දේශීය පුවත්ප්‍රධාන පුවත්

ආසාදිතයින් අඩු වුණාට අවදානම පහව ගිහින් නෑ

රට විවෘත කිරීමේදී පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම පිළිබඳ වන සැලසුම් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, පොදු ප්‍රවාහන සේවා නිසි ක්‍රමවේදයකට අනුව පවත්වාගෙන යාමට අපොහොසත් වුවහොත් නැවත වරක් කොවිඩ් ව්‍යාප්තිය වර්ධනයවීම වැළැක්විය නොහැකි බවයි.

“මුලදී පළමුවන රැල්ලක් කියලා දෙයක් තිබුණේ, නැහැ. ඉතා සුළු රෝගීන් සංඛ්‍යාවක් තමයි සිටියේ. නමුත් දෙවන වතාවට ඔක්තෝබර් මාසයේදී රෝගීන් වැඩිවන අවස්ථාවේ ඉඳලා අප්‍රේල් මාසය දක්වා ම හමුවූ රෝගීන් සංඛ්‍යාව කිසිවිටෙක දහස ඉක්මවා ගියේ නැහැ.

දැනටත් රෝගීන් සංඛ්‍යාව දාහට අඩුවෙලත් නෑ. ඒ නිසා අපට සියයට සියයක් තව ම සෑහීමකට පත්වෙන්න පුළුවන් වාතාවරණයක් නොවෙයි තියෙන්නේ. මේ තත්ත්වය තවමත් බැරෑරුම් කියන එක හිතේ තබාගෙන රට වහලා තිබ්බත් එදිනෙදා කටයුතු කරන කොට සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කිරීමට පියවර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.”

දෛනික ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කළ ද අවදානම පහවගොස් නොමැති බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

උපතිස්ස පෙරේරා
(මව්බිම)

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x