වැඩුණේ ශ්‍රී ලංකාවේ. ඉන්පසු ප්‍රාථමික අධ්‍යාපනය ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයෙන් ද පසුව කොළඹ විශාඛා විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබුවා. අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලද මා සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීමට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතවේද ඒකකයේ ද සේවය කළා. තවත් වසර ගණනාවක් රෝහල් කිහිපයකම සේවයෙන් අනතුරුවයි ආචාර්ය උපාධිය (පශ්චාත් උපාධිය) සඳහා ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය වෙත පැමිණියේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 50 අතරේ සිටින මේ විශ්ව විද්‍යාලයට මා පිවිසියේ පූර්ණ ශිෂ්‍යත්වයක් මතයි.”

එහිදී ඔබට සුවිශේෂී සොයාගැනීම් සහ පර්යේෂණ කිහිපයකටම දායක වන්න අවස්ථාව හිමිවුණා.

“මගේ ආචාර්ය උපාධිය සඳහා කළ ප-ර්යේ-ෂණ-යන්ට විෂයය පථයන් කිහිපයකම දැනුම අවශ්‍ය වුණා. වෛද්‍ය විද්‍යාව, ජාන, පි-ළි-කා, ප්‍රජා සෞඛ්‍ය, සංඛ්‍යානය හා පරිගණක භාෂා. දැනට ලෝකයේ කළ විශාලතම ‘Non – Melanoma Skin Cancer’ජාන ප-ර්යේ-ෂණ-ය සිදුකළේ අපේ කණ්ඩායමයි. මම එහි ප්‍රධාන පර්යේෂිකාව හැටියට කටයුතු කළ අතර දැනට සොයාගෙන ඇති ජාන ප්‍රමාණය මෙන් දෙගුණයක් ජාන සොයා ගැනීමට අපට හැකියාව ලැබුණා. සොයාගත් සමහර ජාන සමේ පි-ළිකා-වලට ප්‍රතිකාර කිරීමට අලුත් ඖ-ෂ-ධ නිපදවීම සඳහා ඉලක්ක ලෙස යොදා ගත හැකි බව අප හඳුනා ගත්තා. නමුත් මේ සියල්ල තවමත් පර්යේෂණ අවධියේ තිබෙන නිසා ඖ-ෂ-ධ නිපදවීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් දුර ගමනක් යා යුතුයි. මෙහි මූලිකත්වය හා මඟ පෙන්වීම මගේ P-H-D ආචාර්යවරුන් විසින් ලබා දුන්නා. මගේ අනෙකුත් පර්යේෂණවලින් විටමින් D, Polyunsaturated Fatty A-c-i-d-s වලින් පි-ළි-කා ඇතිවීමේ අවධානම අඩු කරනවාද යන්න සොයා බැලුවා. මෙලනෝමා ජාන සම්බන්ධව හා ලෝකයේ නවීන භාවිතයක් ලෙස ඉදිරියට එන Polygenic r-i-s-k scores ඒ කියන්නේ පුද්ගලයකුගේ ජාන සංයුතිය කියවා කලින්ම රෝගවලට ඇති අවදානම හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කරගෙන යනවා. “

ඔබ වෛද්‍ය වෘත්තියෙන් නොනැවතී නව සොයා ගැනීම් සඳහා යොමුවුණු වෛද්‍ය විද්‍යාඥවරියක්. විවිධ පර්යේෂණ හරහා නව සොයාගැනීම් කළ තැනැත්තියක්. ඉතින් මේ පන්නරය ලැබුණේ පාසල් අවදියේදී කියලයි කිව්වේ.

“ඇත්තටම ඔව්. මම විශාඛා විද්‍යාලයේ දී අ-ප්‍-ර-මාණව විෂයය බාහිර ක්‍රියාකාරකම් සඳහා යොමු වුණා.

චම්පා වරුසප්පෙරුම
(උපුටාගැනීම – තරුණීපුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x