ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේවිශේෂාංග

ඇමරිකානුවන්ටත් බණ කියන පේරාදෙණියේ සුජාත හාමුදුරුවෝ

පේරාදෙණියේ සුජාත හාමුදුරුවෝ ඇමරිකා එක්සත් ජනපදයේ ‘‘බ්ලූ ලෝටස් පන්සලේ ’’ වැඩවාසය කරමින් අපේ රටේ ‘‘සනාථ සුවය‘‘භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගෙන සමාජ සත්කාර කරන සුපේෂල ශික්ෂාකාමී ස්වාමින්වහන්සේ නමක්. අද උන්වහන්සේගේ ජීවිත කථාවට ඇරඹුුමක්…

මගේ උපන්ගම පේරාදෙණිිය. ගිහි නම නීල් බණ්ඩාර. මූලික අධ්‍යාපනය ලැබුවේ තුම්පනේ දෙහිදෙනිය ප‍්‍රාථමික විද්‍යාලයෙන්. එතැනින් පසුව පේරාදෙණිය පුෂ්පදාන මිශ‍්‍ර පාසලේ සහ පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.

පැවිදි ජීවිතය ගැන අදහසක් ඇති වුණේ… 

එතකොට මට අවුරුදු 11 ක්. මම පේරාදෙණිිය සුබෝධාරාමයේ දහම්පාසලට යන කාලයේ මේ පන්සලේ නායක හාමුදුරුවන් අපවත් වුණා. උන්වහන්සේගේ ගෝල හාමුදුරුවන්වහන්සේ වත්තේගම ශ‍්‍රි ධර්මාවාස ස්වාමින්වහන්සේ. උන්වහන්සේත් ඔය කාලය වන විට වයස අවුරුදු 22 ක විතර තරුණ ස්වාමින්වහන්සේ නමක්.මමත් පුංචි නිසා හාමුදුරුවෝත් තරුණ නිසා අපි අතර ලොකු බැඳීමක් තිබුණා. මේ අතර හාමුදුරුවෝ මගෙන් දවසක් ඇහුවා මහණ වෙන්න කැමතිද කියලා… පැවිදි ජීවිතය ගැන මට අවබෝධයක් තිබුණෙ නැහැ. මම එකපාරටම හා කිව්වා.

ඔබවහන්සේගේ දෙමවුපියන්ගේ කැමැත්ත ලැබුණාද…? 

අම්මා කැමති වුණෙ නැ-හැ. ඊටපස්සේ මම කිව්වා මහණ වෙන්න දුන්නේ නැත්තනම් මහවැලි ගඟට පැ-න-ලා මැ-රෙ-න-වා කියලා. අම්මා හොඳටම බ-ය වෙලා එදා රාත‍්‍රියේ මගේ ළඟම නිදා ගත්තා. අන්තිමේදී මගේ දැ-ඩි ඉල්ලීමට අම්මා කැමති වුණා.

මම මාස හයක් පන්සලේ නැවතිලා බණ දහම් ඉගෙන ගත්තා. පැවිදි වෙන්න පෙර දවසේ ලොකු හාමුදුරුවෝ මට කිව්වා ගෙදර ගිහින් දෙමව්පියන්ට වැඳලා එන්න කියලා. මම ගෙදර එද්දී නෑදෑයෝ ඇවිත් කැවුම් බදිනවා. ඇයි හෙට මගේ මහණ පිංකමනේ..අප්පච්චි මට මෙහෙම කිව්වා..

මේ සේරම ලෑස්ති කළත් පුතා කැමැති නම් මහණ වෙන තීරණය වෙනස් කරන්න දැන් වුණත් පුළුවන් තව හිතන්න කිව්වා.
මං කිව්වා මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ කියලා. අප්පච්චිට කේ-න්ති- ගියා. හැබැයි මහණ වෙලා පැවිදි ජීවිතයේ ඉන්න බැහැ කියලා හිිතුන දවසට ගෙදර පැත්තට එන්න බැ-හැ. කොළඹ පාර දිගේ යනවා මිසක්. ගෙදර එහෙම ආවොත් කෑ-ලි ක-ප-ල මහවැලි ගඟට දා-න-වා කිව්වා. මම වගකටවත් ගත්තේ නැහැ. අම්මට, අප්පච්චිට සහ ගෙදර හිටිය වැඩිහිටි අයට වැඳලා අයෙම පන්සලට ආවා.

පැවිදි ජීවිතයේ මුල් කාලයේදී… 

පැවිදි වුණාට පස්සේ මම මහනුවර වජිරාරාමයේ බ‍්‍රාහ්මණගම මුදිත ස්වාමින්වහන්සේගෙන් බණ දහම් ඉගෙන ගත්තා. හාමුදුරුවෝ මට හරිම ආදරෙයි. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුනේ මුදිත හාමුදුරුවෝ. එතැනින් පසුව මහරගම ධර්මායතනයේ මඩිහේ පඤ්ඤාසීහ ස්වාමින්වහන්සේ ගෙන් බණ දහම් ඉගෙන ගත්තා.මේ කාලයේ පේරාදෙනිය සුබෝධාරාමයේ පිරිවෙනත් පටන් ගත්තා.

01

විදේශගත වීම් 

මම මුලින්ම ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් හි පිහිටි ශී‍්‍ර ලංකාරාමයේ වැඩසිටියා. නමුත් මගේ හිතට එතරම් පැහැදීමක් නැහැ. මේ රටේ පන්සල් පාලනය කරන්නේ දායකයෝ. අවුරුදු හතරක් මම ලංකාරාමයේ වැඩ සිටියා.ඒ නිසා මට මේ සීමාවන් මැද ඉන්න අපහසුයි වගේ තේරුණා.ජීවිතයේ ලොකු හිස්බවක් දැනුනා. ආයෙම ලංකාවට වඩින්නත් බැ-හැ. පැවිදි ජීවිතයේ කම්කටොළු ද-ර-න්න අ-පහ-සුයි වගේ මට තේරුනා.

උපැවිදි වෙන්න හිතුනද…? 

ඔව් මම තීරණයක් ගත්තා. ජපානයට ගිහින් උපැවිදි වෙන්න තීරණය කර ගෙන ජපානයට වැඩියා. එදා ජනවාරි පළවෙනිදා දවසක් මම මුදිත හාමුදුරුවන්ට සුබපතන්න දුරකථන ඇමතුමක් ගත්තා. මුදිත හාමුදුරුවෝ මගෙන් ඇහුවා … මොකද කරන්නේ කියලා..?

මං කිව්වා නිකං ඉන්නවා කියලා..හාමුදුරුවෝ මට කියනවා 

නිකං ඉන්නවා..අනුරාධපුරේ කුඹුරුවලත් මුට්ටියක් ඔ-ලූවේ දා ගත්ත කට්ටියක් ඉන්නවා ඔය වගේ. ඒ තැනට පත් වෙන්න එපා ලංකාවට යන්න..එහෙම නැත්නම් ඇමරිකාවට එන්න කිව්වා.

ඇමරිකාවට යන්න තීරණය කළා.. 

මම ඇමරිකාවට යන්න තීරණය කළා. මිචිගන් වල ‘‘ග්‍රෙට් ලේක්ස් බුඩිස්ට් ’’ පන්සලේ හිටියත් මට උ-පැ-විදි වෙන අදහස නැ-ති වුණේ නැ-හැ.මම ආයෙමත් මුදිත හාමුදුරුවන්ට කිව්වා මට සිවුරු අ-රි-න්න ඕන කියලා. හාමුදුරුවෝ කිව්වා හරි මං උදව් කරන්නම් කියලා.මට ඉංගී‍්‍රසි ඉගෙන ගන්න කිව්වා. මේ අතරවාරයේ මුදිත හාමුදුරුවෝ කැනඩාවට වැඩියා. මම අවුරුදු පහක් පන්සල බලාගෙන හිටියා.

දැන්නම් මට යන්නම ඕන.. 

මගේ හිතේ කැ-ළ-ඹි-ල්ල තවමත් අවසාන නැ-හැ. මට මේ පන්සලෙන් යන්න දැන් වෙලාව ඇවිත් මගේ හිත කියන්න පටන් ගත්තා. මම වෙන තැනකට යන්න තීරණය කලා. සුදු මහත්තයෙක් මට පල්ලි කීපයක ‘‘ඊ මේල් ’’ ලිපින දුන්නා. මම ඒවාට මට නවතින තැනක් ඉල්ලලා විස්තර දැම්මා. මේ අතරින් මට ඇට්ලන්ටා සහ චිකාගෝ වලින් පළිතුරු ලැබී තිබුණා. මම චිකාගෝ යන්න තීරණය කළා.

මම මේ පන්සලෙන් යන්න තීරණය කළා. මුදිත හාමුදුරුවන්ට කිව්වා ‘‘හාමුදුරුවනේ මට මේ පන්සලෙන් යන්න් ඕන….

කොහටද යන්නේ…හාමුදුරුවෝ ඇහුවා.

මට චිකාගෝවල තැනැක් ලැබණා. මම කිව්වා. පරණ කාර් එකකට මගේ බඩුත් දාගෙන මම පන්සලෙන් පිට වුණා. පාළුවට ගිය පාම් වතු මැදින් යද්දී මගේ හිතට බ-ය-කු-ත් දැනුනා. ජීවිතයේ තීරණාත්මක ගමනක්. මගේ ජීවිතය මොන අතරට හැරෙයිද..? ප‍්‍ර-ශ්න වැලක් මගෙ හිතේ .කොහොම හරි මම විද්‍යුත් ලිපිනයේ තිබුණ පල්ලියට ගියා. එහි පියතුමා හමු වුණා.

මම බෞද්ධ පූජකවරුන්ට සලකන වත් පිළිවෙත් දන්නේ නැහැ. ඒ නිසා ඇමරිකාවේ ඉන්න බෞද්ධ පවුලක් සමග සම්බන්ධ කරන්නම් කිව්වා. සුදු ජාතික පවුලක්… ඒ ගෙදර මට නවාතැන් දුන්නා. පුංචි දරුවෝ දෙන්නෙක් ගෙදර හිටියා.

ඔය අතරේ දවසක් මේ කාන්තාව මගෙන් මෙහෙම ඇහුවා. අපට ගමනක් යන්න වෙලා තියෙනවා. අපි එනකම් දරුවො දෙන්නා බලාගන්න පුළුවන්ද ඇහුවා..

මම හා කිව්වා…හැබැයි ලේසි නැහැ. මේ කාලයේ මම මැක් හවුන්ටිං පාසලේ ඉගෙන ගන්නවා. මගේ පාසලේ වැඩයි..මේ දරුවො බලාගන්නයි..නිදා ගනිද්දී කථන්දර කියන්නයි සේරම වැඩ මට පැවරුනා. මම මේ ගෙදර අවුරුදු නවයක් හිටියා. ඒ අතරේ මම මේ පවුල සමග ඉංගී‍්‍රසියෙන් කථා කිරීම හික්දාම මගේ ඉංගී‍්‍රසි දැනුමත් හොඳින්ම දියුණු වුණා.

02

භාවනා වැඩසටහනේදී… 

මේ අතර පල්ලියේ පියතුමාගෙන් මට ආරාධනාවක් ලැබුණා. පල්ලියට එන අයට වැඩසටහනක් කරන්න. මට නම් ඒ කටයුත්ත අපහසුයි මම කිව්වා. පියතුමා මට මෙහෙම කිව්වා. මේ රටට කියන්නේ land of opportunity ඔබවහන්සේගේ සැඟවුන හැකියාවන් දියුණු කරගන්න තිබෙන හොඳම අවස්ථාවක්. මම ඔබවහන්සේගේ හැකියාවන් දන්න නිසයිි මේ ඉල්ලීම කරන්නේ පියතුමා කිව්වා.

එදා සෙනසුරාදාවක්. භාවනා වැඩසටහනට තුන්දෙනෙක් ආවා. මම ඒ තුන්දෙනා දිහා බලලා හිනා වුණා. ඒ තුන්දෙනා මට හිනා වුණා. ඔය විදිහට මා-රු-වෙන් මා-රු-වට විනාඩි පහලොවක් විතර අපි දෙගොල්ලන් හිනා වුණා. එදාට එච්චරයි. පියතුමා මට නැවතත් භාවනා පංතිය තියන්න කිව්වා.එදා හතර දෙනෙක් ආවා. එදා මම වචන දෙක තුනක් කතා කළා.

ඔය විදිහට සෙනසුරාදා භාවනා වැඩසටහන කරද්දී ටිකෙන් ටික පැමිණෙන සංඛ්‍යාව වැඩි වුණා.

පල්ලියක් ඇතුලත බ්ලූ ලෝටස් පන්සල පටන් ගැනීම… 

මම අවුරුදු නවයක්ම භාවනා වැඩසටහන පවත්වන අතර මේ පල්ලියේ පැත්තක ‘‘බ්ලූ ලෝටස් ’’ පන්සල පටන් ගත්තා.මේ පල්ලිය අවුරුදු 120 ක් පැරණි පල්ලියක්. ඔය අතරේ පල්ලිය විකුණන ආරංචියක් ආවා. මගේ පන්සල සමග සම්බන්ධ ඇමරිකානු ජාතිකයන් මේ පණිවිඩය දැනගෙන පල්ලිය මුදලට අරගෙන බ්ලූ ලෝටස් පන්සල වෙනුවෙන් ප‍්‍රදානය කළා.

පල්ලිය ඇතුලේ තිබුන පන්සලේ වපසරිය පුළුල් වුනත් පල්ලියේ තිබුණ එකදු ජේසු ප‍්‍රතිමාවක් හෝ ඉ-ව-ත් කළේ නැහැ.පන්සලේම දහම් පාසලක් පටන් ගත්තා. භාවනා වැඩ සටහන් පවත්වනවා. ගැබිනි අම්මලාට මානසික සුවය වෙනුවෙන් වගේම දෙමවුපියකරණය ගැන වැඩසටහන් පවත්වනවා. මානසික උපදේශන වැඩසටහන් පවත්වනවා. ඒ වගේම පෙරහැර වැනි සංස්කෘතික වැඩසටහන් පවා පැවැත්වෙනවා.

03

ඔබ වහන්සේ ඇමරිකාව වැනි රටකට බෞද්ධ දර්ශනයේ පනිවිඩය ලබා දීම… 

මිහිඳු මහරහතන්වහන්සේ අපේ රටට බෞද්ධ දර්ශනයේ පණිවිඩය ලබා දුන්නා. අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම බොදු හැදියාවට නැඹුරු වුණා. මගේ ධර්ම ප‍්‍රචාරණයෙන් ඇමරිකාවේ පුද්ගලයන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ජීවිත බෞද්ධ ධර්මය අනුව අනුගත කරනවා.

බෝසත් පාරමිතාවන් පුරණ ගමනක්ද..? 

බෞද්ධයෙකුගේ ජීවිතය දාන,ශීල සහ භාවනාව මත හැඩ ගැහෙනවා. මම ඇමරිකාවේ ධර්ම ප‍්‍රචාරය කිරීම වගේම ඉගැන්වීම් කටයුතුවලත් නිතර වෙනවා. ඒ අතරම මම ලංකාවට වඩිනවා. ලංකාවට වඩින හැම අවස්ථාවකදීම කුමන හෝ සමාජ සත්කාරයක් කරනවා.දැනට ගෙවල් නැති අයට ගෙවල් ලබා දී තිබෙනවා. අපි මෙතැනදී වණත් බොහොම සැලසුම් සහගතව ඒ කටයුතු කරනවා. ගෙයක් නැහැ කිව්වාටම ගෙයක් දෙන්නේ නැහැ. අපේ කණ්ඩායමක් ලවා ශක්‍යතා අධ්‍යනයක් කරනවා.

ඒ අයට සපයා ගත හැකි අමුද්‍රව්‍ය සහ ශ‍්‍රමයට අමතරව නිවස සාදා ගැනීමට අවශ්‍ය මිළ මුදල් ලබා දෙනවා. සමහර අවස්ථාවල අපේ ‘‘සනාථ සුවය ’’ භාවනා මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේලා ගිහින් වැලි ඇදලා දුන්න තැන් තියෙනවා. අනුරාධපුර පළාතේ පාසල්වලට ෆිල්ටර් සහ පාසල් උපකරණ ලබා දුන්නා.

පේරාදෙණිය රෝහලේ නොමේරූ ළදරු ඒකකයට incubation යන්ත‍්‍ර ලබා දුන්නා. වෙනත් රෝහල්වලටත් ලබා දුන් සබජමඉ්එසදබ යන්ත‍්‍ර එකතුව 22 ක් වෙනවා. ඒ වගේම ලක්ෂ 45 ක් වටිනා මකඑර් ිදමබා යන්ත‍්‍ර වගේම කොවිඞ් වසංගත කාලයේදී Pcr පරීක්ෂණ වෙනුවෙන් ලක්ෂ 56 ක් වටිනා incubation යන්ත‍්‍ර පේරාදෙනිය රෝහලට සහ විශ්ව විද්‍යාලයට ලබා දුන්නා.

ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම ප‍්‍රචාරය කළත් තවමත් උන්වහන්සේගේ හදවත නැවතී තිබෙන්නේ ශ‍්‍රී ලංකාව වැනි තමා උපන් පුංචි රටේ. ඒ නිසාම උන්වහන්සේ පාරමී පුරණ මේ ගමනේදී තවත් එක් නවාතැන්පොලක් බවට මේ පුංචි රට පත් වෙලා. උන්වහන්සේට ධර්ම මාර්ගයම සාක්ෂාත් වේවා යැයි අපිත් ප‍්‍රාර්ථනා කරමු.

පුන්‍යා චාන්දනි ද සිල්වා – නවලිය පුවත්පත ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x