ගොසිප් පුවත්විදෙස් පුවත්

වර්ෂ 2075 සිට 2019 දක්වා කාල තරණය කර, පැමිණි මිනිසාගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

2075 වංශයෙහි සිට කාර්ෂයෙහි සිට කාල තරණය කරමින් 2019 වර්ෂයට පැමිණ අනාගතයේ ලෝකයට කුමන ආකාරය බලපෑම් එල්ල වීමට තිබේදැයි පවසන කැස්පර් නම් පුද්ගලයාගේ ආන්දෝලනාත්මක හෙලිදරව්ව මෙසේය .

ඔහු පවසන වැදගත්ම කරුණු වලින් කිහිපයක් වන්නේ 2063 වර්ෂයේ දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය 100% වතුරෙන් යට වන බවයි.  මේ සඳහා සාක්ෂි වශයෙන් ඔහු ඡායාරූප දෙකක් ද 2075 වර්ෂයේ සිට රැගෙන පැමිණ ඇත. එපමනක් නොව 2075 වර්ෂයේ දී මිනිසුන් ආහාරයට ගන්නා කෑම ජාතියක් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් ඉදිරිපත් කරයි. මේ සියලුම කරුණු සඳහා ඔහු සාක්ෂි වශයෙන් ඡායාරූප කිහිපයක් ද කිහිපයක් ද ලෝකයට ඉදිරිපත් කර තිබේ.

ඔහු පවසන පරිදි ඔහුගේ මව සහ පියා විසින් ඔහු කුඩා කාලයේ සිට හදා වඩා හදාවඩා ගැනීමට භාර කර  රොබෝවරු දෙදෙනෙකුටය. අනාගතයේදී ළමයි බලා ගැනීමේ කාර්යභාරය පැවරෙන්නේ රොබෝවරුන්ට ලෙස කැස්පර් විසින් සඳහන් කරයි. එමෙන්ම අනාගතයේදී වැඩිහිටියකු ලෙස සලකන වයස් සීමාව අවුරුදු 12 දක්වා පහත හෙළන බවත් ඔහු පවසයි. වර්තමානයේ එම වයස් සීමාව අවුරුදු 18 ලෙස දක්වා ඇත කැස්පර් විසින් පැවසූ අනාගතයේදී සිදුවිය හැකි කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත.

ඔහු පවසන පරිදි කාල තරණ තාක්ෂණය 1981 වර්ෂයේ ලෝකයට හඳුන්වා දී ඇත. නමුත් එය ලෝකයේ බලවත් ජාතීන් ට පමණක් අයිති වූ අතිශය රහස්‍ය කාරණයක් බවට පත්වී තිබේ. නමුත් 2028 පමණ වන විට තවදුරටත් මෙය රහසක් ලෙස පවත්වාගෙන යා නොහැකි බව ඔහු සඳහන් කරයි. ලෝකයට විධිමත් ලෙස කාල තරණය 2028 වර්ෂයේ හඳුන්වා දෙනු ලබන බවත් ඔහු පවසයි. නමුත් අනාගතයේ දී තමන්ට අවශ්‍ය පරිදි කාල තරණය සිදු කළ නොහැකි බවත් ඒ සඳහා විශේෂ අවසරයක් රජයෙන් ලබාගත යුතු බවත් හෙතෙම දන්වා සිටී.

තවත් වර්ෂ දහයක් ගත වීමට පෙර පිටසක්වල ජීවීන්  සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකි වන බව ඔහු සඳහන් කරයි. එමෙන්ම අනාගතයේ දී ලෝකයේ මංමාවත්වල පිටසක්වල ජීවීන්ද සාමාන්‍ය මිනිසුන් ලෙස ගමන් කරනු ලබන බව ඔහු පවසයි. අප සැමට එය දැක ගැනීමට හැකි වනු ඇතැයි කැස්පර් විසින් ප්‍රකාශ කර තිබේ .

අනාගතයේ දී අප ජීවත් වන කාලයට වඩා විශාල වයස් ප්‍රමාණයක් ජීවත් වීමට මිනිසා වරම් ලබන බව ඔහු සඳහන් කරයි. උදාහරණයක් ලෙස මිනිසාගේ වයස් සීමාව අවුරුදු 150 ක් දක්වා වර්ධනය වීමට හැකියාව ඇති බව ඔහු අනාවරණය කරයි. මෙයට හේතු වී ඇත්තේ මිනිසා සහ පිටසක්වල ජීවින් ඒකාබද්ධව ආරම්භ කරනු ලබන තාක්ෂණික විප්ලවයේ ප්‍රතිඵල යයි. මෙම තාක්ෂණය මගින් මිනිසාට යම් යම් කිසි රෝගාබාධයක් ඇති වීමට පෙර එය හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බව ඔහු සඳහන් කරයි. එවිට රෝගියාට රෝගය කල් ඇතිව හඳුනා ගැනීමෙන් රෝගය වළක්වා ගැනීමට හැකිවන බවද ඔහු අවධාරණය කරයි.

අනාගතයේ දී තිබෙන ගොඩනැගිලි වළාකුළු පවා අභිබවා යන බව ඔහු පවසයි. 2075 වර්ෂයේ ඔහු ජීවත් වන නිවස පිහිටා තිබෙන්නේ එවැනි ගොඩනැගිල්ලක බව ඔහු පෙන්වා දෙයි.

2063 වර්ෂයේදී ලෝකයට ඉතා අවදානම් සහිත වාතාවරණයක් ඇති වන බවත්, අයිස් කඳු දියවීම නිසා ගොඩබිම් මිහුදට බිලි වීමට නියමිත බවත් ඔහු පෙන්වා දෙයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පරිසර විනාශය සහ ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීම බවත් ඔහු කියයි.

2075 වන විට ලෝකයේ රටවල් අතර කිසිම සීමාවක් ඇති නොවන බවත් මුළු ලෝකයම එක රටක් බවට පත්වන බවත් ඔහු දක්වයි. ලෝකයටම පොදු වූ එක් මුදල් ඒකකයක් භාවිතා කරනු ලබන බවත් , එක් නායකයෙකු ලෝකය පාලනය කරනු ලබන බවත් ඔහු අවධාරණය කරයි.

එපමනක් නොව මුහුද යටින් සහ පොළොව යටින් ඕනෑම රටකට ගමන් කිරීමට මාර්ග නිර්මාණය වන බවත් අවශ්‍ය ඕනෑම වෙලාවක ඉතා ඉක්මනින් ලෝකේ ඕනෑම රටකට ගමන් කිරීමට මේ හරහා අවකාශය ලැබෙන බවත් හෙතෙම සඳහන් කරයි .

අනාගතයේදී ලෝකයේ කිසිම පුද්ගලයකුට බඩගින්නේ සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවත් සෑම පුද්ගලයකුටම අවශ්‍ය ආහාරපාන බෙදා දීමේ කාර්යය භාරය රජය විසින් භාර ගනු ඇති බවත් ඔහු විසින් පෙන්වා දෙයි. ඔහු එම කෑම වර්ගය ද පෙන්වයි. එම කෑම වර්ගය බැලූ බැල්මට කුඩා පෙත්තක හැඩයක් ගනු ලබන අතර එක් පෙත්තක් දවසට ප්‍රමාණවත් බව ඔහු පෙන්වා දෙයි.

(උපුටාගැනීම – Colombo Trending)

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x