ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මම කවදාවත් රඟපාන්න හීන මැව්වෙ නෑ

නමින් ආකාෂ් වුණත් ‘බ්‍රෝ’ ටෙලිනාට්‍යය නිසා අද බොහෝ දෙනා ඔහුව අමතන්නෙ සනුක කියලා. ඇත්තටම ආකාෂ්, සනුකට ජීවය දුන්න ද කියල දැන ගන්න ආකාෂ්ව මුණගැහුණු වෙලාවෙ ඔහුගෙ කලාවේ ගමන්මඟ ගැන ‘නවලිය – කලා ලොව’ ට මෙහෙම කිව්වා.

කොහොමද සනුක ජීවිතේ?

සනුක…..? ආ ඒ ‘බ්‍රෝ’ ටෙලි ඩ‍්‍රාමා එකේනෙ.. සැබෑ ජීවිතේ මම ආකාෂ්.

ආකාෂ් සනුක වුණ හැටි මතක් කළොත්?

‘බ්‍රෝ’ කියන්නෙ කුඩා කාලෙම තමන්ගෙ අම්මගෙන් මඟහැරිල පස්සෙ කාලෙකදි අහිමි වුණ ඒ මව් සෙනෙහස හොයාගෙන යන සහෝදරයන් දෙදෙනෙකු වටා ගෙතුණු කතාවක්. සනුකගෙ සොහොයුරා කේසර. කේසරගෙ චරිතෙට නාට්‍යයේ අධ්‍යක්‍ෂ ඩිලාන් විජයවික‍්‍රම යෂ් වීරසිංහව තෝරගත්තට පස්සෙ හිතුවලූ ඒ හැඩහුරුකම්වලට සමාන කෙනෙක්වම සනුකගෙ චරිතයටත් හොයාගන්න ඕනෙ කියලා. ඒ අනුව තමයි මට ඒ අවස්ථාව හිමි වුණේ.

ආරාධනාව ලැබුණම මොකද හිතුනෙ?

ඇත්තටම කිව්වොත් මම රංගනයට ආධුනිකයි. මොකද තවම මේ ක්‍ෂේත‍්‍රයට පය තිබ්බ විතරයි. ඒ තුළ ෆේස්බුක් හරහා ‘බ්‍රෝ’ අධ්‍යක්ෂවරයා ඔහුගේ ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන චරිතයකට මාව තෝරා ගැනීම ගැන මගේ හිතේ ඇති වුණේ කියන්න බැරි තරම් සතුටක්.

ලැබුණ අවස්ථාවට සාධාරණයක් කළා කියලා ඔබට හිතෙනවද?

මට මං ගැන අධිතක්සේරුවකින් කතා කරන්න බැහැ. ඒත් හැම තත්පරයකදීම හිතේ තිබුණෙ මගෙ උපරිමය යොදවල චරිතෙට සාධාරණයක් කරන්න ඕන කියන සිතුවිල්ල. මොකද මාව ඩ‍්‍රාමා එකට තෝර ගත්තට පස්සෙ ඩිලාන් මල්ලිගෙන් මම දැනගත්තා පනස් දෙනෙක් විතර බලල තමයි මේ චරිතෙට මාව තෝරගත්තෙ කියල. ඒ තෝරා ගැනීමට ගෞරවයක් දක්වන්න නම් මම ඔහුගේ බලාපොරොත්තුව සීයට සීයක් ඉටු කරන්න ඕන. ඇත්තටම මම ඒ දේට කැප වුණා. සෙට් එකේ හිටපු ප‍්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් වගේම බොහෝ අවවාද ලැබුණා. ඒ තුළ මගෙන් විය යුතු සාධාරණය වුණා කියල මම විශ්වාස කරනව.

අද නළුකම රැුකියාව කර ගැනීම රැුල්ලක් වෙලා. ආකාෂ් කියන්නෙත් ඒ රැුල්ලට හසුවුණ කෙනෙක් කිව්වොත්?

ඒක එහෙම නෙමෙයි කියල තමයි කියන්න වෙන්නෙ. මගේ ගම කුරුණෑගල. අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ චමු ශී‍්‍ර අයියගෙ මියුසික් වීඩියෝ එකකට පෙනී සිටින්න මට අවස්ථාව උදා වුණා. ආසාවට ඒ සඳහා සහභාගි වුණාට රංගන ක්‍ෂේත‍්‍රයට යොමු වෙන්න මම කවදාවත් හීන මැව්වෙ නෑ.

ඒත් ඔබට අවස්ථාව උදා වෙනවා?

ඔව්… නොහිතන විදියට අවස්ථා උදාවෙන වාසනා ගුණය මට තියෙනවා. ඒ අතරතුර ස්ටීවන් කියල මගේ හිතවත් අයිය කෙනෙක් චාමික සිරිමාන්නගෙ ‘හිත හදාගන්න බෑ’ කියන ගීතයේ විෂුවල් එකට මාව තෝරා ගත්තා. ඒ සිංදුව ඔය කියන කාලෙ තරුණ තරුණියන් අතරෙ අතිශයින් ජනපි‍්‍රයත්වයට පත් වුණා. ඒ ලැබුණ ප‍්‍රතිචාරත් එක්ක තමයි මම ඉබේම වගේ ක්‍ෂේත‍්‍රයට පය තියන්නෙ.

නළු සිහිනය සැබෑ කරගන්න ඔබ කුරුණෑගලින් කොළඹට එනවා?

නෑ. මම කොළඹට එන්නෙ මාධ්‍ය අංශයේ රැුකියාවක් නිසා. ඒ ජාතික රූපවාහිනියේ මාධ්‍ය රූප ශිල්පී තනතුර හිමිවීමත් සමඟ.

ඒ මාධ්‍ය අංශයේ රැුකියාව කලා ජීවිතේට රුකුලක් වුණා?

අනිවාර්යයෙන්ම. රූපවාහිනිය ඇතුළෙදි මට හමුවුණ විකුම් බස්නායක කියන ගෞරවනීය චරිතය රූපවාහිනිය ඇතුළෙදි මාව ප‍්‍රථම වතාවට කැමරාවක් ඉදිරියට ගෙනාවා. එවකට විකාශය වුණ ‘ජාතික පාසල’ කියන වැඩසටහනේ පූර්ව ප‍්‍රචාරක වටයට තමයි මම ඒ විදියට පෙනී සිටියෙ.

එතැනින් පස්සෙ?

ඒ වෙද්දි නම් රැුකියාව කරන අතරතුර කලාවේ යෙදෙන්න මගේ හිතේ ආසාවක් ඇති වෙලයි තිබුණෙ. ඒත් එක්කම චාමර සමරවික‍්‍රම අයියගෙ ෆේස්බුක් කියන ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙනවා. ඒ විදියට රැුකියාවේ වැඩ කටයුතුවලට හානියක් නොවෙන විදියට කාලය කළමනාකරණය කරගෙන ලැබෙන අවස්ථා මම බාර ගත්තා.

ඉදිරියේදී ආකාෂ් පූර්ණ කාලීන රංගන ශිල්පියෙක් වේවිද?

එහෙම වෙන්නෙ නැහැ. මම කලාවට වගේම රැුකියාවටත් ආදරෙයි. ඒ නිසා රැුකියා ස්ථානයෙන් අවසර ලබා ගෙන මම කලා කටයුතුවල නිරත වෙනවා.

සාර්ථකත්වය නිසා අලූත් නිර්මාණවලටත් දැන් ආරාධනා ඇති නේද?

මේ වෙද්දි තවත් අලූත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ කටයුතුවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා.

අද දවසෙ සනුකට ලැබෙන ප‍්‍රතිචාර ගැන කතා කළොත්?

මට හිතවත් හැමෝම මාත් එක්ක ඒ ගැන කතා කරන එක හිතට ලොකු ශක්තියක්. දැන් දැන් මඟ තොටේදී සනුක විදියට මාව හඳුන ගෙන බොහෝ අය කතාබහ කරනවා.

ආකාෂ්ගෙ රඟපෑම් සාර්ථකයි කියල අම්ම තාත්තා කියනවද?

මගෙ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි මමයි නංගියි. ඒ තුන්දෙනා තමයි දැනට මට ඉන්න හොඳම විවේචකයෝ. එයාලට තේරෙන තරමින් මගේ අඩුපාඩු පෙන්නල දෙනව.

එතකොට පෙම්වතිය?

එහෙම කෙනෙක් නෑනෙ

ක්‍ෂේත‍්‍රයේ කෙනෙක් ජීවිතේට සම්බන්ධ කර ගත්තොත් නරකද?

එකම ෆීල්ඞ් එකේ කෙනෙක් ඒ සඳහා කොහෙත්ම සුදුසු නෑ කියන එකයි මගේ මතය.

ධම්මික හේවාවසම්
(උපුටා ගැනීම – නවලිය පුවත්පත)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x