ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ඩ්‍රම්ස් සහ පියානෝ වාදනයත් හදාරනවා

තමා සතු ගායන හැකියාව තුළින් කලාවට අත්පොත් තැබූ ඇය සචිනි රණවකයි. ගායන තරගාවලියක් හරහා කලාවට පිවිසි ඇය මේ වනවිට ගායනය, රංගනය මෙන් ම හඬකැවීම් ආදී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ තම කුසලතා ඉදිරිපත් කරන්නීය. මේ දිනවල විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ අමායාගේ චරිතයට අතරේ ම නුදුරේදී ම සිනමාව හරහා ද ප්‍රේක්ෂක සිත් සොරා ගැනීම සූදානමින් සිටිනවා.

සචිනි මුලින් ම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොම ද? 

මම 2017 වසරේදී පෞද්ගලික නාළිකාවක ගීත ගායනා තරගාවලියක 7 වන අදියර සඳහා සහභාගි වුණා. එහිදී මට අවසන් දසදෙනා අතරට එන්න පුළුවන් වුණා. තරගයෙන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිසා දීර්ඝ කාලීනව කලාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. නමුත් මම සංගීත ප්‍රසංග ආදියට සම්බන්ධ වුණා.

එතකොට ටෙලි නාට්‍යය සඳහා සම්බන්ධ වෙන්නේ කොහොම ද? 

එම නාළිකාවේ ම නාළිකා ප්‍රධානිතුමාගේ ආරාධනය යටතේ පෝය ටෙලි නිර්මාණයක් වන ‘සසල’ කියන නාට්‍යයට ආරාධනා කළා. ඇත්තට ම මම පාසල් නාට්‍ය තරගවලට සහභාගි වෙලා හොඳ ම නිළිය සම්මානය පවා දිනාගෙන තියෙනවා. ඒ නිසා එම ආරාධනාව කැමැත්තෙන් භාර ගත්තා. නාට්‍ය ඉවර වුණා ම ලක්සිරි සර් කතා කරලා මම හොඳට වැඩේ කරලා තියෙනවා කියලා කිව්වා.

සංගීතේ ආමායා කියන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කෙනෙක් නේ ද? 

ඔව්. ‘සංගීතේ’ ටෙලි නිර්මාණයහි ‘අමායා’ කියන ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන් තරුණියකගේ චරිතයට දායක වෙන්න ආරාධනා ලැබුණා. විශ්වවිද්‍යාලය තුළ මම ඩ්‍රම්ස් වාදනය හදාරන නිසා මට ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන් නිසා එම චරිතය මට හොඳින් ම ගැළපුණා.

01

 

02

පසුගිය දා ජාත්‍යන්තරය තුළදී සම්මානයට පාත්‍ර වුණු ගොවි තාත්තා නිර්මාණයට ඔබ දායක වුණා. ඒ ගැන මතක් කළොත්? 

මේ ආකාරයට පැමිණි ගමන්මගේදී මට රිදීතිරයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වුණා. ඒ දර්ශන රුවන් දිසානායක මහතාගේ ‘ගොවි තාත්තා’ කියන චිත්‍රපටය හරහා. එහි මම නිරූපණය කරන්නේ අහිංසක ගැමි තරුණියකගේ චරිතයක්. සූර්යා දයාරුවන් අයියාගේ පෙම්වතිය විධියට තමයි චරිතය ගලාගෙන යන්නේ.

නිර්මාණ කටයුතු සඳහා තෝරා බේරා ගැනීමක් සහිතව ද සම්බන්ධ වෙන්නේ? 

ඇත්තටම විවිධ නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණත් අධ්‍යාපන කටයුතු නිසා තෝරා බේ-රා ගෙන තමයි නිර්මාණවලට දායක වෙන්නේ. ඉදිරියේදී හොඳ නිර්මාණ තුළින් කලා ක්‍ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ ගායනට දක්ෂ අයෙක්. ඔබගේ ම ගීතයක් නිර්මාණය කළේ නැද්ද? 

තව ‘ආදරේ කුසුම’ කියලා මගේ ම ගීතයක් නිර්මාණය කළා. එහි තනු නිර්මාණය දර්ශන රුවන් දිසානායක මහතාගේ. පද රචනය අමිල තේනුවර මහතා. නිසල් ෆර්ඩිනැන්ඩු සහ දිනේෂ් ගමගේ සමග කළ අලුත් ගීත 2ක වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබුණා.

ඔබ හඬ කැවීම්වලටත් සම්බන්ධ වෙනවා නේද? 

‘අපේ චූටි දූ’ කියන ටෙලි නාට්‍යයේ ‘චාන්දා’ගේ චරිතයට හඬ කැවීම් සිදුකරනවා. එම අවස්ථාව මට ලබාදුන්නු අනුරාධ සිගේරා අයියා ඇතුළු හඬ කැවීම් කාර්ය මණ්ඩලයට මම ස්තුති වන්ත වෙනවා.

03

 

04

පවුලේ විස්තර ගැනත් මතක් කරමු? 

මගේ ගම බොරලැස්ගමුව. පාසල් ගියේ කොළඹ විශාකා විද්‍යාලයට. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බටහිර අධ්‍යයන අංශයේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඊට අමතරව ඩ්‍රම්ස් සහ පියානෝ වාදනයත් හදාරනවා. මගෙ පවුලේ අම්මා, තාත්තා, අයියා සහ මම විතරයි ඉන්නේ.

කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන ප්‍රතිචාර මොනවගේ ද? 

ඇත්තට ම මගේ පවුලේ අයගෙන් මගේ සියලු ම කටයුතුවලට විශාල සහයෝගයක් ලැබෙනවා.

අනාගත බලාපොරොත්තු ගැන මතක් කළොත්? 

රංගනය, ගායනය මේ සියල්ල සමබරව කරගෙන කලාව තුළින් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව.

– දිනූෂා මනෝරි නිශ්ශංක – මව්බිම පුවත්පත ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x