දේශීය පුවත්ප්‍රධාන පුවත්

පාසල් පටන් ගත්තත් ගුරුවරු උගන්වන්නේ නෑලු

පාසල් විවෘත කළද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් සඳහා ගුරුවරු සහභාගී නොවන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පවසයි.

පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බව ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයන් සඳහන් කලේය.

මේ ගැටලුව නොවිසඳා ළමුන් 200ට අඩු පාසල් 5000ක් ඔක්තෝබර් 6 විවෘත කරන්න සූදානම් වුවත් වෘත්තිය අරගලය විසඳන තුරු පාසල් විවෘත කළ පසු පැමිණෙන්නේ නොමැති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කරයි.

“අධ්‍යාපන ලේකම් කුමන පදනමකින්ද අපිට නැවත වැඩකරන්න කියන්නේ. මේ විහිළු කතා කවුද පිළිගන්නේ? විහිළු සැපයීම නවත්වන්න. පාසල් විවෘත කිරීමට හා ප්‍රායෝගික පරීක්ෂණ කිරීමට පෙර කළ යුතු ප්‍රධාන දේ කුමක්ද? මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කර විසඳුමකට යමු. අපි දැවැන්ත තීන්දුවක් ගන්නවා.”යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

(Aruna.lk)

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x