ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ලෝචි 27 වෙනි උපන්දින සැමරුම

ලංකාවේ තරුණ තරුණියන් නම් මේ නම කිව්වම නොදන්නවා වෙන්න බැහැ. ටික් ටෝක් වලින් තමන්ගේ ගමන අරඹලා අද වෙද්දී ලංකාවේ ජනප්‍රියම තරුවක් බවට ඇය පත් වෙලා ඉන්නවා. ඒ තමයි ලෝචි කියන නමින් හැමෝම හඳුනන ලෝචනා ජයකොඩි. අපේ රටේ හැමකෙන්ක්ම ඇයව හඳුනාගත්තේ ටික් ටොක් හරහා මිලියන ගණනක් ප්‍රේක්ෂකයින් ඒ හරහා ඇය වටා එකතු වුනා. දැන් ඇය ගෙවන ජීවිතය ගැන අලුත් අදහස් දක්වලා තිබුනේ මේ විදියට. මම මිනිසුන් අතරට ගියේ ටික්ටොක් හරහා. ඒක ෆ්ලැට්ෆෝම් එකක්. නමුත් ඉතින් දැන්නම් ඒක මිනිස්සුන්ට එපා වෙලා වගේ, එහෙම වෙලා තියෙන්නේ ඒවා කරන අයගේ වැරදි නිසාම තමයි. මොකද ඕනෑම දෙයක හොඳ වගේම නරක කියලා තියනවා. සාමාන්යෙන් හැමෝම කරන්නේ නටලා දගලලා මේකේ මොනවා හරි දෙයක් කරන එක. නමුත් ඊට වඩා සමාජයට දෙයක් දෙන්න, ආදර්ශයක් දෙන්නත් මේ හරහා පුලුවන්. එහෙම කරන අය ඉන්නව නම් බොහොම සුලු පිරිසක් විතරයි.

උදාහරණයක් විදියට ගත්තොත් වෙළඳ දැන්වීමක්, බිස්නස් එකක් වුනත් මේ හරහා ප්‍රසිද්ද කරගන්න පුලුවන්, එහෙම කරන මිනිස්සු ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා. මේ හරහා මටත් හොඳ ප්‍රතිචාර ලැබුනා, ජනප්‍රිය වුනා. ඉන් පස්සේ චිත්‍රපට වලටත් මට ආරාධනා කිහිපයක් ලැබුනා. නමුත් ඒවාට ලොකු කැමැත්තක් නැති නිසා මම බාරගත්තේ නැහැ. ටෙලිනාට්‍ය වලට නම් යන්න මගේ කොහොමත් කැමැත්තක් නැහැ. නමුත් ලංකාවේ ජනප්‍රිය යූ ටියුබ් තරු එක්ක මම වැඩ කරනවා. ඒවාට කිසිම අකමැත්තක් නැහැ. ලොකු දේවල් ඕනේ නැහැ හැමෝටම තියනවා මොකක්හරි දක්ෂතාවයක්. ඒක එලියට අරගෙන තමන්ට පුලුවන් විදියේ දෙයක් පටන් ගන්න. එතනින් ගමන පොඩියට ආරම්භ කරන්න. ඉතින් අපි හැමෝම ආදරේ කරන ලෝචි පසුගිය දිනයක ඇයගේ විසි හත්වෙනි උපන්දිනය සමරලා තිබුනා. ඉතින් අපිත් ඇයට සුභ උපන්දිනයක් වේවා කියලා සුභ පතමු.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x