ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

අම්මා මුලින් චාමරට කැමති වුණේ නැහැ

පර්පල් රේන්ජ්, ෆ්ලෑෂ් බැක් වේදිකා දෙවනත් වන්නට ‘මගේ රත්තරන් යාළුවෝ අත් දෙක උස්සලා දෙන්න හොඳ අත්පුඩියක්’ කියා කියන ඔහු වේදිකාවෙන් පහළ අත් ඔසවන තරුණ කොල්ලන් සහ කෙල්ලන්ගේ හදවතේ ගායකයා ය.

ඔහුගේ ගීත බර වචන, ගැඹුරු තේරුම් සහිත ශාස්ත්‍රීය හෝ සම්භාව්‍ය ගණයේ ඒවා නොවුණත් වෙරළු ගෙඩි පැහෙන කාලේ.. නුඹ බැන්ද ආලේ.. ආදී ගීතවල මොකක්දෝ අමුතු සුන්දරත්වයක් ඇත. ඒ චාමර රණවක නම් වූ මේ ගායකයාගේ හදවතේ සුන්දරත්වය විය හැකි බවයි අපේ අනුමානය.

කෙසේවෙතත් ඔහු වැනි වෙනස් ‘ජීවන විලාසිතාවක්’ ඇති මිනිසෙකු දරාගැනීම බිරිඳකට නම් හිතන තරම්ම පහසු එකක් විය නොහැකියි. එහෙම හිතන්නට අපිව පොළඹවන විදියේ සටහනක් පසුගිය ජූනි මස 04 වැනිදා චාමර රණවක විසින් ඔහුගේ මුහුණුපොතට එක්කර තිබුණා. ඒ තමයි, “අවුරුදු 18ක් මාව බලාගත්තට ගොඩක් පින් සුදු හාමිනේ…”

අවුරුදු 18ක ඒ රැකබලා ගැනීම ගැන ඔහුගේ බිරිඳ ඉවෝෂා ගුණවර්ධන ‘ධරණී’ට කී කතාවයි මේ.

චාමරත් එක්ක කූ’ඩු වෙන්න කලින් ඔබ මව්පියන් සමඟ ගෙවපු කාලය ගැන මුලින්ම දැනගන්න කැමතියි? 

හොඳයි. දුවලම තුන්දෙනෙක් ඉන්න පවුලක මම වැඩිමලා. අපේ ගෙවල් මීගමුවේ කොච්චිකඩේ. මම ඉගෙනගත්තෙ මාරවිල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ. මගේ අම්මයි, තාත්තයි දෙන්නම රජයේ සේවකයෝ. දැන්නම් විශ්‍රාමිකයි.

චාමරව මුලින්ම දැකපු දවස මතකද? 

ඔව්. ඒක හරිම අහඹු හමුවීමක්.

කොහොමද ඒ හමුවීම සිද්ධ වුණේ? 

මම උසස් පෙළ විභාගේ කරලා පස්සේ ජාඇල ගුරුගේ සමූහ ව්‍යාපාරයේ රැකියාවක් කළා. ඔය රැකියාව කරන අතරේ ගුරුගේ ව්‍යාපාරයේ සභාපතිතුමාගෙ උපන්දිනයට සංගීත සංදර්ශනයක් පැවැත්වුවා. ඒකට සංගීතය සැපයුවේ ‘මාරිම්බා’ සංගීත කණ්ඩායම. චාමර එතකොට මාරිම්බා කණ්ඩායමේ නිත්‍ය ගායකයා. එදා තමයි මම මුලින්ම සංගීත සංදර්ශනයක් බැලුවෙත්. මම මුලින්ම චාමරව දැක්කෙත්, චාමර මාව මුලින්ම දැක්කෙත් එදා.

එදා චාමර කියපු සිංදු මතකද? 

මම එහෙම හරියටම නම් මතක නැහැ. හැබැයි එදා වැඩිපුර ගායනා කළේ බටහිර ගීත බව නම් මතකයි.

එදා චාමර ඔබත් එක්ක කතා කළාද? 

නැහැ. මගේ යාළුවෙක්ගෙන් මගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන ගිහින් තිබුණා. ඊටපස්සේ චාමර මට දුරකතනයෙන් කතා කළා. අපි දෙන්නා නිතර නිතර දුරකතනයෙන් කතා කරන්න පටන් අරන් ටික දවසකට පස්සේ මම කිව්වා අම්මයි, තාත්තයි එක්ක චාමරට අපේ ගෙදර එන්න කියලා. ඉතිං ඔහු ආවා.

01

02

කාත් එක්කද ආවේ? 

අම්මයි, තාත්තයි, යාළුවෙකුයි එක්ක. හැන්දෑවෙ තේ වෙලාවට ආවේ. හැබැයි රෑට කෑමත් කා’ල ගියේ.

අම්මලාගේ කැමැත්ත එදාම ලැබුණද? 

අම්මා මුලින් චාමරට කැමති වුණේ නැහැ. චාමර එතකොටත් ටැටූ එහෙම ග’හ’ලා හිටියේ. ‘එහෙම කෙනෙක් හ’රිය’න්නෙ නැහැ’ කියලා තමයි අම්මා කිව්වේ. අනික සංගීත කණ්ඩායමක ඉන්නවා කියන්නෙ ස්ථිර රැකියාවකුත් නෙමෙයි. අම්මගෙ අකමැත්තට ඒකත් එක හේතුවක් වුණා.

කොහොමද ඉතින් ඔබ අම්මව කැමති කරගත්තේ? 

මම ස්ථිර අදහසක හිටියා චාමර එක්ක තමයි විවාහ වෙන්නෙ කියලා. එතකොට අම්මා තේරුම් ගත්තා මේකට වි’රු’ද්ධ වෙලා වැඩක් නැ’හැ කියලා. ඊටපස්සේ අම්මා අපේ විවාහයට කැමති වුණා.

කොයි කාලෙද විවාහ වුණේ? 

දෙදහස් පහ අවුරුද්දේ. චාමරයි, මමයි හම්බ වෙනකොට අපි දෙන්නට වයස අවුරුදු විසි දෙකයි. අපි විවාහ වුණේ විසි හතරෙදි. ලොකු වෙඩින් එකක් නම් ගත්තෙ නැහැ. ළඟම තුන් හතරදෙනෙක් එක්ක ගිහින් විවාහය ලියාපදිංචි කළා. ඊටපස්සේ චාමරගෙ මහගෙදර පදිංචියට ආවා.

චාමරගෙ ගෙදර තියෙන්නෙ මතුගම. මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක්. කොහොමද අලුත් ජීවිතයට හුරු වුණේ? 

ඔව්. ඔබ කියන දේ හරියටම හරි. විවාහයට කලින් කොච්චිකඩේ ගෙවපු ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් විවාහයෙන් පස්සේ මතුගමදී මට ලැබුණේ. කොච්චිකඩේ ජීවිතේ හරිම කලබලයි. මතුගම ජීවිතේ හරිම නිස්කලංකයි. මම සෑහෙන සතුටු වෙනවා ගමක මෙහෙම නිදහසේ ජීවත් වෙන්න ලැබිලා තියෙන එක ගැන. මගේ නංගිලා දෙන්නා සමහරවෙලාවට කියනවා මම ගමේ ජීවිතයට හුරුවුණු විදිහ එයාලටත් හිතාගන්න බැහැ කියලා.

උපතින් කතෝලිකයෙක් වන ඔබ දැන් හැම පසළොස්වක පෝයටම පන්සලට ගිහින් සිල් ගන්න බව මම අහලා තියෙනවා. ඒක ඇත්තද? 

ඔව්. චාමරත් එක්ක විවාහ වෙලා ගමට ආව නිසා මට ලැබුණු තවත් වටිනාම දෙයක් තමයි බුදුදහම. මම චාමරගේ අම්මත් එක්ක ටික ටික පන්සල් යන්න ගත්තට පස්සේ තමයි බෞද්ධ දර්ශනය වැටහෙන්න පටන් ගත්තේ. කො’රෝ’නා එන්න කලින් මම අම්මත් එක්ක හැම පසළොස්වක පෝයටම පන්සලට ගිහින් සිල් ගත්තා. කොරෝනා නැතිවුණු කාලෙක ආයෙත් සිල් ගන්න යනවා.

ඔබ සිල් ගන්න පටන් ගත්තට පස්සේ චාමරත් සිල් ගන්න පටන් ගත්තා කියන්නෙ ඇත්තද? 

ඔව්. හැබැයි ඒ මෙහෙමයි. චාමරගෙ අම්මයි, චාමරයි, මමයි, අපේ පුතයි හතරදෙනාම තමයි සිල්ගන්න යන්නේ. චාමරගෙ තාත්තට වයසත් එක්ක සිල් ගන්න අ-මා-රු-යි. සිල් ගන්න ගියාට චාමර සම්පූර්ණ දවසම පන්සලේ ඉන්නෙ නැහැ. දවල් දානෙ වෙලාවට සිල් පවාරණය කරලා ගෙදර එනවා. මට ඒ ගැන කණගාටුවක් නැහැ. අපිත් එක්ක වරුවක් හරි චාමර සිල් ගන්න එන එක ගැන මට හරිම සතුටුයි.

චාමර එක්ක ප්‍රේම සම්බන්ධය පටන් අරන් වැඩි කාලයක් යන්න කලින් ඔබ රැකියාවෙන් අයින් වුණේ චාමර රැකියාවට යන්න එපා කියපු හින්දද? 

මෙහෙමයි. අපේ ප්‍රේම සම්බන්ධය පටන් අරන් ටික කාලෙකින් චාමර කිව්වා මට රස්සාවෙන් අ’යි’න් වෙන්න කියලා. මම ඔහු කියන දේ ඇහුවා. වි’රු’ද්ධ වුණේ නැ’හැ. ඊට අවුරුද්දකට විතර පස්සේ තමයි අපි විවාහ වුණේ.

අපි විවාහ වෙලා සෑහෙන කාලයක් යනකම් ලොකු ආර්ථික ස්ථාවරත්වයක් තිබුණේ නැ’හැ. හැබැයි මුල ඉඳලම ලැබෙන ආදායමෙන් කීයක් හරි අපි ඉතුරු කළා. අ’නව’ශ්‍ය වියදම් කළේ නැහැ. ලෝකෙට පේන්න ජීවත් වෙන්න ගියෙත් නැහැ. අපේ ආදායමේ හැටියට ජීවත් වෙලා ටිකින් ටික තමයි ආර්ථික ස්ථාවරත්වය ඇති කරගත්තේ. දැන් අපි බොහොම හොඳින් ජීවත් වෙනවා.

චාමර කියන්නේ නිදහසේ හිතන පතන, වෙනස් ‘ජීවන විලාසිතාවක්’ තියෙන කෙනෙක්. ඒ ‘වෙනස’ දරාගන්න එක ඔබට අ’මා’රු වුණේ නැද්ද? 

මට ටිකක් අ’මා’රු වුණේ චාමර යාළුවො එක්ක කරන ආශ්‍රය. ඔහු නිතරම යාළුවො හමුවෙන්න යනවා. යාළුවො එක්ක ඇවිදින්න යනවා. අපි අතරේ ම’ත ගැ’ටු’ම් ඇතිවෙලා තියෙනවා නම් තියෙන්නෙ ඔය කාරණය නිසා. අපි විවාහ වුණු මුල් කාලෙ මම චාමරත් එක්ක ඔය කාරණය නිසා පුංචි පුංචි ර’ණ්ඩු අල්ලගෙනත් තියෙනවා. ඕක අරුණම අපි අතරේ වෙන ලොකු ප්‍ර’ශ්න නම් ඇතිවෙලා නැහැ. මට මුලදි ඔහුව ද’රාග’න්න අ’මා’රු වුණා. දැන් මම ඒකට හුරුවෙලා ඉන්නේ.

ඔබයි චාමරයි සපුරා වෙනස් දෙන්නෙක් කියන්නෙ ඇත්තද? 

ඔව්. ඒක නම් හරියටම හරි. චාමර හරිම විවෘත කෙනෙක්. මම හරිම ගු’ප්ත කෙනෙක්. හැබැයි ඒක නිසා අපි අතරේ කවදාවත් ප්‍’රශ්න ඇතිවෙලා නම් නැහැ.

ඔබයි, ඔබේ නැන්දම්මයි, ලේලියි නැන්දම්මයි වගේ නෙමෙයි හරියට අම්මෙකුයි දුවෙකුයි වගේ කියලා මම අහලා තියෙනවා? 

ඒක ගැන නම් කියන්නම ඕනෑ. අපේ විවාහයට දැන් අවුරුදු පහළොවකට වැඩියි. චාමර පවුලෙ එකම දරුවා. විවාහ වුණු දවසේ ඉඳලම අපි ජීවත් වෙන්නෙ චාමරගෙ අම්මයි තාත්තයි එක්ක. අද වෙනකන් කවදාවත් මායි මගේ නැන්දම්මයි අතරේ ප්‍ර’ශ්න’යක් ඇතිවෙලා නැහැ. අපි දෙන්නා හරි යාළුයි. චාමරගේ අම්මා මට මගේම අම්මා වගේ තමයි. අපේ විවාහය මෙහෙම සාර්ථක වෙන්න අම්මගෙන් ලැබෙන ඒ සහයෝගයත් විශාල පි’ටු’ව’හ’ලක් වෙලා තියෙනවා.

ඔබ චාමරත් එක්ක පුංචි පුංචි ර’ණ්ඩු එහෙම අල්ලද්දිත් අම්මගෙ හැසිරීම වෙනස් නේද? 

ඔබත් දන්න දේවල්. ඒකත් ඇත්ත. මොන දේ වුණත් අම්මා හැමවෙලේම ඉන්නෙ මගෙ පැත්තේ. චාමරයි මමයි අතරෙ වා-ද වි-වා-ද වෙන වෙලාවටයි, අපි දෙන්නට එකඟ වෙන්න බැරි අවස්ථාවලයි අම්මා මගේ පැත්ත තමයි ගන්නේ. මම හරි වුණත් වැරදි වුණත් අම්මා ගන්නෙ මගේ පැත්ත. මම මේ ගෙදරට ආපු දවසෙ ඉඳලම එහෙමයි.

අනිත් කාරණය තමයි අම්මයි චාමරයි වා’ද කරගන්න වෙලාවල් තියෙනවා. හැබැයි අම්මයි මායි අතරෙ කවදාවත් නැන්දම්මා-ලේලි වා’ද ඇතිවෙලා නැ’හැ.

03

 

04

එතකොට ඔබේ මාමණ්ඩි? 

තාත්තත් මට ආදරෙයි චාමරට වඩා. ඒ වගේම මාව විශ්වාසයි චාමරට වඩා.

ඉතින් චාමර ගතු කියන්නෙ නැද්ද දැන් අම්මයි තාත්තයි මටත් වඩා ඔයාට ආදරෙයි කියලා? 

ඔව්. ඔව්. එහෙම කියන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල්වලදී ‘ඔයගොල්ලො ඔක්කොම එක පැත්තක්. මගේ පැත්තට ඉන්නෙ අපේ පුතා විතරයි’ කියලත් කියනවා.

ඔබෙත් චාමරගෙත් විවාහයෙන් අවුරුදු දහයකටත් වැඩි කාලයක් ගියාට පස්සේ තමයි පුතා ලැබෙන්නේ. ඒ කාලෙදි චාමරගෙ හැසිරීම කොහොමද වුණේ? 

මෙහෙමයි. චාමර හරිම මධ්‍යස්ථ කෙනෙක්. ඔහු දෙයක් නොලැබුණා කියලා ගොඩක් දුක්වෙන්නෙවත් ඒ දෙය ලැබුණා කියලා ගොඩක් සතුටු වෙන්නෙත් නැහැ. හැබැයි චාමර පවුලේ එකම දරුවා. ඒ වගේම පුතා. ඒ විතරකුත් නෙමෙයි, රටම දන්න කෙනෙක්. එහෙම පසුබිමක අවුරුදු දහයක් ගෙවෙන විටත් අපිට දරුවෙක් නොලැබුණා කියලා චාමර මාව පී-ඩා-ව-ට පත් කළේ නැ-හැ. මම හිතින් වැටුණෙත් නැහැ. දරුවෙක් තවමත් නැත්තේ ඇයි කියලා හිතින් තැවි තැවි ඉන්නේ නැතුව ජීවිතේ අනෙක් දේවල් මම හොඳින් කරගෙන ආවා.

එතකොට ඔබේ නැන්දම්මා? 

ඇය මට දුන්න ශක්තිය වචනයෙන් කියන්න බැරිතරම්. දරුවෙක් ලැබෙන්න ප්‍රමාද වෙන එක ගැන චාමරගෙ අම්මා කවදාවත් වචනෙකින්වත් බැල්මකින්වත් මගේ හිත රි-ද්ද-ලා නැහැ. දරුවෙක් ලැබෙන්න පරක්කු වෙද්දි කොළඹ පෞද්ගලික රෝහලකින් මම සෑහෙන ට්‍රීට්මන්ට් කළා. ඒ දවස්වල අපිට වාහනයක් තිබුණෙත් නැහැ. මතුගම ඉඳලා බස් එකේ තමයි කොළඹ ආවේ. ඒ කාලෙ හයිවේ එක තිබුණෙත් නැහැ.

ඔය ගමනට මාත් එක්ක වැඩිපුරම කොළඹ ආවේ නැන්දම්මා. චාමර ආවෙ අත්‍යවශ්‍ය වෙලාවට විතරයි. මොකද ඔහු සංගීත ප්‍රසංගවලට යනවා. නිදි වරනවා. කාර්යබහුලයි. ඒ කාලය ශක්තිමත්ව ගෙවාගන්න මගේ නැන්දම්මා ඒ තරම් විශාල සහායක් මට දුන්නා. ඒ වගේම මගේ අම්මත් මට ලොකු ශක්තියක් වුණා. අම්මා මට කිව්වා ‘බ-ය වෙන්න එපා ඔයා අම්මා කෙනෙක් වෙනවාමයි’ කියලා.

මොකක්ද මේ කවදාවත් තනියම ගේට්ටුවෙන් එළියට ගිහින් නැති කතාව? 

ඒකත් සුවිශේෂී දෙයක්. ඔබ විශ්වාස කරයිද නැද්ද දන්නෙ නැහැ මේ කතාව. මම විවාහ වෙලා චාමරගෙ ගෙදරට ආපු දවසෙ ඉඳන් අද වෙනකම් මේ ගේට්ටුවෙන් එළියට තනියම ගිහින් නැහැ. ගේට්ටුවෙන් එළියට යන ගමන් ගිහින් තියෙන්නෙ චාමර එක්ක හරි අම්මා එක්ක හරි විතරයි.

පුතා ලැබුණම චාමරගෙ ප්‍රතිචාරය වුණේ කොහොමද? 

මම කලිනුත් කිව්වා වගේ චාමර හරිම මධ්‍යස්ථ කෙනෙක්. දරුවෙක් නොහිටිය කාලෙත් ඔහු ඒක උපේක්ෂාවෙන් දරාගත්තා මිසක් ලොකුවට දුක් වුණේ නැහැ. චාමර මටත් කිව්වේ ‘ඔය ගැන ඕනවට වඩා දුක්වෙන්න එපා, දරුවො හිටියත් නැතත් අපි කවදාහරි මැ-රෙ-නව-නෙ’ කියලා.

පුතා ලැබුණම චාමර හරිම සතුටු වුණා. හැබැයි ඒ සතුටේ අන්තයට ගියේ නැහැ. මම ඊට වඩා වෙනස්. පුංචි දේකදිත් ගොඩක් දුක් වෙනවා. සතුටු වෙනවා.

අලුතෙන් ගීතයක් නිර්මාණය කරද්දි චාමර ඔබේ අදහසුත් විමසනවද? 

චාමර ගායනා කරන චාමරගෙ හැම ගීතයක්ම ලිව්වේ ඔහුමයි. මුලින්ම ඔහු කරන්නේ පැත්තකට වෙලා ගීතය ලියන එක. ඊටප්සසේ අම්මටයි මටයි එන්න කියනවා. අපි දෙන්නා ඉස්සරහ ගිටාර් එක ගහන ගමන් ගීතය ගායනා කරනවා. සිංදුව ලස්සනයිද, වචන හොඳයිද කියලා අපි දෙන්නගෙන් අහනවා. අපි එතකොට අපේ අදහස් කියනවා. අපේ අදහස් පිළිඅරන් වචන වෙනස් කරපු අවස්ථාත් තියෙනවා.

ඔය විදිහට සිංදුවක් මුලින්ම අපට අහන්න කියන වෙලාවට අම්මයි මමයි මොන වැඩේ කර කර හිටියත් ඒක නවත්තලා සිංදුව අහන්න ඕන. කුස්සියෙ උය උයා හිටියත් ඒක නවත්තලා සිංදුව අහලා අපේ අදහසුත් කියලා තමයි ආපහු උයන්න පටන් ගන්නේ.

ඔබට සිංදු කියන්න පුළුවන්ද? 

අනේ බැහැ. මට සිංදු කියන හැකියාව නැහැ.

ගෙදර පාටි එකකදිවත් සිංදුවක් කියලා නැද්ද? 

ඒත් නැහැ.

සිංදුවක් කියන්න උත්සාහ කරමු කියලා චාමර කියලත් නැද්ද? 

එහෙමත් නැහැ.

පුතාට දැන් අවුරුදු පහයි. පුතා ගීත ගායනා කරන්න උත්සාහ කරන අවස්ථා තියෙනවද? 

තාත්තා ගීත ගායනා කරන වෙලාවට පුතා තාලෙ අල්ලන වෙලාවල් තියෙනවා. අපි වෙඩින් එහෙකට එහෙම ගියහම චාමර ගීත ගායනා කරන වෙලාවට පුතත් ස්ටේජ් එකට න-ගින-වා. පුංචි කාලෙ ඉඳලම පුතාට ඒවා පුරුදුයි.

පුතත් අනාගතේදි ගායකයෙක් වෙනවට කැමතිද? 

ඔව්. මමයි චාමරයි දෙන්නම කැමතියි. අපි පුතාට හොඳින් උගන්වනවා. කැමති මාර්ගය පුතා අනාගතයෙදි තෝරා ගනී.

පසුගිය දිනක විකාශය වුණු ‘ටෝක් විත් චතුර’ වැඩසටහනේදි චාමර ‘සුදු හාමිනේ’ කියලා බොහොම ආදරෙන් ඔබ ගැන කතා කළා. ‘සුදු හාමිනේ’ කියන්නෙ සාමාන්‍යයෙන් ඔබට ගෙදරට ආමන්ත්‍රණය කරන නමද? නැත්නම් ඒක චාමරගෙ වචනයක්ද? 

ඒක චාමරගෙ වචනයක්. චාමර තමයි මට ‘සුදු හාමිනේ’ කියන්න පටන් ගත්තේ.

ඒ වැඩසටහනේදිම චාමර කියනවා ඔබ හරි සැ-ර-යි කන පා-ත් කරගෙන ඉන්නෙ කියලා. ඇත්තටම එච්චර සැරයිද? 

මම එහෙම සැ-ර වෙන්නෙ චාමර සමහර යාළුවොත් එක්ක ඇවිදින්න යන වෙලාවට විතරයි. අනෙක චාමර දන්නවා මම එහෙම සැ-ර වෙන්නෙ එයාගෙම හොඳටයි මගෙ තියෙන ආදරේටයි මිසක් ත-ර-හ-ට නෙමෙයි කියලා. සැ-ර වෙන්න ඕනි වෙලාවට සැ-ර නොවී චාමරව කො-න්ට්‍රෝල් කරන්න අ-මාරු-යි.

ඉතින් අන්තිමට දැනගන්න කැමතියි මුලදි චාමරට වි-රු-ද්ධ වුණු ඔබේ අම්මා, බෑණා ගැන දැන් මොකද කියන්නෙ කියලා? 

අපි විවාහ වෙලා කාලය ගත වෙනකොට අම්මට තේරුණා චාමර කියන්නෙ කවුද කියලා. අම්මා බෑණට දැන් හරිම ආදරෙයි.

හසිත කුරුප්පු – ධරණී පුවත්පත ඇසුරිනි 

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x