ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පටවිශේෂාංග

අනාථ නිවාසයේ සිට ජයග්‍රහණය දක්වා ගිය නිලූ

වාසනාව උපතින් හිමිවන්නෝද සිටිති. ඒ අතර උපතින් නොලැබුණු වාසනාව උත්සාහයෙන් තමන් වෙත ළඟා කරගන්නෝද සිටිති. වසර 16ක් සිංගප්පූරුවේ ගෘහ සේවිකාවක් වී සිට, අද තේ අපනයන ව්‍යවසායිකාවක් ලෙසින් ජීවිතය ජයගෙන ඇති නිලූ ජයවීර ද එවැන්නියකි. මේ ඇගේ කතාවයි.

නිලූගේ ගම මීගමුවයි. ඇයට අවුරුදු 16 වනවිට දෙමාපියෝ මෙලොව හැරයන්නේ තවත් බාල සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගේ බර ඇගේ ඉහමත තබමින්ය. එතැන් පටන් මීගමුවේ අනාථ නිවාසයක දිවි ගෙවූ ඇය යාන්තමින් අවුරුදු විස්ස සම්පූර්ණ වනවාත් සමඟම සිංගප්පූරුව බලා පිටත්ව යන්නේ ගෘහ සේවිකාවක් ලෙසින් සිය ජීවන වෘත්තිය ඇරඹීමටය. වසර 16ක්ම එරට ගෘහ සේවිකාවක් ලෙසින් සේවය කළ ඇය අද වනවිට ‘නිලූ ටී’ නම් තේ අපනයන ව්‍යාපාරයේ හිමිකාරිනියයි.

‘‘මට අවුරුදු දාහතර වෙනකොටම මගේ අම්මා බඩේ පි-ළි-කාව-කින් නැ-ති වුණා. එතැනින් පස්සේ මට අපේ ගෙදර අම්මා වෙලා නංගිලා මල්ලිලාව බලාගන්න සිද්ධ වුණා. ඉගෙනගන්න ආසාව තිබුණත් ඉස්කෝලෙ යන්න ලැබුණෙ නෑ. ඔහොම ඉන්නකොට අවුරුදු දෙකකට පස්සෙ කොච්චිකඩේ පල්ලිය පිටිපස්සෙ ගඟේ මාළු අල්ලද්දි තාත්තයි තුන්වෙනි මල්ලිත් ගඟේ ගි-ලි-ලා මැ-රු-ණා.

ඊටපස්සෙ අපිව භාරගන්න නෑදෑයො කිසිම කෙනෙක් ඉදිරිපත් වු‍ණ් නෑ. අන්තිමට අපි ගියපු පල්ලියෙ සිස්ටර් ඉදිරිපත් වෙලා අපිව අනාථ නිවාසෙකට දැම්මා. කාලයත් එක්ක මට අවුරුදු දහඅට පිරෙනකොට මම කටුනායක ඇඟළුම් කර්මාන්ත ශාලාවක අත් උදව්කාරිනියක් විදිහට රස්සාවක් හොයාගත්තා.’’

01

 

02

මුලදී ඇඟළුම් කර්මාන්ත ශාලාවේ අත් උදව්කාරිනියක් ලෙසින් සේවයට බැඳුණද වසර තුනක් වැනි කෙටි කාලයකදී මැෂින් ක්‍රියාකරවන්නියක් බවට පත්වීමට ඇයට හැකිවිය. ඒ දවාලක් නැතිව උපයන මුදල සහෝදර සහෝදරියන් හතරදෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් කටයුතුවලට වියදම් කළ පසු ඇයට රබර් සෙරෙප්පු දෙකක් ගැනීමටවත් මුදලක් ඉතිරි වුණේ නැත. නිලූ රට රැකියාවකට යාමට තීරණය කරන්නේ ඒ සියල්ලටම විසඳුමක් සොයාගැනීමට සිතූ නිසා විය යුතුය.

‘‘ඒ වෙද්දි ඩුබායිවල මගේ නැන්දා කෙනෙක් හිටියා. සිංගප්පූරුවලත් හිතවතෙක් හිටියා. ඒ අයගෙ උදව්වෙන් ඒ රටවල් දෙකෙන් මොකක්හරි එකක රස්සාවක් කරන්න යනවා කියලා මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒක නිසා මං ඒ රටවල් දෙකේම ගෘහ සේවිකා ඇබෑර්තුවලට ඉල්ලුම් කළා.’’

සිතූ පරිදිම සිංගප්පූරු ගෘහ සේවිකා ඇබෑර්තුවක් සඳහා නිලූව තෝරාගෙන තිබුණි.

‘‘මට හිතාගන්නත් බැරි වුණා සිංගප්පූරුවේ ගෘහ සේවිකා අබෑර්තුවකට තෝරගත්තා කිව්වම. මොකද මට ඒ වගේ රටක ගිහින් ජීවත් වෙන්න ඉංග්‍රීසි දැනුමක් තියා සාමාන්‍ය දැනුමක්වත් තිබුණෙ නැහැ.’’

නමුත් දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන ඇය සිංගප්පූරුව බලා ගියාය. ඒ 2000 වසරේදීය.

‘‘2000 පෙබරවාරි 14 වෙනිදා පාන්දර 2ට මම සිංගප්පූරු එයාර්පෝර්ට් එකෙන් බැස්සේ අතේ සතපහක්වත් නැතුව. ඒ වෙලාවෙ මගේ හිතේ තිබ්බ බ-ය මට අදටත් අමතක කරන්න බැ-හැ.’’

එතැන් පටන් සිංගප්පූරුවේ වෙසෙන චීන ජාතික නිවසක ගෘහ සේවිකාවක් ලෙසින් වසර 3ක් සේවය කළ ඇය දෙවනුව සිංගප්පූරුවේ පදිංචිව සිටි ඉන්දියානු නිවසක වසර 4ක කාලයක් සේවය කරන්නීය. ඉන්පසු කලින් කලට තවත් නිවාස කිහිපයකම ගෘහ සේවිකා තනතුරේ සේවය කළ ඇය අවසානයේ යන්නේ ප්‍රංශ ජාතික පවුලක් වෙසෙන නිවසකය. එම නිවසේදී ඇගේ ඉර-ණ-ම කණපිට පෙ-රලෙ-න්නේ ඇයත් කිසිවිටෙක නොසිතූ පරිදිය.

‘‘ප්‍රංශ ජාතික ගෙදර වැඩ කරපු කාලේ ගෙදර නෝනා මට හැමවෙලාවෙම කිව්වා නිදහසක් තියෙන වෙලාවට අලුත් දෙයක් ඉගෙනගන්න කියලා. ඒ අය කිව්වෙම හැමදාම ගෙවල්වල වැඩ කරන්න බලාගෙන ඉන්න එපා කියලා. එහෙම කියලා ඉංග්‍රීසි භාෂාවයි, ව්‍යාපාර කළමනාකරණයයි ඉගෙනගන්න මාව පංති පවා යැව්වා.’’

ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාව අවසානයේදී එම නිවසේ වැඩ කරන අතරතුරම ඇය විවිධ ස්වයං රැකියා කිරීමට අත්හදා බැලුවාය. නමුත් ඒවා සාර්ථක වුණේ නැත. එයින් ඇතිවූ අපේක්ෂා භං-ගත්ව-ය නිසා ප-සු-බැස සිටි ඇයව නැවත දිරිගැන්වූයේ ඇගේ ස්වාමි දුව ඔලිවියා ය.

‘‘ඒ කාලෙදි මම ලංකාවෙ ඉන්න හිතවත් අයට කියලා ඔලිවියා නෝනාට පාවිච්චි කරන්න තේ කොළ ගෙන්නලා දුන්නා. ඒ අයත් ලංකාවේ තේ වලට ගොඩක් ආසා වුණා. පස්සේ කාලෙක ඔලිවියා නෝනා මට කිව්වා ‘නිලූ ඔයා අපට බොන්න තේ ගෙන්නනවා වගේ මෙහෙට තේ කොළ ගෙනල්ලා ඔන්ලයින් ක්‍රමයට විකුණන්න පටන් ගන්න’ කියලා.

03

 

04

ඇත්තටම සිංගප්පූරුව වගේ රටක අපි වගේ අයට ව්‍යාපාරයක් පටන් ගන්න එක ලේසි නැහැ. ඒත් ඔලිවියා නෝනා මම එයාගෙ ගෙදර වැඩ කරන කෙනා කියලා හිතන්නැතුව මාව හැමවෙලාවෙම දිරි ගැන්නුවා. ඒක නිසා මමත් හිතුවා තේ ව්‍යාපාරය සුළුවට පටන් අරන් ජීවිතේ අභි-යෝ-ගයට මුහුණ දෙනවා කියලා.’’

පසුව ඇය 2012 වසරේදී මෙරට හිතවතුන්ගේ මාර්ගයෙන් ගෙන්වාගත් තේ ‘නැචුරල් ප්‍රඩක්ට් බයි නිලූ’ නම් වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමවේදය (ඔන්ලයින්) ඔස්සේ සිංගප්පූරු ජනතාවට අලෙවි කළාය.

‘‘ටික කාලයක් යද්දි අපේ තේ වලට ඒ රටේ අයගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඊටපස්සෙ මගේම කියලා තේ ව්‍යාපාරයක් ටිකක් ලොකුවට පටන් ගන්න මගේ හිතේ ආසාවක් ඇතිවුණා.’’

ස්වාමිදුවගේ පෙරැත්තයට තේ කොළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පටන් ගැනීමට සිතුවද නන්නාඳුනන රටක එවැනි දෙයක් කිරීම ඇය සිතූ තරම් පහසු දෙයක් වුණේ නැත. නමුත් එන විදිහකට මුහුණ දීමට හිතට ධෛර්යය ගත් ඇය අවසන සිංගප්පූරුවේදීම ‘නිලූ ටී’ නමින් ව්‍යාපාරයක් අරඹන්නීය. ඒ 2018 වසරේදීය.

‘‘ඒ වෙද්දි මගෙ ළඟ සන්තකේටම තිබුණෙ අවුරුදු 16ක් ගෙවල්වල වැඩ කරලා හොයාගත්ත ලක්ෂ 18ක් වගේ මුදලක් විතරයි. පස්සෙ මම ඔලිවියා නෝනගෙත් උදව් ඇතිව ව්‍යාපාරයට අවශ්‍ය කටයුතු සූදානම් කරගත්තා. මම ලංකාවට ඇවිල්ලා මගේ ළඟ තිබුණු මුදල් යොදවලා තේ කිලෝ 50ක් සිංගප්පූරුවට අරන් ගියා.

ඊට පස්සෙත් වෙනම කිලෝ 90ක් සිංගප්පූරුවට ගෙන්න ගත්තා. එදා ඒ විදිහට පටන් ගත්ත තේ ව්‍යාපාරයට අද වෙනකොට සිංගප්පූරුවේ හොඳ පාරිභෝගික පිරිසක් හැදිලා ඉන්නවා. ඒ වගේම මගේ උත්සාහයෙන් ව්‍යාපාරය ඉහළ තැනකට ගෙනල්ලත් තියෙනවා. ඒ වගේම අද වෙනකොට මගේ ව්‍යාපාරය ඉහළ ආදායමකුත් ලබනවා. මම ලංකාවෙ හිටියත් එහෙ ඉන්න සේවකයො ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා.

ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි ඇයි ‘නිලූ ටී’ ලංකාවෙ නැත්තෙ කියලා. ඒකට හේතුව තමයි මට මුලින්ම ඕන වුණේ ජාත්‍යන්තර වෙළෙඳපොළට යන්න. අද වෙනකොට මම ඒක සාර්ථකව ජය අරන් තියෙනවා. මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි මේ කොරෝනා උවදුර පහව ගියාට පස්සේ ‘නිලූ ටී’ ලංකාවේ අය අතරටත් ගේන එක.’’

ඇය කියන්නීය.

අවුරුදු විස්සේදී ගෘහ සේවිකාවක් ලෙසින් සිංගප්පූරුවට ගිය ඇය, අද සිංගප්පූරුවේ තමන්ගේම ව්‍යාපාරයක හිමිකාරිනියකි.

‘‘මගේ දෙමව්පියෝ නැතිවෙනකොට සහෝදරයෝ පස්දෙනෙක්ගේ වගකීම ඇරෙන්න මට ඉතුරු වුණු දෙයක් නැහැ. හොඳට ඉගෙනගෙන තැනකට යන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණත් ඒ බලාපොරොත්තු මගේ සහෝදරයෝ වෙනුවෙන් මම කැපකළා. මට ඉගෙනගන්න බැරි වුණත් මම ඒ අයට ඉගැන්නුවා. හැබැයි මම ජීවිතේ ප-ස්ස-ට ගියේ නැහැ. මට නම් හිතෙන්නෙ අපේ ජීවිත ජීවත් කරවන්නෙ බලාපොරොත්තු කියලා.’’

ලිහිණි මධුෂිකා – ධරණි පුවත්පත ඇසුරෙනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x