ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

රෑට නිලියෝ ඉන්නවද ගාන කීයද අහලා CALL එනවා

සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ගායකයෙකු සහ වාදකයෙකු ලෙස හදුන්වන්න පුලුවන් ආදරණිය චරිතයක් තමයි පේෂල මනෝජ් කියලා කියන්නේ. ඔහු ගුරුවරයෙක්. ඔහු සංගීත ක්ෂේත්‍රයේ කාලයක් පුරාවට රැදී සිටින කෙනෙක්. සංගීතය හදාරලා ඒ දැනුම දරුවන්ට බෙදා දෙමින් ජිවිතය් ගෙවන කෙනෙක් තමයි ඔහු. විශේෂයෙන්ම නිවේදකයෙක් ලෙසද ඔහු හදුන්වන්න පුළුවන්.. ඒ වගේම ඔහු ලිට්ල් ස්ටාර් වේදිකාවේ දරුවන්ගේ තරග වින්ශ්චය වරයෙකුද වනවා. පේෂල මනෝජ් කියන්නේ ආදරණිය පියෙක් වෙනවා.මේ වෙද්දී ඔහුට පුංචි පුතෙක් ඉන්නවා. ඒ පුර්නිකා හා විවහ වීමත් සමගම පුර්නිකාගේ කලින් පුතු සහ දැන් පුතුට ඔහු එක ලෙසින්ම ආදරයෙන් සලකනවා.

පේෂල නම් කියන්නේ තාත්තා කෙනෙක් වෙන එක වෙනම එකක් කියලා. එයාල දෙන්න,ම හොද මනුස්සයෝ වෙයි කියලා දැන් ඉදලම ඔහුට හිතෙනවා කියල තමයි ඔහු කියන්නේ. අබිමන්යුට දැන් මාස පහක් වෙනවා කියලත් ඒ දෙන්නත් ඔහුගේ බයිට් වලට කැමතියි කියලා තමයි පේෂල කියන්නේ. ඉතින් අලුත් අමුත්තා එක්ක ඔහු සුන්දර ජිවිතයක් ගත කරනවා කියලා තමයි ඔහු නම් කියන්නේ.

පේෂල කියන්නේ ගුරුවරයෙක්. ඉතින් වර්තමානයේ ගුරුවරුන් මුහුණ දී ඇති ගැටලුව සම්බන්ධව හරි tv වැඩසටහනකට සම්බන්ධ වූ අවස්ථාවේදී පේෂල කියා තිබුනේ මෙවැනි කතාවක්. ඇත්තෙන්ම ලකාවේ පාසල් ගුරුවරු කියන්නේ මහ පවු ජාතියක්. ඒ මිනිස්සු ලොකු කැපකිරීමක් කරනවා. රුපියල් 38000ක් 40000ක් ඇත්තෙන්ම මදි ඔවුන්ට. අම්මා තාත්තාගෙන් පස්සේ දරුවන්ගේ ජිවිතේ බොහෝ දේවල් කරන්නේ ගුරුවන්. ගුරුවරුන්ට ලැබෙන්නේ සොච්චම් විශ්‍රාම වැටුපක්. මේ ආණ්ඩුව ගේන්නත් කටයතු කරේ ගුරුවරු . මේ ප්‍රශ්නේ සාධාරණයි. මේකට විසදුමක් ඕන. ගුරුවරු එක්ක කතාකරලා මේ රටේ තත්වේ සෙට්ල් වුනාම මේක කරලා දෙන්නම් කියලා සාකච්චාවක් ඔවුන් සමග ජනපතිතුමා කරනවානම් ගුරුවරු මේක අනිවාරෙන් අහනවා. ඒත් එහෙම කරන්නේ නැහැ. ගුරුවරයෙක්ට පුළුවන් දරුවෙක් අහිංසක කෙනක් කරන්නත් අංගුලිමාල කෙනෙක් කරන්නත්. ගුරුවරුන්ගේ සේවය මිල කරන්න බැහැ.

අවුරුදු පහකට පාර්ලිමේන්තු යන මන්ත්‍රී වරයෙක්ට පැන්ෂන් එකක් ලැබෙනවා. වාහන් පර්මිට් ලැබෙනවා වරපරසාද ගොඩයි ඒත් කරපු දෙයක් නැහැ. ගුරුවරුන්ට ඇල්ටෝ එකක් ගන්නවත් පර්මිට් එකක් නැහැ. ඇත්තටම ගුරුවරුන්ගේ ඉල්ලීම් අසාධාරණ නැහැ කියල තමයි ඔහු කියන්නේ. මම චන්දෙ දුන්නේ සජිත්ට . මේ ආණ්ඩුව කරන්නේ මිනිස්සු අන්දන එක විතරයි කියලා ඔහු වැඩිදුරටත් කියා සිටියා. චැම්පියන් ස්ටාර් නිසා ගොඩක් අය මට ආදරේ කරනවා. සමහරු කියනවා මම එයාලගේ පවුලේ කෙනක් වගේ කියලා. එතරම්ම ආදරේ ලැබෙනවා. චැම්පියන් ස්ටාර් මම කරන්නේ ස්ක්‍රිප්ට් එක්ක නැතිව. මට ඕන විදියට මගේ විදියට තමයි ඒක මම කරන්නේ. මිනිස්සු ඒකට හරි ආදරෙයි.

සෝෂල් මිඩියා වලින් නිරන්තරයෙන්ම මඩ ගහන එක ගැන පේෂල නම් කියන්නේ වෙනස්ම කතාවක්. සෝෂල් මිඩියා මඩ ගහන එක සමාන්‍යයි. මම ගණන් ගන්නේ නැහැ. ඒකත් ආතල් එකක්. මේ දවස්වල මම කලාස් කරනවා. මගේ නම්බර් එක අරගෙන කවුරු හරි වෙබ් සයිට් එක්ක දාලා තියෙනවා. ඒ නිසා මේ දවස්වල මට රෑට කවුද ඉන්නේ, නිලියෝ ඉන්නවද ගාන කීයද අහල call එනවා. මම ඉතින් කියනවා. මේක වැරදීමක්. කවුරු හරි නම්බර් එක දාලා තියෙන්නේ කියලා . සමහර නිළියන්ගේ නම් කියලම අහනවා. ඇත්තටම අහිංසක නිලියෝ එහෙම කරන්නේ නැහැ. මම අහනවා ඔයා දන්නවද එහෙම අහන්නේ කියලත් ඉතින් කියලා ඔහු කියනවා. ඉතින් මේ දවස්වල ඔය වගේ දේවල් වලට් මුහුණ දෙන්න සිදුවෙනවා කියලා තමයි පේෂල කියන්නේ.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x