දේශපාලන පුවත්ප්‍රධාන පුවත්

රට විවෘත කරන දිනය සෞඛ්‍ය ඇමති හෙළි කරයි

පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර සීමාවලට යටත්ව ඔක්තෝබර් මස 1 දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඊයේ (සැප්. 25) දින එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවත් කොරෝනාවෛරසය මෙරට තුළ පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය වී ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බවත්ය.

එබැවින් රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා තීරණය අනුව සීමා කිහිපයක් යටතේ රට යළි විවෘත කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

“වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඉතාමත් ම මේක කිට්ටුවෙන් මොනිටර් කරගෙන යනවා. දැනට තියෙන තත්ත්වය අනුව මේක යම් මට්ටමක හොඳ අතට හැරිලා තියෙනවා. එන්නත් කිරීම සම්බන්ධයෙන් 30න් එහා මං හිතන්නේ ලෝකයේ පළ⁣වන රටවල් 10 අතරේ අපි හිටියේ. දැන් ඒ තත්ත්වය පළ⁣වන රටවල් 3, 4 අතරට අපි ඇවිල්ලා තියෙනවා එන්නත් 2 ම ලබාදීම සම්බන්ධයෙන් 30ට වැඩි කණ්ඩායමට. 20-29 අතර මේ වන විට ආරම්භ කරලා තියෙනවා.

ඒ වගේ ම අපි ඊයේ ආරම්භ කළා අවුරුදු 12-19 අතර සංකූලතා සහ ආබාධ තියෙන දරුවන්ට වැක්සින් එක පටන් ගත්තා. මේ මොහොත වන විට අපි යම් අඩුවක් දකිනවා ආසාදිතයින්ගේ. මරණ සංඛ්‍යාව අඩුවක් තියෙනවා. රට විවෘත කළ පසු කොව්ඩ්වලට අදාළ නිර්දේශ අනුගමනය කළොත් අපිට මේ සටන ජය ගන්න පුළුවන්.

පළමු ⁣වන දා අපි බලාපොරොත්තු වෙනවා රට අරින්න. ඒක 30 වන දා අපි තීන්දු කරන්න වෙනවා. නමුත් දැනට අපේ බලාපොරොත්තුව රට අරින්න. ඒ අරිනකොට යම් සීමා දාන්න සිද්ධවෙනවා. ඒ සීමා සහිතව රට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

රංජිත් රාජපක්ෂ – හැටන්
(මව්බිම)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x