දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

විදුලිබල ඇමතිත් තාම දන්නේ නෑලු

‘මම දන්න තරමින් කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණලා නෑ, ඒ ව්‍යාපාරයේ කොටසක් තමයි දීලා තියෙන්නෙ. ඒකත් 40% ක් විතරයි.’ මෙසේ පවසන්නේ මෙරට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතායි. සරළව කිවහොත් යුගදනවි බලාගාරය අයත් විෂයබාර අමාත්‍යවරයායි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ එකතුවීමෙන් ව්‍යාපාර සිදු කරන බවට පසුගිය මැතිවරණයේදී තම පක්ෂය ජනතාව වෙත ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේදී ඇතුළත්ව ඇති බැවින් මෙම ගිවිසුම ආණ්ඩුවට ලැබී ඇති ජනමතයටද එකඟ බවයි.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීම හරහා විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදනයට හෝ මිල නියාමනයට ඔවුන්ගේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවන බවත්, ඒ සියල්ල රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ නිසා මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවද ලොකුගේ ඇමතිවරයා සඳහන් කරනවා.

කෙසේ නමුත් වෘත්තීය සමිති, විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසන්නේ යුගදනවි බලාගාරයේ කොටස් 40% ක් ඇමරිකානු සමාගමකට පැවරීමට වඩා මෙම ගිවිසුමේ ඇති භයානක තත්වය වන්නේ විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගෑස් සැපයීමේ පූර්ණ අයිතිය අදාල සමාගමට පැවරීම බවයි. ඒ හරහා විදුලි නිෂ්පාදනයට සෘජුව බලපෑම් සිදු කිරීමට අදාල සමාගමට අවසර හිමිවන බව ඔවුන් පෙන්වා දෙනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x