දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ණයක් ලබාගැනීමට රජයේ අවධානය

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය සැලැස්මක් ලබාගැනීමට රජයේ අවධානය යොමු තිබේ.

ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙරට පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ අර්බුදයක් පවතින අතර, ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය මීට පෙර රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබීය.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් අදාළ ණය මුදල ලබාගැනීම සඳහාවන කොන්දේසි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x