ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

කුකුල් කෑල්ල තනිකඩයි – තරුණයින්ට හොඳ කලක්

තවම මගේ ජීවිතේ ඇතුළෙ එහෙම කෙනෙක් නෑ. ඒ වගේම එහෙම එන්න උත්සාහකරන කෙනෙකුත් තවමනම් නැති පාටයි.

ඒත් දැන් තේරුම් අරගෙන ඉන්නව ආදරේටනෙ එහෙම කියන්නේ කියලා.

රංගන ක්‍ෂේත‍්‍රයට පය තියල පුංචි කාලයක් ඇතුළත හැමෝගෙම කතා බහට ලක්වෙන චරිතයක් වීම කෙනෙකුට ආශිර්වාදයක්. ඇයත් ඒ ආශිර්වාදයට ලක්වුණ තරුවක්. නිර්මාණයේදී නම ජානකී වුණත් මේ වෙද්දී බොහෝ දෙනෙක් කුකුළගේ දුව කිකිළි පැටියා, උළු කැටේ, උළු චූටි කියල අමතන්නෙ ඒ ප‍්‍රසිද්ධිය නිසා. නාඩගම්කාරයෝහි ජානකීට සාධාරණය ඉටුකරන්න ගිහින් නම් ගොඩකට මැදිවුණ ඇය සැබෑ දිවියේ මධුෂානි පෙරේරා…

අහම්බෙන් රංගනයට පිවිසුනත් අද ඔබ කතාබහට ලක්වෙන චරිතයක්. අපි ඒ අතීතයට යමුද? 

ඇත්තම කිව්වොත් මගේ රංගන ජීවිතේට මේ වෙද්දි ලොකු අතීතයක් නෑ. 2019 අවුරුද්දෙ රාවණ ටෙලි නාට්‍යයේ සීසන් ටුූ වලදී මන්දෝදරී කුමරියගේ චරිතයට කෙනෙක් සොයමින් ඉන්න අතරෙ මගේ යාළුවෙක් තමයි මට මේ තැන හදල දෙන්න මගේ ෆොටෝස් යවල ලොකු කැපවීමක් කරන්නේ. කොහොම හරි ස්කී‍්‍රන් ටෙස්ට් එකෙන් සමත් වෙලා මම ඒ සඳහා තේරුණා.

අහම්බෙන් වුණත් රාවණ හරහා අපේ කාලේ මන්දෝදරී වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ? 

බොහෝ දෙනෙක් ආදරය කරන පූජනීය චරිතයක් මගේ ප‍්‍රථම රංගනය සඳහා ලැබීම ඇත්තටම වාසනාවක් විදියට තමයි මම සලකන්නෙ. එ් වගේම රජ කතාවක කුමාරියක් වෙලා ක්‍ෂේත‍්‍රයට පයතියන්න ලැබීම ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

බොහෝ දෙදෙනකුගෙ ආදරණීය ප‍්‍රතිචාර ගලාගෙන එද්දී එදා ගුවන් සේවිකාවක් වීමට සිහින මැව්වෙ අ-ප-රා-දෙ කියලත් හිතෙනව ඇති නේද? 

ඒ කාලෙ මම ඒ වෘත්තියට ගොඩක් ආසාවෙන් හිටියා. ඒත් නොහිතපු විදිහට අද මේ ලැබිල තියෙන තැනට මම දැන් ගොඩක් කැමතියි.

රංගන ක්‍ෂේත‍්‍රයට එනවට අ-ක-මැති වුණ තාත්තා අද බොහෝ සේ එකම දුවගේ දක්‍ෂතා දැකලා ලොකු සතුටක් විඳිනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ.

මම හිතන්නෙ මුල්කාලේ තාත්තා හිතුව ගෑනු ළමයෙක් විදියට මම රඟපාන්න යොමුවෙන එක ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි කියලා. මොකද ගොඩක් වෙලාවට ඔය වගේ ම-තිමතා-න්තර සමාජයේ ගැවසෙනව වැඩියිනෙ. ඒත් පස්සෙ කාලෙකදි තාත්තම හිතල බලන්න ඇති ඒ දේවල්වල සත්‍යතාවයක් නෑ කියලා. අද තාත්ත තමයි ගෙදර හැමෝටම කලින් ටෙලිවිෂන් එක ඉස්සරහ වාඩිවෙන්නෙ නාට්‍යය බලන්න.

01

 

02

නාඩගම්කාරයෝ ඔබේ දිවියේ සුවිශේෂී කඩඉමක්. ලැබුණ අවස්ථාව ගැන මොකද හිතන්නෙ. 

ඇත්තටම කිව්වොත් මගේ වාසනාවට ලැබුණ අවස්ථාවක් තමයි මේ. මුලින්ම මේ නාට්‍යයේ ස්කී‍්‍රන් ටෙස්ට් එකට මට එන්න කිව්වේ ගැමි තරුණියකගේ චරිතයක් සඳහා. ඒත් ලැබුණේ මේ චරිතය. මම භාරගත්තා. මොකද අවස්ථාව කියන එක අපේ ජීවිතවලට ගොඩක් වටිනවා. ඒ අවස්ථාවට නිසි වටිනාකමක් දීම තමයි මේ ප‍්‍රතිචාරවලට හේතුව.

රංගනයත් එක්ක කාර්යබහුල වෙද්දි මෙතෙක් නියැලූන නිරූපණ ක්‍ෂේත‍්‍රයේ වැඩ වගේම ටීවී කමර්ෂල් තුළම රැුඳුනනම් හොඳයි කියල හිතෙනවත් ඇති නේද?

රංගනයේ යෙදීම තුළ වැඩි වෙහෙස මහන්සියට පත්වෙලා අවිවේකී වෙන එක ඇත්ත. ඒත් නාට්‍යය නරඹලා ආදරණීය පේ‍්‍රක්‍ෂකයො කරන ඇගයීම් ලබාදෙන ප‍්‍රතිචර නිසා ඉබේම ඒ වෙහෙස මහන්සිය නිවෙනවා.

මේ වෙද්දි මධුෂානි වගේම නාට්‍යයේ ඔබේ නම ජානකී කියන නම් යටපත්වෙලා මගතොටේදී වෙනත් නම්වලින් අමතනව කියන්නෙ ඇත්තද? 

ඔව්. සමහරු කුකුළගේ දුව කිකිළි පැටියා, උළු කැටේ, උළු චූටි කියන නම්වලින් කතා කරනවා. මුලදිනම් මම ඒකට කැමති වුණේ නෑ. ඒත් දැන් තේරුම් අරගෙන ඉන්නව ආදරේටනෙ එහෙම කියන්නේ කියලා. ඒ විදියේ ආමන්ත‍්‍රණ මටත් දැන් විනෝදයක් වෙලා.

මාලන්ගේ කම්මුලට ඒ තරම් වේගයෙන් ග-හ-න්න ජානුට පුළුවන් වුණේ සැබෑ ජීවිතේ මධුෂානි නපුරු කෙල්ලෙක් නිසා නේද? 

අනේ නැහැ. මම එහෙම න-පු-රුක-ම් කරන සැ-ර-ප-රු-ෂ කෙනෙක් නෙමෙයි. පොඞ්ඩ බැ-රි වෙනකොට ජානුගෙ තියෙන ක-ටවාච-ලකම් නිසා අහිංසක කම යටපත්වෙලා කිව්වොත්.

ඒ ඉතින් නාට්‍යයේ චරිතය හරියට කරන්න ඕන නිසානේ. ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි රඟපෑම කරන විදියටම තමයි සැබෑ ජීවිතෙත් හැසිරෙන්නෙ කියලා. මාව දැකලත් සමහරු අහල තියෙනවා ඇත්තටම එයාමද මේ කියලා. ගොඩක්ම මම කතාකරන විලාශයට තමයි රසිකයන්ගෙන් බැ-නු-ම් අහන්නෙ.

මේ විදියට ගිහින් මධුෂානි අපේ රටේ විකට නිළියක්ම වෙයිද? 

එහෙම වෙන්නනම් මගේ කිසිම කැමැත්තක් නෑ. නාඩගම්කාරයෝ පටන් අරගෙන ටික දවසකිනුත් මට ඒ වගේම තවත් චරිතයකට ආරාධනා ලැබුණා. ඔය හේතුවත්් කාල වේලාව පිළිබඳ ගැ-ටලූ-වත්් නිසා මම සම්බන්ධ වුණේ නැහැ. විවිධ චරිත හරහා පේ‍්‍රක්‍ෂකයෝ අතරට යන්න තමයි මම කැමති.

මාලන්ට දීපු කම්මුල් පා-ර දැකල මධුෂානිගේ පෙම්වතා මොනවද කිව්වෙ? 

තවම මගේ ජීවිතේ ඇතුළෙ එහෙම කෙනෙක් නෑ. ඒ වගේම එහෙම එන්න උත්සාහකරන කෙනෙකුත් තවමනම් නැති පාටයි.

03

 

04

ඒ කියන්නේ පිරිමි ළමයි ඔබට බ-ය-වෙලා? 

ඒකනම් දන්නෙ නෑ. ඒත් දැන් අම්මයි තාත්තයි කියන්නෙත් ඔය කෑ-ග-හ-න විදියට මනමාලයෙක් හොයන එකනම් ලේසි වෙන එකක් නෑ කිියලයි.

සැබෑ ජීවිතේට මාලන් වගේ පෙම්වතෙක් ආදරය පතාගෙන ආවොත්? 

අනිවාර්යයෙන්ම පේ‍්‍රම නොකර ඉන්නවා. මොකද එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න මට නම් අ-මා-රු-යි. මැ-රෙ-න-කම් ඒ කෙනා එක්ක අපි ජීවත් වෙන්නත් ඕනනෙ.

ඉදිරි රංගන කටයුතු මොන විදියටද සැලසුම් වෙලා තියෙන්නෙ? 

රාවණ සීසන් ටූ ඉවරවෙලා සීසන් තී‍්‍ර වල රූගත කිරීම් අතරේ වගේම නාඩගම්කාරයෝ නාට්‍යයේ රූගත කිරීම් අතර තමයි මම ඉන්නේ. කොවිඞ් නිසා වැඩ කරනවා නතරවෙනවා. අවස්ථාව ලැබෙන විදියට ඒ නර්මාණ වල මගේ චරිත දෙකට සාධාරණයක් ඉටුකරන්න තමයි මම හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ.

ධම්මික හේවාවසම් – නවලිය පුවත්පත ඇසුරෙන් 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x