ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

රින්සියා මොහොමඞ් කියන හිතවතිය නොමිලේ මට වකුගඩුවක් දෙන්න ඉදිරිපත් වුණා

රංගන ශිල්පිනියක් වෙන බලාපොරොත්තුව හිතේ කොනකවත් නොතිබුණ ඇය මිතුරියකගේ කීමට රූ රැුජන තරගයකට සහභාගි වෙලා ලබපු ජයග‍්‍රණයත් සම`ග ‘‘පාරදිගේ’’ චිත‍්‍රපටය හරහා සිනමාවට පයතියන්න අවස්ථාව උදාවෙනවා.එලෙස කලා ක්‍ෂේත‍්‍රයට අවතීරණය වූ ඇය පසු කලක සිනමාව, වේදිකාව, පුංචි තිරය හරහා දිගු ගමනක් යනවා. ඇන්ජලා සෙනවිරත්න නම් වූ ඇයව අපි සෙනෙහසක නවාතැනට කැඳෙව්වා.

උපන් ගම බණ්ඩාරවෙලින් පටන් ගත්තු ඔබේ දිවියේ සුන්දර මතක සටහන් ආවර්ජනය කරමින් අපේ කථාව අරඹමුද ?… 

ඇත්තටම කියනවනම් මම ඉපදිලා තියෙන්නෙ කොළඹ.මගේ තාත්තගේ ගම හම්බන්තොට අම්ම යාපනේ. ඔවුන් එවකට රැුකියාව කළේ බණ්ඩාරවෙල නිසා මගේ ජීවිතේ අවුරුදු හතක් ගත වෙනකම් එ් සුන්දර ළමා කාලෙ බණ්ඩාරවෙල තමයි ගත වුණේ.අද මතක් කලත් මට කියන්න තියෙන්නෙ මගේ ජීවිතේ හොඳම කාලෙ ගත වුණේ බණ්ඩාරවෙල කියලයි.

එ් කියන්නෙ මූලික අධ්‍යාපනයට යොමු වෙන්නෙත් බණ්ඩාරවෙලදි… 

ඔව්.බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලට තමයි මුලින්ම මාව ඇතුළත් කළේ. එ්ක පිරිමි පාසලක්.එ්ත් එහි ගැහැනු ළමයි කිහිප දෙනෙක් හිටියා.මමත් එ් අතරෙ ඉගෙන ගන්න ලැබුණු කෙනෙක්.

එ්ත් ඔබ අධ්‍යාපන කටයුතු හමාර කළේ කොළඹ බිෂොප් විදුහලෙන්… 

අම්ම තාත්තගෙ රැුකියා කටයුතු නිසා අපි බණ්ඩාරවෙලින් මාතරට යනවා.දෙවැනියට මම අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත මරියා විදුහලෙන්.අට වසරෙදි තමයි මම කොළඹ බිෂොප් විද්‍යාලයට ඇතුළත් වෙන්නෙ.සාමාන්‍ය පෙළ දක්වා එහි ඉගෙනුම ලැබුවා.

සාමාන්‍ය පෙළින් පස්සෙ… 

එ් කාලෙ තමයි 71 ජේ.වී. පී කැ-රැු-ල්ලෙ බ-ල-පෑ-ම් ඇති වුණේ.එතකොට අම්මල තලවකැලේ හිටියෙ. මට පවුලේ එකම දරුවා නිසා මාව වෙනත් තැන්වල නවත්වල උගන්වන්න එ් අය කැමති වුණේ නෑ.වැඩි පරිස්සමටද කොහෙද මට කිව්වා ඔය ඇති ඉගෙන ගත්තා අවුරුදු 16 දී ඔයා කසාද බඳින්න ඕන කියලා.

එ් කියන්නෙ ඔබේ විවාහය සිදු වෙන්නෙ වයස දාසයේදී…. 

එහෙම කිව්වට වයස දාසයේදී මගේ විවාහය සිදු වුණේ නෑ.අම්ම තාත්ත වගේම පල්ලියෙන් මනමාලයො හෙව්වට මගේ හිතට හරියන කෙනෙක් හමුවුණේ නෑ.

එතනින් පස්සෙ… 

වයස අවුරුදු 17 – 18 විතර වෙද්දී මට මිස් ශ‍්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඞ් තරගාවලියට සහභාගි වෙලා ඉන් ජයග‍්‍රහණය ලබනවා.

තලවකැලේ වැනි දුර බැහැර ප‍්‍රදේශයක සිටි ඔබ කොහොමද එ් සඳහා අවස්ථාව ලබාගත්තෙ… 

තරගයේ විස්තර වගේම කොන්දේසි සන්ඬේ ඔබ්සවර් පත්තරේ දැන්වීමක් පළවෙලා තිබිලා කොළඹ හිටපු මගේ හොඳම යෙහෙළියක් තමයි මට එ් යෝජනාව ගෙනාවේ.ඇය මට ෆෝම් සෙට් එක තැපෑලෙන් එව්වා’ මම එ්ක පුරවල දැම්මා.

අම්ම තාත්තගෙ කැමැත්ත ලැබුණද… 

අපෝ නෑ. තරයේ ප‍්‍ර-තික්‍-ෂේප කළා. ඒත් මම එවැනි එක්ස්පීරියන්ස් එකක් තිබීමේ වාසිය කියලා අම්මව පොඞ්ඩක් කැමති කරගෙන ඇයත් සම`ග කොළඹ ආවා.එදා තාත්තා අපි දෙන්නටම බැ-න්නා.

01

 

02

එම තරගයේම බි‍්‍රතාන්‍යයේ පැවැත්වෙන රූ රැුජන තරග අවස්ථාව නියෝජනය කිරීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. 

ඇත්තටම එ්ක මට දැනුනේ හාස්කමක් විදියට. මට එවැනි ආරාධනයක් ලැබිලා තවත් සති තුනකින් පිටරටකට යන්න වෙනව කියන එක වැටහෙන්න දවස තුනක් විතර ගතවුණා.එ් තරම් ශොක් මොකද ගෙයින් එළියට යවන්නෙ නැති කෙල්ලෙක් රටෙන් එළියට යවයිද කියලා මම හිතුවා. එ්ත් තාත්තගෙ නංගි ලන්ඩන්වල හිටපු නිසා තාත්ත බ-ය නැතුව මාව එහාට යැව්වා.

නැවත ලංකාවට එන ඔබට රංගනයට අවස්ථාව උදා වෙනවා… 

මෙහෙමයි මම ලංකාවට ඇවිත් මොඩලින් කරා.එතනදී මාත් එක්ක එකටම වැඩ කරපු ඉන්දිරා ජොන්ක්ලට් කියන රංගන ශිල්පිණිය පාර දිගේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ර`ගපෑවා.රූගත කරන අවස්ථාවක් බලන්න ගිය වෙලාවක එහි අධ්‍යක්‍ෂකවරයා මාව දැකලා බ්‍රෙන්ඩාගේ චරිතයට මාව තෝරගත්තා.එතනින් තමයි මම සිනමාවට පය තිබ්බෙ.

ඔබ රංගනයෙන් දායක වූ කොටිවලිගය සිනමාපටය ඔබේ දිවියේ හැරවුම් ලක්‍ෂ්‍යය වනවා… 

ඇත්තටම පාරදිගේ චිත‍්‍රපටයට සම්බන්ධ වුණාට මට කලා ක්‍ෂේත‍්‍රය ගැන ලොකු හැගීමක් ඇති වෙලා තිබුණේ නෑ.අනික මේ නිළියක් වෙනවා කියන අදහස කවදාවත් මගේ හිතේ තිබුණෙ නෑ.එ්ත් සිනමාවේ දැවැන්තයකු වූ ගාමිණී ෆොන්සේකා මහත්මයා දැන හඳුනගෙන ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ වීම එතනින් එහාට ඔහු හා ජීවත් වෙන්නට මම ගත්තු තීරණය ඇත්තටම මගේ ජීවිතයේ ප‍්‍රබල හැරවුම් ලක්‍ෂ්‍යයක් කියලා කියන්න පුළුවන්.

නිළියක් වීමට සිහින නොදැක්කත් ඔබට අග‍්‍රගණ්‍ය සිනමාපට 35 කට වඩා වැඩි ප‍්‍රමාණයක චරිත හිමිවුණා… 

ඇත්තටම එ්වා වාසනාවට මට ලැබුණ අවස්ථා කියලයි මම හිතන්නේ. චරිතයක් ලැබුණම එ්ක මට ගැලපෙනවා නම් භාරගෙන මගේ උපරිමය කරා මිසක චරිතය ලොකුද පොඩිද කියන දේවල් මම කවදාවත් තෝරල නෑ.

පුංචි තිරයේ මෙන්ම වේදිකාවේ ඔබේ දස්කම් බොහෝ කතා බහට ලක්වුණා’ එ් අතර ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය විශේෂයි… 

මගේ මතකයේ හැටියට 1990 තිලක් කුමාර රත්නායක ගේ ගිම්හානේ ගීතය ටෙලිනාට්‍යය තමයි මගේ පළමු ටෙලි නාට්‍යය.වේදිකාව මට පුංචි කාලෙ ඉඳලම හුරු පුරුදු තැනක්, චෙරියෝ සාජන්ට් නාට්‍යයේ දර්ශන වාර 100 කට වඩා මම සම්බන්ධ වුණා. ඉංග‍්‍රීසි වේදිකා නාට්‍යවලට වැඩියෙන්ම රංගන දායකත්වය ලබාදීලා ඇත්තේ මම වෙන්න ඕන.ප‍්‍රමාණයෙන්් ගත්තොත් 35 කට වැඩියි.

මේ දේවල් අතරේ ඔබ පුවත්පත් කලාවටත් සම්බන්ධ වෙනවා… 

එ්කට හේතුව තමයි මම සාහිත්‍යයට වගේම ලියන්න කැමති කෙනෙක් වීම. අපේ රටේ පළමු වැනි ඉංග‍්‍රීසි ස`ගරාව වූ ලංකා වුමන් ස`ගරාවෙ කතෘවරිය වුණේ මම.2001 අවුරුද්දෙ ඬේලි මිරර් පත‍්‍රයේ මගේම කියලා කොලම් එකක් ලියන්න මට අවස්ථාව ලැබුණා.අද දක්වා මම එ් කාර්යයේ නිරත වෙන්නෙ විශාල තෘප්තියකින්.

කලක් ගතවෙද්දී ඔබ ලබපු අධ්‍යාපන මට්ටම මදියි කියල ඔබම තීරණය කරනවා… 

ඔව්.ධරැුඛ වලින් මගේ අධ්‍යාපනය අම්ම තාත්ත නැවැත්තුවනෙ.ලන්ඩන්වල පැජන්ට් එකට ගිහින් ආවට පස්සෙ මට ලංකා ඔබරෝයි හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස රැුකියාවක් ලැබුණා. එතනින් ටේ‍්‍රනින් එකකට ඉන්දියාවට යන්න ලැබුණා. එ් අය සම`ග ගැවසෙද්දී ඔවුන් හැමෝම උසස් අධ්‍යාපනය ලබපු අය බව මට වැටහුණා.

මමත් හිතුවා තව තවත් ඉගෙන ගෙන ඉහළට යා යුතුයි කියලා. එ් අධිෂ්ඨානය ජයගෙන පියවරෙන් පියවර ඉහළට යමින් විවිධ රැුකියාවල නිරත වෙමින් 2001 වසරේ සෞදි තානාපති කාර්යාලයේ රැුකියාව හිමිවෙලා වසර 12 ක් එහි සේවයේ නිරත වුණා.

ඔය කාලවකවානුවේ ම-ත් ද්‍ර-ව්‍ය හා සම්බන්ධ ප-ට-ලැ-විල්ල-කට ඇන්ජලා සෙනවිරත්න නාමයත් ඈඳුනා… 

වසර දොළහක් සෞදි තානාපති කාර්යාලයේ මම කරපු රැුකියාවෙන් ඉවත් වෙන්න සිද්ධ වෙන්නෙත් එ් හේතුව නිසාම තමයි.කවුදෝ කෙනෙක් මම අවුරුදු 10 කට කලින් හිටපු ගෙදර ලිපිනයට මගේ නම පාවිච්චි කරලා ඉන්දියාවෙන් හ-ෂී-ස් කියන ම-ත්ද්‍-රව්‍ය පාර්සලයක් ගෙන්න ගෙන.එ් ගැන මම කිසිදෙයක් දන්නෙ නැති වුණාට එ්ක සෞදි තානාපති කාර්යාලයට අවනම්බුවක් කියලා මට ඉල්ලා අස්වෙන්න කිව්වා.

නො-ක-ළ වරදකට හසුවීම ගැන මොකද හිතුනෙ… 

මම නිර්දෝෂී නිසා එ්ක මට ලොකු ගැ-ටලූ-වක් වුණේ නැහැ.එ්ත් පත්තර කලාවේ නිරතව සිටි මගේම සහෝදර මාධ්‍ය කරුවෝ මට නො-සෑ-හෙ-න්න ප-හ-ර ගැ-සු-වා.එ්කයි මට ද-රා ගන්න බැරි වුණේ.

03

 

04

ඔබ දියණියන් තිදෙනෙකුගේ මවක් ඔබ ගැන වගේම ඔවුන් ගැන දැන ගන්නත් ඔබේ ආදරණීය රසික රසිකාවියක් කැමති වේවි… 

දුවල තුන්දෙනාවම උසස් පෙළ කරාට පස්සෙ උසස් අධ්‍යාපන කටයුතුවලට පිටරට යැව්වා.මොකද මට හැම වෙලාවෙම හිතුන දෙයක් තමයි මේ රටේ හිටියොත් එයාලගෙ අනාගතේ ජයගන්න බැරිවෙයි කියලා. ලොකු දුව ජෝර්දානයට ගිහින් ගුවන් සේවිකාවක් වෙන්න තීරණය කළා.ඇය අද එරට ජාතිකයෙක් සම`ග විවාහකයි.

දෙවෙනි, තුන්වෙනි දුවල ඔස්ටේ‍්‍රලියාවේ විශ්වවිද්‍යාලයට ගිහින් උසස් අධ්‍යාපන කටයුතු හමාර කළා.අද එ් දෙදෙනාත් විවාහ වෙලා ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි වෙලා ඉන්නවා.මේ වෙද්දී මම මුණුබුරු මිණිබිරියන් හතර දෙනෙකුගේ ආච්චි අම්මා කෙනෙක්.මාරුවෙන් මාරුවට ජෝර්දානයේ වගේම ඕස්ටේ‍්‍රලියාවේ දියණියන් එක්ක ජීවත් වෙනවා. එ් අතරේ විවේකය අනුව මගේ මවුරටට ඇවිත් යන්නත් මම අමතක කරන්නෙ නෑ.

නොයෙක් හැ-ලහැ-ප්පී-ම්වලට මුහුණ දෙමින් ජීවිතය ජයගත් ඔබ ඉටුවිය යුතු වගකීම් ඉටු කර නිදහස් සැඳෑසමයකට සැරසෙද්දී නොසිතූ ලෙස රෝගී වෙනවා… 

එ්ක තමයි දෛවය කියන්නෙ. අපි නොහිතන දේවල්නෙ බොහෝ වෙලාවට අපිට සිද්ධ වෙන්නෙ. 2019 අවුරුද්දෙ නත්තලට ලංකාවට ආවේ. 2020 මාර්තු නැවත ජෝර්දානය බලා යන අදහසින්. සියල්ල සූදානම්ව සිටියදී කො-විඞ් ව-සං-ගතය රටට පැමිණියා.මගේ ගමන නතර වුණා’ සමහර විට එ්ක මගේ වාසනාවට වුණා කියලත් මම දැන් හිතනවා. මොකද 2020 මැයි 03 වැනිදා මම අසනීප වුණා. ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ප‍්‍රතිකාර ලබද්දී දැන ගත්තා මගේ වකුගඩු වැඩ කරන්නෙ 15% යි කියලා.

මරණ වරෙන්තුව අතේ තියාගෙන මම වෛද්‍ය නසර් මහතාගේ උපදෙස්වලට අනුව වකුගඩු බද්ධයකට සුදානම් වුණා. මගේ ලොකු දුව එ් පරිත්‍යාගයට සූදානම් වුණත් කොරෝනා තත්ත්වය සම`ග ඇයට එන්නට බැ-රි වුණා. එ් අතරතුර මුදලට වකුගඩු පරිත්‍යාග කරන්න තවත් 6 දෙනෙක් ඉදිරිපත් වුණත් එ්වා මට ගැලපුණේ නැ-හැ.පෙර හිතවත්කමක් තිබුණ රින්සියා මොහොමඞ් කියන එ් හිතවතිය නොමිලේ මට වකුගඩුවක් දෙන්න ඉදිරිපත් වුණා.

එය හැම අතින්ම ගැලපිලා දෙවියන් වහන්සේගේ ආශිර්වාද මැද මම සුවපත් වුණා.එහෙම වෙන්න ක්‍ෂේත‍්‍රයේ කිහිපදෙනෙක් මම ගැන විස්තර මුද්‍රිත වගේම විද්‍යුත් මාධ්‍යවල තොරතුරු පළ කළා. හිතවතුන් වගේම මුල්‍යමය වශයෙන් මට ආධාර කරල බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. එ් හැමෝටම පිං සිද්ධ වෙන්න අද මට නිරෝගී සුවයෙන් ජීවත් වෙනවා.මගේ දිවි තිබෙන තුරා එ් උදව් උපකාර මට අමතක වෙන්නෙ නෑ.

මම එදා ඉඳල අද දක්වා කාටවත් න-ර-ක-ක් න-පු-ර-ක් කරපු කෙනෙක් නෙවෙයි. අන්න එ් නිසා තමයි මගේ මේ තරම් ද-රු-ණු රෝගී තත්ත්වය මේ තරම් ඉක්මනින් බොහොම හොඳින් සුවපත් කරගන්න හැකි වුණේ.ඉතින් ඔබ සැමටත් කියන්නෙ හොඳ දේවල් කරන්න හොඳ ප‍්‍රතිඵල ලැබෙනවා. එ් නිසා අපි හැමෝම යහපත් විදියට ජීවත් වෙමු.

ධම්මික හේවාවසම් – නවලිය පුවත්පත ඇසුරෙනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x