ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

සසන්ති ජයසේකරගේ බාල සහෝදරයා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

සසන්ති ජයසේකර කියලා කියන්නේ කාලයක් අපේ රටේ සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඔස්සේ කාගේත් ආදරය දිනාගත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් විවාහයෙන් පසුව ඇය ස්ථිර පදිංචිය සඳහා එංගලන්තයට ගියා. ඉතින් දැන් වසර කිහිපයක සිටම ඇය පදිංචිව සිටින්නේ එංගලන්තයේ. ඉතින් ඇයගේ සුදු ජාතික ස්වාමියා සහ ආදරණීය පුතා එක්ක තමයි ඇය එංගලන්තයේ ජීවත් වෙන්නේ. කොහොම නමුත් අපි අද කියන්න යන්නේ මේ ජනප්‍රිය නිළිය ගැන ටිකක් දුක්බර කතාවක්. ඉතින් ඒ තමයි සසන්තිගේ සහෝදරයන් දෙදෙනාගෙන් එක් සහෝදරයෙක් කාලයක් සසන්තිත් එක්ක එංගලන්තයේ තමයි පදිංචි වෙලා හිටියේ. කොහොම නමුත් පහුගිය 23වන දින රාත්‍රියේ හදිසි අනතුරකට ලක්වෙලා සසන්තිගේ ආදරණීය බාල සහෝදරයා ජීවිතක්ෂයට පත්වෙලා තියනවා.

ඉතින් මේ පිළිබඳව සසන්ති ජයසේකර අතිශය සංවේදී වෙමින් මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුනේ. අපේ මුළු ජීවිතේම කැඩී බිදී ගොස්, කිසිවෙකුටත් එය නැවත එකතු කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මගේ පුංචි සහෝදරයා මට සහෝදරයෙක් විතරක් නෙමෙයි. මම නිතරම ඔහුට සැලකුවේ මගේ පුතාට වගේමයි. ඒත් දැන් ඔහු අපෙන් වෙන් වෙලා ගිහින්. 23වන දින රාත්‍රී 11.56ට සිදුවූ මාරක රිය අනතුරින් මගේ ආදරණීය මල්ලී මෙලොව හැර ගියා. ඉතින් අපේ පවුලේ හැමෝටම මේක ලොකු දුක්බර අවස්ථාවක්. අපේ පවුල කෙරෙහි එයාගේ තිබුන දැඩි ආදරය සහ බැඳීම එයාගේ සංවේදී කම, එයාගේ අහිංසක කම මේ සියලුම දේ අපට අහිමි වුණා. ඔහු මට සහ මගේ පුතාට, මගේ අම්මට, තාත්තට, ඔහුගේ සහෝදරයාට, මගේ ආදරණීය ස්වාමි පුර්ෂයා ස්ටීව්ට සහ ජෝර්ජ්ට තිබුණු ආදරය අති මහත්. ඔහු සෑම කෙනෙකුටම ආදරය කළා. ඔහු එතරම් අහිංසක සංවේදී සහ හොඳ දරුවෙක්.

මගේ සොහොයුරාගේ ජීවිතයේ පසුගිය අවුරුද්දම හොඳම කාලයක්. ඔහු අපිත් එක්ක ආදරෙන් කාලය ගෙව්වා. වෙහෙස මහන්සි වෙලා වැඩ කළා, ක්‍රීඩා කළා. ජීවිතය ඔහුට ඉතාමත්ම සරල වුණා. ඔයා නැතුව අපේ ජීවිතේ කිසි දිනෙක ආයේ සන්තෝසෙන් ගෙවන්න පුළුවන් වෙයි කියලා මටනම් හිතෙන්නේ නැහැ. ඒත් ඔයා දැන් අපිත් එක්ක ඉන්නවා කියලයි මම හිතන්නේ. ඒ නිසා කොයිම වෙලාවකවත් මන් ඔයාට ආයුබෝවන් කියලා කියන්නේ නැහැ. ඉතින් මන් ප්‍රාර්ථනා කරනවා මගේ ඊළඟ ආත්මෙදි ඔයා මගේ පුතෙක් වෙලා හරි මගේ සහෝදරයා වෙලා හරි නැවත ඉපදෙන්න කියලා. අපි ගොඩක් ඔයාට ආදරෙයි. ඔයාට උතුම් නිවන් සැප ලැබේවා කියලයි මේ රංගන ශිල්පිණිය තමන්ගේ ආදරණීය සහෝදරයාගේ වියෝව ගැන සංවේදීව අදහස් පල කරලා තිබුනේ. ඉතින් ඒ වගේම සසන්ති ජයසේකර එංගලන්තයේ ඉදන් ආගමික වතාවත් සිදුකර තමන්ගේ සහෝදරයාට පින් අනුමෝදන් කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ. ඉතින් අපිත් සසන්තිගේ සහෝදරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x