ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පටවිශේෂාංග

පාපැදියේ නැගී ඩිලිවරි යන හිටපු අමාත්‍ය වරයා

“වැඩිපුර පිටතට යනවිට ඔබට වැඩියෙන් මිනිසුන් හමුවේවි. ඔබ වැඩියෙන් ඉගෙන ගනීවි.”

රැකියාව යනු රැකියාවයි. “මට එහි වරදක් හැඟෙන්නේ නැහැ.”

ඇෆ්ගනිස්තානයේ සන්නිවේදන හිටපු අමාත්‍ය සයෙඩ් සදාත් සිය වත්මන් රැකියාව පිළිබඳ එසේ කියයි. වඩා සුබවාදී අනාගතයක අපේක්ෂාවෙන් ඔහු ජර්මනියට පැමිණෙන්නේ පසුගිය සැප්තැම්බරයේ දීය.

එහිදී සදාත් නව රැකියාවක් අරඹයි. ඒ, බෙදාහරින්නකු (delivery man) ලෙසිනි. පාපැදිය ඔහුගේ සහායකයා යි. තැඹිලි පැහැති නිල ඇඳුමෙන් සැරසී හෙතෙම ජනාකීර්ණ Leipzig නගරයෙහි සේවය කරයි.

හිටපු අමාත්‍යවරයාගේ රැකියාව පිළිබඳ ඇතැම් ඇෆ්ගනිස්තානුවන් විවේචන එල්ල කර ඇත. එහෙත් සයෙඩ් සදාත් පවසන්නේ රැකියාව යනු රැකියාව බවයි.

01

 

02

“මං හිතනවා අනිකුත් දේශපාලකයනුත් මේ මාර්ගය අනුගමනය කරයි කියලා. සැඟව සිටිනවාට වඩා ජනතාව සමග සේවය කිරීම හොඳයි.”

49 හැවිරිදි සදාත් තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ සේවා පිළිබඳ උපාධිධරයෙකි. ඔහු සිය සුදුසුකම්වලට අදාළ රැකියාවක් සොයා ගැනීමට බොහෝ වෙහෙස විය. එහෙත් ජර්මානු බස නොදැනීම ඔහුගේ ඉඩ සීමා කළේ ය.

“භාෂාව දැන සිටීම ඉතාම වැදගත්” බ්රතාන්‍ය පුරවැසිභාවය ද හිමි සදාත් මේ වනවිට ජර්මානු බස හදාරමින් සිටී. සෑම දිනකම හෙතෙම පැය හතරක කාලයක් භාෂා පාසලක් කරා යන්නේ ඒ වෙනුවෙනි. ඉන් පසු හවස් වරුවේ පැය 6ක සේවා මුරය අරඹයි.

03

Leaferando අවන්හල් ජාලයේ ආහාර බෙදාහැරීම ඔහුට පැවරෙන කාර්යයයි.

කාර්යබහුල නගරයේ පාපැදිය හැසිරවීම ඔහුට මුලදී පහසු වූයේ නැත. “වැඩිපුර පිටතට යනවිට ඔබට වැඩියෙන් මිනිසුන් හමුවේවි. ඔබ වැඩියෙන් ඉගෙන ගනීවි.” සයෙඩ් සදාත් පවසයි.

ඔහු ජීවිතය අලුතින් උගනිමින් සිටී. කිසිවකු කිසිදා ප්‍රමාද නැත. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අලුතින් ඇරඹිය හැකිය.

රෂ්නිකා ලියනගේ
– Leon Malherbe ගේ ලිපියක් ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x