දේශපාලන පුවත්ප්‍රධාන පුවත්

කුරුණෑගල රෝහලට රෝහිතගෙන් කෝටියක ආධාර

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන ‌රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල රෝහලට රුපියල් කෝටියක වෛද්‍ය උපකරණ ලබා දීමට පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ මහතා තබා ඇති ෆේස්බුක් සටහන මෙසේය.

ලෝක වසංගත තත්ත්වයක් වන කෝවිඩ් 19 ආසාදිතව පීඩා විඳින රෝගීන් සුවපත් කිරීම සඳහා කුරුණෑගල රෝහලේ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බව සැලවීමත් සමඟ කුරුණෑගල රෝහලේ රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දන කැන්දගමුව මහතාගෙන් ඒ පිළිබඳ විමසා බැලුවෙමි.

අනතුරුව රෝහල් අධ්‍යක්ෂතුමාගේ ඉල්ලීම පරිදි මිලියන 10ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් පොල්පිතිගම කුමාරරත්න මහතාගේ සහයෝගය සහිතව එම රෝහලට ලබා දීමට හැකිවීම මා ලද මහත් භාග්‍යයක් කොට සලකමි. ඒ සඳහා නොමසුරුව සහයෝගය ලබා දුන් කුමාරරත්න මහතාට ද මා දැනුම්වත් කළ සියලු ම දෙනාට ද රෝහල් පරිපාලනයට ද මාගේ හෘදයාංගම ගෞරවය පිරිනමමි.

මෙම අවස්ථාවට එකතු වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක, වෛද්‍ය ඉන්දික රත්නායක මහතාට ද, වෛද්‍ය අමිල සිරිවර්ධන මහතාට ද, කොවිඩ් වසංගතය හමුවේ රෝගීන් සුවපත් කිරීමට පැය 24 පුරා කැපවෙන සුව විරුවන්ට ද සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයට ද හෘදයාංගම ගෞරවය හා ස්තුතිය පුද කරමි.
අපි එකමුතුව මේ වසංගතය පරාජය කරමු. තෙරුවන් සරණයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x