ඡායාරුප ගැලරියේවිශේෂාංග

කුණු ගොඩෙන් ජීවිතය දිනූ සුරූපිනිය

දෙමාපියන් කියන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගෙන් හොදම දවස එහෙමත් නැත්නම් තමන්ගේ හෙට දවස කැප කරන හරි අපූරු පුද්ගල කොට්ඨාසයක්. තමන්ට කුසට කන්න නැතත් තම දරුවන්ගේ බඩ කට පුරවන්න දිවා රෑ මහන්සි වෙලා වැඩ කටයුතු කරන දෙමව්පියන්ගේ මූලිකම අරමුණ තමයි තමන්ගෙ දරුවන් කවදහරි දවසක ලෝකය ජයගනී කියන බලාපොරොත්තුව.

ඉතින් අපි අද ඔබට කියන්නෙත් ඒ ආකාරයෙන් දුක් මහන්සි වී ජීවිතය ගැට ගහ ගනිමින් තමන්ගේ එකම දියණිය ලොව පුරා ප්‍රසිද්ධියට පත් කරපු මවකගේ හරි අපූරු කතාවක්. පසුගිය මාස කීපයකදී තායිලන්තයේ පැවති මිස් අන්සෙන්සර්ඩ් රූපසුන්දරිය තේරීමේ තරඟාවලියේ දී දාහත් හැවිරිදි කනිතා මින්ට් නැමැති තරුණිය අපුරු ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඉතින් මේ ඇගේ අපූරු ජයග්‍රහනය පිටිපස්සේ ඉන්නේ කැලිකසල අවුස්සමින් ජීවිතය ගැටගසා ගත් දිරිය මවක්.

කුඩා කාලය කාලයේ පටන්ම මේ දියණියට තමන්ගෙ පිය සෙනෙහස අහිමි වන අතර පියා අහිමි වූ මේ දරුවා උස් මහත් කරන්න දිවා රෑ නොබලා වෙහෙස වුණේ ඇගේ මවයි. ඇගේ වෘත්තීය උනේ අපවිත්‍ර වූ කැළි කසළ එකතු කරමින් ඒවා නිසි ලෙස බැහැර කිරීමයි.

දරිද්‍රතාවය ජීවිතයේ ප්‍රධානම ගැටලුව වු නිසාම පුංචි කනීත ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට ඇගේ මවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇගේ දරිද්‍රතාවය කොතෙක්ද කිවහොත් ඇය තුන්වෙනි ශ්‍රේණියෙන් ඉහල ඉහළට ඉගෙන ගෙන නැහැ.

තමන්ගේ පියා ඔවුන් හැර ගොස් තිබීම නිසා පවුල දරිද්‍රතාවයෙන් බේරා ගැනීමට ඇය පාසල් ගමන නවතා තමන්ගේ මවට උදවු වෙනවා. ඉතින් මේ අතරතුර කාලයේදී පුවත් පතක සඳහන් වෙනවා මේ රූප සුන්දරිය තේරීමේ තරගයට පුද්ගලයන් ට ඇතුලත් වෙන්න පුළුවන් කියලා.

ඉතින් මේ පිළිබඳව දැනගන්නා ඇගේ යහළු මිතුරු මිතුරියන් ඇයට ඇවටිලි කරනවා මේ තරගයට සහභාගි වෙන්න කියලා. ඉතින් සියලුම දෙනාගේ කැමැත්ත සහ ඇවටිල්ල නිසාම තීරණය කරනවා ඇය මේ තරගයට සහභාගි වෙන්න. ඒ සඳහා අය මුදල් ලබාගත්තේ ඇගේ අම්මා කුණු එකතු කරල ලබා ගත්තු සොච්චම් වැටුපෙන්.

මේ අපූරු තරඟයට ඇය ඉදිරිපත් වෙන්නේ නිකමට වගේ. ජයග්‍රහණය පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් ඇය තුල තිබ්බෙ නැහැ. ඉතින් නොයෙකුත් බාධක මැද මේ තරගයට ඉදිරිපත් වන ඇය නොසිතූ ජනග්‍රහනයක් ලබා ගන්නවා. තායිලන්තයේ බැංකොක් නුවර පැවැති මේ තරගයේ දී සිය ගණනක තරුණයන් අභිබවා නොසිතූ ලෙස කිරුළු පළදින්න ඇයට හැකියාව ලැබෙනවා.

ඇය නොසිතූ අවස්තාවක ලැබූ මේ ජයග්‍රහණය නිසාම හිතාගන්නවත් බැරි තරම් සතුටෙන් ඇය පසු වුණා. ඉතින් ඇය මුලින්ම කළේ මොකක්ද දන්නවද තමන්ට මේ ජයග්‍රහණය ලබා ගන්න උදව් උපකාර කරපු තමන්ගේ ආදරණීය මවගේ දෙපතුල් දෙක වැඳ ආශීර්වාද ලබා ගැනීම තමයි ඇය මුලින්ම සිද්ධ කළේ.

ඉතින් ඇය තමන්ගේ මවට ගෞරව දක්වන ඡායාරූප සියල්ලම මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ ඇගේ නිහතමානීකම ලොවටම පෙන්වන්න. මේ වන විට ඇයට විවිධ වෙළඳ දැන්වීම් හා රූපවාහිනි ආයතන ගණනාවකින්ම විවිධ වැඩ කටයුතු සඳහා සහභාගි වෙන්න ආරාධනා ලැබුණා.

ඒ විතරක් නෙවෙයි ඇයට දැන් දැන් රගපාන්නත් රංගන ක්ෂේත්‍රයට පැමිණෙන්නත් විවිධාකාරයේ ආරාධනා ලැබෙනවා කියලා සඳහන්. මේ තරඟය සංවිධානය කරපු සංවිධායකවරුන් ඊළඟට ක්‍රියා කරන්නේ ඇයට අහිමි වූ අධ්‍යාපනය ඇයට ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නයි.

 

තමන්ගේ තත්ත්වය කුමක් වුවත් ජීවිතය ජයගන්න තමන්ගේ තත්ත්වය බලපාන් නැහැ කියන දේ මේ අපූරු කාන්තාව එක දවසකදි ලෝකයටම පෙන්නුවා. ඉතින් ඒ ඇගේ අපූරු කතාව අපි සියලුම දෙනාට ජීවිතය ජයගන්න මහගු ආදර්ශයක් වෙනවා නොඅනුමානයි.

M.ශෂිකලා මදුෂානි
B.A in Communication Studies
(srilankabrand.info වෙබ් අඩවියෙනි)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x