ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මම ලබන ආදායම සම්පූර්ණයෙන් වෙන් කළේ සමාජ සත්කාර වෙනුවෙන්

පොඩි පත්තරකාරි ලෙස රංගන ක්‍ෂේත‍්‍රයට පය තැබූ මිෂෙල් දිල්හාරා රංගන ක්‍ෂේත‍්‍රයට මෙන්ම සමාජ සත්කාර සේවාවට ද දක්වන උපන් හපන්කම් නිසා සම්මාන ගෞරව පදවි තානාන්තරවලින් පිදුම් ලබා සිටින අතරතුර නවලිය සමඟ මෙසේ කතාබහට එකතු වුණා…

‘කැන් යූ හියර් මී’ ටෙලිනාට්‍යය නිසා මිෂෙල් ලොකු කතාබහකට ලක්වෙලා නේද? 

ඇත්තටම හිතුවට වඩා ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එක වෙලාවකට මටම පුදුම හිතෙනවා මේ ඩ‍්‍රාමා එක ගැන. මොකද ලෝකෙ මොන නිර්මාණය ගත්තත් එහි ජනපි‍්‍රය චරිතනෙ ඉලිප්පිලා පේන්නෙ. ඒත් මේ තුළ තියෙන්නෙ සමාජයේ වැඩි කතාබහට ලක් නොවන ෆේල් චරිත. ඒත් යූ ටියුබ් හරහා මෙය වෙනත් රටවල අයත් නරඹනවා.

මිෂෙල්ට මහිමි වෙන එක අ-මා-රු වුණේ නැද්ද? 

ලැබෙන හැම චරිතයක්ම මට අභියෝගයක් තමයි. ඒත් රංගන ශිල්පිනියක් විදියට මම ඒව ජය ගන්නවා කියන තැන තමයි ඉන්නෙ. සුනිල් කොස්තා සර් මේ නාට්‍යයට මාව තෝරා ගෙන මට දීපු චැලෙන්ජ් එකක් තිබුණා. ඒ තමයි ඔහුගෙ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ මගේ චරිතය වූ අයෝමා මේ නාට්‍යයේ මහිමි හා සමාන නොවිය යුතුයි කියන එක. මම හිතන්නෙ මම ඒ චැලෙන්ජ් එක භාර අරගෙන මගේ උපරිමය තුළ ජය ගත්තා.

එතකොට දිනිතිටයි ආර්නාටයි මොකද වෙන්නෙ? 

ස්වර්ණාවාහිනිය ඔස්සේ විකාශය වන සිහින සමාගම ටෙලිනාට්‍යයේ දිනිතිටත් බොහෝ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හිමිවෙමින් පවතිනවා. ආර්නා කියන මගේ කැරැුක්ටර් එක ප්ලේ වෙන්නෙ Kiss season2 නාට්‍යයේ. ඒක තිරයක විකාශය වන නිර්මාණයක් නෙමෙයි. ඔස්ටේ‍්‍රලියාවේ සීෆ්ලික්ස් ෆ්ලැට්ෆෝර්ට් එකක පවතින ජාත්‍යන්තර පේ‍්‍රක්ෂකාගාරයක ලොකු ඕඩියන්ස් එකක් මේ නිර්මාණයක් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසා ආර්නාටත් වැඩි පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් හිමි වෙනවා.

ක්‍ෂේත‍්‍රයට ඇවිත් ගතවුණ සුළු කාලය තුළ විශාල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් රසික ආදරයක් ලබන්න තරම් ඔබ වාසනාවන්ත වෙනවා. 

ඇත්තටම මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් මේ ගත වෙන්නෙ හතරවෙනි අවුරුද්ද. එදා ‘සල් සපුනා’ ටෙලිනාට්‍යයේ පොඩි පත්තරකාරි කියන චරිතයට බොහෝ දෙනෙක් ආදරය කළා. ඊළඟට සුදු ඇඳ ගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමාගෙචරිතයත් හැම කෙනෙකුගෙම කතාබහට ල-ක් වුණා. ඒ රසික ආදරය මේ දක්වාම නොඅඩුව ලැබීමේ වාසනා ගුණය පෙර පින් නිසා ලැබුණ දෙයක් කියලයි මම හිතන්නෙ.

01

 

02

ඔය අතරෙ ඔබ සම්මානයටත් පාත‍්‍ර වුණා… 

ඔව්. ඒ සම්මානය තමයි මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය. සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ අයෝමා ලෙස මගේ රංගනය වෙනුවෙන් පසුගිය වසරේ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී නැඟී එන ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය තමයි මට ඒ විදියට හිමි වුණේ.

මේ ගෙවන කාර්යබහුල දිවිය අතරතුර මිෂෙල් සමාජ සේවයට දැඩි ලෙස බැඳුන චරිතයක් නේද? 

ඇත්තටම ඒ කටයුතු හරහා මම ලබන්නෙ විශාල ආත්ම තෘප්තියක්. අවුරුදු 15 විතර ඉඳලා තමයි මම විවිධ සමාජ සේවා කටයුතුවලට මුලපිරුවෙ කිසිම සංවිධානයක උපකාර නැතුව මගේ තනි උත්සාහයෙන්.

ඒ දේවල් ගැනත් කතාබහ කරමු නේද? 

එවැනි සමාජ සත්කාර බොහොමයක් මම සිදුකර ගෙන යනවා. ඒ අතර ප‍්‍රධානම දේ තමයි දිවුලපිටියෙ වැඩිහිටි ප‍්‍රජා මධ්‍යස්ථානය සහ පාසල් ළමුන් දාහකට නොමිලේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලබාදීම.

ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ඔබට ලැබෙන්නේ? 

මම උපයන දෙයින්ම තමයි මගේ සියලූ කටයුතු සිදු කරන්නෙ. පසුගිය වසරේ මම පොතක් ලිව්වා අ-දෘෂ්‍-යමා-නතාව මි-ත්‍යා-වක් නොව එය සත්‍යයකි කියලා. එය සම්මානයට පවා පාත‍්‍ර වුණා. විශාල ඉල්ලූමක් තියෙන පොතක් හැටියට එයින් මම ලබන ආදායම සම්පූර්ණයෙන් වෙන් කළේ සමාජ සත්කාර වෙනුවෙන්.

03

 

04

මෙවැනි සමාජ සේවා කටයුතුවලින් ඔබ්බට වැඩිදෙනාගේ ඉලක්කය දේශපාලනයට අවතීරණය වීම. ඒ ගැන ඔබේ අදහස? 

මිනිස්සු විවිධාකාරයිනෙ. ඒ තුළ ඒ ඒ අයගෙ සිතුම් පැතුම් අදහස් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙන් වෙනවා. බොහොම පැහැදිලිව කියන්න පුළුවන් මේ කරන කිසිම දෙයක් හරහා විවිධ ප‍්‍රතිලාභ ලබන්න මගේ කිසිම බලාපොරොත්තුත් නැහැ.

ඔබේ ඒ සත්කාර සේවය අගයා විශේෂ ධුරයක් ඔබට ලබා දුන්නා නේද? 

ඔව්. ෑ්රඑය ෘ්හ භැඑඅදරන කියන දැනට ලෝකයේ තියෙන ලොකුම පාරිසරික සංවිධානය මගින්් මට ලෝක මිහිකත ජාලයේ තානාපති ධුරයක් ලබාදුන්නා. ඉතින් බොහොම සතුටින් මම ලංකාව වෙනුවෙන් මගේ තනතුරට අදාළ වැඩ කොටස කරන්න හිතාගෙන ඉන්නවා.

මිෂෙල්ගෙ අනාගත බලාපොරොත්තු මොන වගේද කියලා දැන ගන්නත් රසිකයෝ කැමැති ඇති… 

රංගන ශිල්පිනියක් විදියට ඒ කටයුතුවලත් සමාජ සේවා කටයුතු වලත් නිරත වෙමින් මගේ මේ පුංචි රටට සේවය කිරීම තමයි ඒ.

ධම්මික හේවාවසම් – නවලිය පුවත්පත ඇසුරිනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x