ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

කලාකාරයා යැපෙන්නෙත් මේ කලාවෙන්

දුලාජ් ධනුශ්ක කියන්නේ මෙරට රියැලිටි වැඩසටහනක් තුළින් ඔබ හඳුනගත්ත ඉතාමත් ජනප්‍රිය ගායන ශිල්පියෙක්. මේ වෙද්දි ගායනයට අමතරව සංගීත අධ්‍යක්ෂකවරයෙක් වශයෙනුත් කටයුතු කරන දුලාජ්ගේ අපූරු ගීතයක් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ප්‍රචාරය වෙනවා. හැමෝගෙම ආදරේ දිනාගත්ත දුලාජ් නිර්මාණය කරපු “රෝස කතන්දර” ගීතය ගැන වගේම තවත් බොහෝ දේ ගැන ඔහු trending Colombo අපිත් එක්ක කිව්වේ මෙන්න මේ විදිහට..

මුලින්ම කියමු මොනවද මේ දවස් වල විස්තර ?

මේ දවස් වල මම රටේ නැහැ විදෙස්ගත වෙලා ඉන්නනේ. මගෙ බිරිදත් එක්ක මේ දවස්වල ඉතාලියට වෙලා ඉන්නවා. ලෝකයේ තියෙන මේ වසංගත තත්ත්වයත් එක්ක ලංකාවට එන්න බැරි වෙලා තියෙනවා. ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මොකද මම මගේ සංගීත වැඩ කටයුතුවලින් ටිකක් විතර බැහැර වෙලා තියෙනවා. නමුත් මම කරපු දේවලුත් මේ දිනවල සංගීත ක්ෂේත්‍රය තුළ යනවා.පුළුවන් තරම් ඉක්මනට ලංකාවට ඇවිල්ලා වැඩ වැඩ කටයුතු කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

‘රෝස කතන්දර ‘ නිසා ලැබෙන ප්‍රතිචාර සහ කොහොමද මේ ගීතය නිර්මාණය වුණේ?

“රෝස කතන්දර” කියන්නේ ඇත්තටම මීට අවුරුදු 8කට කලින් මම නිර්මාණය කරපු ගීතයක් නිමන්ති චමෝදනීට, පද රචනය කලේ ගිහාන් චාමික. සංගීතවත් කළේ මම .මේ ගීතය මේ දිනවල දෙවැනි ඉනිමට සම්බන්ධ කරලා තියෙනවා දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා විසින්. ඒත් එක්කම වඩාත් ඉහළ ප්‍රතිචාරයක් මේ ගීතයට ලැබුණා. ටෙලිනාට්‍යයේ තියෙන ජනප්‍රියත්වයත් එක්ක මේ වෙද්දි ගොඩක් ජනතාව අතරට ගිහිල්ලා තියෙනවා. මේක හොඳ නිර්මාණයක් කරලා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීනයන් පවා කතා කරලා කිව්වා. හොඳ ප්‍රතිචාර මේ වෙද්දි ලැබෙනවා. රෝස කතන්දර මේ දිනවල YouTube වල trending තියෙනවා. ඒ වගේම විව්ස් one million පැනලා තියෙනවා.

මොනවද ඔබේ අලුත් නිර්මාණ?

මම ඉතාලියට ආවට පස්සෙ කරපු ගීතයක් තියෙනවා. ඉදිරියේදී මියුසික් වීඩියෝ එකක් එක්කම එළියට දාන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ‘රගාස්සේ’ ඒ කියන්නේ කෙල්ලෝ කියන තේරුම තමයි ඒ සින්දුවෙන් නම . ඒක ඉතාලි වචනයක්. ඒ වගේම ලඟදි දෙරණේ ධරණි කියන ටෙලි නාට්‍යයේ ගීතයක් ප්‍රචාරය වෙන්න ඉඩ තියෙනවා. ඒ සින්දුවේ නම “රහසේ” එකෙත් සංගීත නිර්මාණය කළේ මම. මම වෙනත් ශිල්පීන්ට කරපු ගීත කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා. මේ දිනවල ඒ වගේ සංගීත වැඩකටයුතු වැඩ කටයුතු කෙරීගෙන යනවා.

රටෙන් එතෙරව ජීවත්වත්වීම ඔබේ සංගීත ගමන මන්දගාමී කරලද ?

2018 තමයි මම ඉතාලියට ආවේ. එනවත් එක්කම ගීත රාශියක් නිර්මාණය කරගෙන තමයි මම මෙහෙට ආවෙ.මගේ ඉන්න fan base එකත් එක්ක මම කොයි වෙලාවෙත් ටච් එකේ හිටියා.මෙහෙට ආවත් එක්කම ඒ අවශ්‍ය කාල වකවානු වලදී මගේ ගීත මම ප්‍රේක්ෂකයන්ට දුන්නා. tv programs වලට සහභාගි වෙන ඒ වගේ දේවල් තමයි කරගන්න බැරි වුණේ. නමුත් social-media නිසා ප්‍රේක්ෂකයන්ට ගොඩක් සමීප වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා .ඒ වගේම මෙහෙත් ඉන්නවා සංගීතයට ආදරය කරන විශාල පිරිසක් ඒ අයටත් ගීත නිර්මාණය කරමින් තමයි ඉන්නේ.ඒ නිසා සංගීත ගමන ලොකුවට අඩාල වුණේ නෑ.ලංකාවට පුළුවන් තරම් ඉක්මනින් ඇවිල්ලා මේ ගමන යන්න බලාපොරොත්තු වෙනවා.

අද ඔබ ඉන්න තැනට එද්දි පයින් ගහන්න හදපු, වට්ටපු අය ඉන්නවද ?

එහෙම අය ඉන්නවා. ඒත් මම එයාලගෙන් ප-ළි-ගන්න යන කෙනෙක් නෙමෙයි. ඒ දේවල් ශක්තියක් කරගෙන තවත් ඉස්සරහට යන කෙනෙක් මම. ගායකයෙක් විදියට හිටපු මාව සංගීත අධ්‍යක්ෂවරයෙක් කියන තැනට පත් කරන්නත් ඒවා ඔක්කොම බලපෑවා. අධෛ-ර්ය-මත් කරන්න ගොඩක් අය හිටිය නමුත් මම ඒවයෙන් නොවැටී ඉස්සරහට යන්න තමයි කටයුතු කළේ .

මේ ක්ෂේත්‍රය ඇතුලෙන් ඉගෙන ගත්ත අමතක නොවනම පාඩම මොකක්ද?

ඉතිහාසයේ ඉඳන් ගත්තම කලාකාරයා කියන්නෙ ‘හිගන්නෙක් ‘ කියලා කතාවක් කියලා තියෙනවා. ඒ කියන්නේ අරක්කු බෝතලේට වගේ දේවල් වලටත් කලා කටයුතු කලා කියලා . දැන් තියන දේවල් එක්ක ඒ කතාව වෙනස් වෙලා තියෙනවා .නවීන තාක්ෂණයත් එක්ක අපේ නවක කලාකාරයො මූල්‍යමය වශයෙන් ඒ කියන්නේ වෘත්තීමය වශයෙන් කරන්න ඕන කියන තැන තමයි ඉන්නේ. මොකද කලාකාරයා යැපෙන්නෙත් මේ කලාවෙන්.ඉතින් මේ දේ වෘත්තීමය වශයෙන් කරන්න ඕන කියන දේ තමයි මම ඉගෙන ගත්ත පාඩම.

සංගීතය නිසා ජීවිතේ අතඇරලා දාපු දේවල් තියෙනවද?

සංගීතය නිසා ජීවිතයේ අත ඇරලා දාපු දේවල් වලට වැඩිය හම්බ උන දේවල් අනන්තයි අප්‍රමාණයි .

මේ හැමදේටම ඔබේ ආදරණීය බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැන කියමු?

ඇයගේ සහයෝගය උපරිමයි . අපි එක තැනකට ආවේ ජීවිතේ ගැන ලොකු අවබෝධයකින්. විශේෂයෙන්ම මම කරන කටයුතු පිළිබඳව එයාට ලොකු අවබෝධයක් තියෙනවා. මගේ සංගීත කටයුතුවලට එයා ලොකු සහයෝගයක් දෙනවා. වෙලාවකට lyrical වීඩියෝ පවා හදලා දෙන්න එයා. ජීවිතයේ අනෙකුත් අවස්ථාවන්වල දී අවවාද පවා දෙනවා.ඒ වගේ හොඳ කෙනෙක් එයා. ඉතිං හැමදේටම අපි දෙන්නා හොඳින් සාර්ථකව මුහුණදෙමින් ඉස්සරහට යමින් ඉන්නවා.

(උපුටාගැනීම – Colombo Trending වෙබ් අඩවියෙනි)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x