ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

අතේ ඇති මුදලට සරිලන වාහනයක් තමයි මගේ තේරීම

සචිනි නිපුන්සලා කියන්නෙ කවුරුත් ආදරේ කරන නිවේදිකාවක්. ඒ රසික ආදරේ එක දවසකින් දිනාගත්ත දෙයක් නෙවෙයි. පුංචි තැනින් පටන් අරගෙන පියවරෙන් පියවර ඉස්සරහට ඇවිත් තමන්ගෙ හැකියාවෙන් ජීවිතේ ජය ගන්න අද ඇය සමත්වෙලා තියෙනවා. ඉතින් අද අප ඔබ ආදරේ කරන සචිනිව එකතු කරගන්න හිතුවා.

සචිනි මේ දවස්වල ජීවිතේ කොහොමද? 
මේ දවස්වල දෙරණ රූපවාහිනී නාලිකාවෙ වැඩ ටික කරගෙන ඉන්නවා. ඇත්තටම මේ අවුරුද්දෙ අලූතෙන් වැඩ කීපයක්ම කරන්න දෙරණ සූදානමින් හිටියත් කොවිඞ් නිසා පොඩි විරාමයක් තබන්න අප හැමෝටම සිදුවුණා. ඉතින් සී-මා සහිත වැඩසටහන් ප‍්‍රමාණයක් තමයි මේ දවස්වල විකාශය වෙන්නෙ.

ආපස්සට හැරිලා බලද්දී මොනවද හිතෙන්නෙ ? 
නිවේදිකාවක් විදියට මේ ලැබෙන රසික ආදරේ ලබන්න ඇත්තටම මං ගොඩක් පිං කරලා තියෙනවා. හැකියාව තියෙන අය ඕනෙ තරම් ඉන්නවා. ඒත් ඒ හැකියාවෙන් ඉස්සරහට යන අය බොහොම අඩුයි. ඒ අතින් මම හරි වාසනාවන්තයි. හැබැයි මං මේ ගමන ආවෙ ගොඩක් මහන්සි වෙලා. ඒ මහන්සියෙ ප‍්‍රතිඵල අද ලැබිලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

ඉස්සරහට මොන වගේ වෙනසක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ? 
වැඩසටහන් පැත්තෙන් නම් ලොකු වෙනසක් රටේ පවතින වාතාවරණයත් එක්ක බලාපොරොත්තු වෙන්න බැ-හැ. ඒත් පෞද්ගලික ජීවිතේ පැත්තෙන් විවාහයත් එක්ක ලොකු වෙනසක් ජීවිතේ අත්විඳිනවා. මොකද මං පවුලෙ එකම දරුවා විදියට අම්මගෙ පස්සෙන්ම දැවටි දැවටී හිටපු කෙනෙක්. ඒත් අද අපි වෙනම පවුලක්. එදා මගේ වැඩ කළේ අම්මා. අද මට තනිවම ඒ වැඩ කරගන්න වෙලා. ඒත් ඒ ස්වාධීන බවට මං කැමැතියි. ඉතින් ගොඩක් සතුටින් අපි අපේ ජීවිතේ ගෙවනවා. අලූතෙන් ගෙයක් හදන්න වාහනයක් ගන්න ප්ලෑන් කරනවා.

කියන්නකො මේ දවස්වල සචිනි පාවිච්චි කරන වාහනේ මොකක්ද ? 
මේ දවස්වල මම පාවිච්චි කරන්නෙ Vitz වර්ගයේ කාර් එකක්.

01

 

02

ඒ ඔබේ මුල්ම වාහනේද? 
නැහැ, මගෙ මුල්ම වාහනේ Wagon R එකක්. ඒ වාහනේ ගන්නකොට මට අවුරුදු 23 යි. ඇත්තටම ගොඩක් අය හිතන්නෙ මුලින් ගෙයක් දොරක් හදා ගන්න. ඒත් මගේ වැඩත් එක්ක මං අදහස් කළා මටම කියලා වාහනයක් තිබුණොත් හොඳයි කියලා. ඒ වාහනේ අවුරුදු තුන හමාරක් විතර පාවිච්චි කරද්දී තමයි මට Vitz එක ගන්න හිතුණෙ. කොහොමත් ඉතින් මම නිතරම උත්සාහ කරන්නෙ මට දරන්න පුළුවන් විදියට අතේ ඇති මුදලට සරිලන වාහනයක් තෝරාගන්න.

ඉස්සරහට ගන්න හිතා ගෙන ඉන්නෙ මොනවගේ වාහනයක් ද? 
මං පාරෙ යනකොට අවුඩි එකක් රේන්ජ් රෝවර් එකක් දැක්කම ආසා හිතෙනවා. ඒත් තවම මට එතැනට යන්න පුළුවන්කමක් නැහැ. අනෙක මම එහෙමම කියලා වාහනවලට ලොකු ඇ-බ්බැ-හි වීමක් නැහැ. මගේ අවශ්‍යතාවට ගැළපෙනවා නම් ඒ ප‍්‍රමාණවත්.

වාහනයක් ගන්න කොට විශේෂයෙන් මොනවද හිතන්නෙ ? 
මම කවදාවත් පාවිච්චි කරපු වාහනයක් ගන්නෙ නැහැ. මොකද මට වාහනයක් බලලා එහි තත්ත්වය තීරණය කරන්න දැනුමක් නැති නිසා මග හිටින වාහනයක් අරගෙන පාරට දැම්මොත් පාරෙ යන එන හැමෝම අ-පහ-සු-වට පත්වෙනවා. ඒ වගේම පාට ගැනත් හිතනවා. මං ගොඩක් කැමැති සුදු පාටට. හැබැයි අවුඩි එකක් නම් කළු පාට තමයි තෝරාගන්නේ.

03

 

04

අපේ රටේ වාහන පදවන අයගෙනො-ඉව-සිලි-මත්කම ගැන සචිනිට මොකද හිතෙන්නෙ ? 
මට මතකයි… මං වාහන පදවන්න ගත්ත මුල් දවස්වල ඒ කියන්නෙ ලයිසන් එක ගත්ත අලූත, මට වාහන පදවන ට‍්‍රැක් එක ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නෑ. ඒ කාලෙ පාරෙ යන අය මට ඒ ගැන කියලා දුන්නු අවස්ථා තිබුණා. එල් බෝර්ඞ් එක ගහගෙන වාහනේ පුරුදු වෙන කාලෙ මං පාරෙ ඉන්න අයට කියලා වාහනේ රිවස් කරගෙන, පාර්ක් කරගෙන තියෙනවා. හැබැයි ඒ කිසිම වෙලාවක මාව අ-පහ-සු-තාවට පත්කරන්න කවුරුත් උත්සාහ කළේ නෑ. ඒ අය මට උදව් කළා.

ගැහැනු ළමයෙක් විදියට වාහනේ පදවගෙන යද්දි මුහුණ දෙන්නට සිදුවුණු අත්දැකීම් අනන්තවත් ඇති? 
අපේ අයගෙ නීතිගරුක බව බොහොම අඩුයි. අනෙක් කෙනාට ගරු කරන්නෙ නැ-හැ. ඒක ලොකු ප‍්‍ර-ශ්න-යක්. මං හිතන්නෙ වාහනයක් පදවන කොට තමන් වගේම තවත් අය මාර්ගයේ ගමන් කරනව කියන දේ හිතලා වැඩ කළොත් මේ ප‍්‍රශ්නය විසඳගන්න අපට පුළුවන්.

තමාරා පතිරණ – නවලිය පුවත්පතෙනි 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x