ගොසිප් පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

දෙරණ ගෞරවනීය මාධ්‍ය ජාලය වෙමින් සම්මානයට

2021 ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම්වල ජනමාධ්‍ය අංශයේ ජයග්‍රාහකයා ලෙස‍ දෙරණ මාධ්‍ය ජාලය තේරී පත්වී තිබේ. LMD ව්‍යාපාරික සඟරාවේ නවතම වාර්තාව ඒ පිළිබඳ අනාවරණ කර ඇති අතර පසුගිය වසරේද ජනමාධ්‍ය අංශයේ ජයග්‍රාහකයා වූයේ දෙරණ මාධ්‍ය ජාලයයි. ජාත්‍යන්තරව පිළිගත් සමීක්ෂණ හා ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන නීල්සන් ආයතනය විසින් වාර්ෂිකව මෙරට ගෞරවනීය ආයතන තෝරාගනු ලබයි.

ඒ අනුව 2021 ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම් සඳහා ක්ෂේත්‍ර 26ක කීර්තිමත්ම සමාගම් 134 ක් සමීක්ෂණයට ලක්කෙරුණු අතර ඉන් ජයග්‍රාහක ආයතන LMD ව්‍යාපාරික සඟරාව මගින් ප්‍රකාශයට පත්කර තිබේ. මෙහි ජනමාධ්‍ය අංශයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතනය වශයෙන් ජයග්‍රාහකයා ලෙස‍ තේරී පත්වී ඇත්තේ දෙරණ මාධ්‍ය ජාලයය.

ටීවී දෙරණ , එෆ්. එම්. දෙරණ, අද දෙරණ වෙබ් අඩවිය, යූටියුබ් අවකාශය මෙන්ම අද දෙරණ SMS කෙටි පණිවුඩ සේවාව ආදී අංශ රැසක් ඔස්සේ මෙරට ජනතාවට සමීපවී සිටින දෙරණ මාධ්‍ය ජාලය සියලු සමීක්ෂණ වාර්තාවලින් දිවයිනේ වැඩිම ප්‍රේක්ෂක අවධානය දිනූ මාධ්‍ය ආයතනය බවටද පත්වී සිටී.

මෙහිදී ජෝන් කීල්ස් සමාගම ලැයිස්තුගත සමාගම් අතුරින් ජයග්‍රාහකයා ලෙසත්, යුනිලිවර් සමාගම බහුජාතික සමාගම් අතරින් ජයග්‍රාහකයා ලෙසත්, මාස් හෝල්ඩින්ස් සමාගම ඇඟලුම් ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයා ලෙසත් තේරී පත්වී ඇත.

ඉදිකිරීම් සහ ඉංජිනේරු අංශයේ ජයග්‍රාහකයා ලෙස මාගා ඉංජිනියරින්ස් සමාගමත්, සෞඛ්‍යසත්කාර සේවාවෙන් නවලෝක රෝහල් සමූහයත්, සිල්ලර වෙළෙඳාම් අංශයෙන් කාගිල්ස් සමාගමත්, විදුලි සංදේශ අංශයෙන් ඩයලෝග් ආසියාටා සමාගමත් ජයග්‍රහණය කර තිබේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x